අවංකවම ආදරය කියන්නේ බොරුවක්. ප්‍රෝඩාවක්. බෝධිසත්වයන්ගේ ආදරය මීට අදාළ නැහැ. එම බෝසත් ආදරය, දස පාරමී ධර්මයන්ගෙන් පෝෂණය වුණ ආදරයක්. ඉන් මෙහා ආදරය කියන්නේ බොරුවක්, ප්‍රෝඩාවක්. මේ බොරුව ප්‍රෝඩාව ඔබ අවබෝධයෙන්ම හඳුනා ගන්න නම් ඔබ අකුසලය නිසාම කායිකව, මානසිකව, බිංදුවටම වැටෙන්න ඕනේ. එසේ නොවී ඔබ මේ ආදරය කියන අර්ථයේ තිබෙන බොරුව ඔබ හඳුනා ගන්නේ නැහැ. මාරයා කවදාකවත් පිංවත් ඔබට බිංදුවට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබව බිංදුවට වැටීමට පෙරාතුව කුමන හෝ සැප, දුක්, උපේක්‍ෂා විඳීමක ගොදුරක් කරනවා. මොකද මාරයා දන්නවා ඔබ බිංදුවට වැටුණොත් අනිවාර්යෙන්ම ආදරය නැමති බොරුව ඔබ අවබෝධයෙන්ම අත්දකිනවාය කියන කාරණය. එම නිසාම මාරයාට ඔබව අහිමි වෙනවාය කියන කාරණය.
නමුත් මෙය සටහන් තබන භික්‍ෂුව ගිහි ජීවිතයේදී කායිකව මානසිකව බිංදුවට වැටීමට යත්දී මාරයා මට දිගු කළ කිසිදු සැප, දුක්, උපේක්‍ෂා විඳීමක මම එල්ලුනේ නැහැ. මට අවශ්‍ය වුණා උවමනාවෙන්ම බිංදුවට වැටෙන්නට. මම මාරයා උපක්‍රමශීලීව දිගු කළ මාරයාගේ දෑත අතහැර බිංදුවට වැටුණ නිසා, ආදරය කියන බොරුව ප්‍රෝඩාව අවබෝධයෙන් හඳුනා ගත්තා.
පිංවත් ඔබ මේ මොහොතේත් දෑඟිලි දවටාගෙන එක යහනේ සැතපී, එක පිඟානේ බත් කට කවමින් අත්විඳින සුන්දර ආදරය ගැන මා ලැබු ධර්මානුකූල සත්‍ය අත්දැකීම මට අතිශයින්ම උපකාරි වුණා, පැවිදි වීමෙන් පසුව, ආදරයත්, අනාදරයත් යන අර්ථයන් දෙකම අනිත්‍යවූ සංස්‌කාරයන්ය කියන ධර්මතාවය අවබෝධ කොට ගන්න. මම අද ආදරයත් අනාදරයත් දෙකින්ම මිදුන භික්‍ෂුවක්.