Article
සිල්වත් කෙනාගේ සිල්වත් බව නිසා ලැබෙන ආනිසංස පහක්.
පින්වත් ගෘහපතිවරුනි, සිල්වත් කෙනාගේ සිල්වත් බව නිසා, ආනිසංස පහක් ලැබෙනවා. මොනවද ඒ පහ? පින්වත් ගෘහපතිවරුනි, සිල්වත් කෙනා ඒ සිල්වත් බව නිසා අප්රමාදී කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා එයාට සැප සම්පත් ගොඩක් ලැබෙනවා. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන පළවෙනි ආනිශංසය. පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල්වත් බව තියෙන…
මෛත්රිය වඩමු.
මිත්ර භාවය- අනුන්ට විරුද්ධ නැති බව – අනුකූල බව – අනුන්ගේ යහපත කැමති බව මෛත්රී නමි. මෛත්රී සහගත චිත්තය නැවත නැවත පැවැත්වීම මෛත්රී භාවනාව ය. ධ්යාන ලැබීම සඳහා මෛත්රී භාවනාව කිරීම ය, භාවනාමය කුශලය ලබා ගැනීම සඳහා සාමාන්යයෙන් මෙත් වැඩීමය කියා මෛත්රී භාවනාව කිරීමේ ක්රම දෙකක් ඇත්තේ ය. කවර ආකාරයකට වුව ද මෛත්රී භාවනාව කරන්නට…
සංකීර්ණ වූ ලෝකයට ඉඩ දෙන්න ලෝකයේ ස්වභාවයෙන්ම පවතින්න.
පිංවත සත්යකින්ම ඔබ කැමතියි නේද, අපි ජීවත්වෙන සමාජය, අපි ජීවත්වෙන රට, අපි ජීවත්වෙන ලෝකය මනුෂ්ය ධර්මයන් රජ කරන, අවංක, සත්යවාදී, සමානාත්මතාවයට ගරුකරන සමාජයක්, රටක්, ලෝකයක් වෙනවා දකින්නට. පිංවත එම සත්පුරුෂ සිතුවිල්ල කවදාකවත් යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා සිතලා ඔබ වෙහෙසට පත්වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කර්මය විපාකදෙන හැටි සිතන්න එපාය කියලා. කර්මය විපාකදෙන…
ආහාර ප්රතික්කූල සංඥා භාවනාව.
ශමථ කර්මස්ථාන සතළිසක් ඇත්තේ ය. ඉන් එකක් ආහාරය පිළිබඳ කමටහනෙකි. ඒ කමටහන සිහි කරමින් ආහාර ගැනීම පුරුදු කරගත හොත් ඉතා හොඳ ය. එය කාමරාග සංයෝජනය සිඳ අනාගාමි ඵලයට පැමිණ බ්රහ්ම ලෝකයට යාමට උපකාර වන කර්මස්ථානයකි. ඒ භාවනාව නම් ආහාරයෙහි ඇති පිළිකුල් බව නැවත නැවත සිහි කිරීම ය. ප්රතික්කූල සංඥාවෙන් ආහාර වළඳන්නේ මෙසේය. ආහාර බඳුන ගෙන…
බුදුරජාණන්වහන්සේ ඇසුරේ ඉන්න පිංවතුනි.
පින්වතුනි , අද අපිට media වලින් ගොඩක් මේ ධර්මය ඇහෙනවා. ඒ උනාට මිනිස්සුන්ගෙ පවිත්ර භාවයක් නැති නිසා ඒවා පිළිගන්න මිනිස්සුන්ට හිතෙන්නේ නෑ. අපිට සිද්ද වෙන දේවල් අපි දුක් ඇතිවෙන විදියටයි හිතන්න පුරුදු වෙලා ඉන්නේ පින්වතුනි. ඒවා හිතට සහනයක් ගෙන දෙන විදියට හිතන්න අපිට පුරුදු නෑ . කකුල මදුරුවෙක් කෑවම කකුලේ කෑල්ලක් කපාගෙන ගියා කියලා වගේ…
රූපයට රැවටීම.
පිංවත අපි රූපය වින්දොත්, පටිච්චසමුප්පන්නව තවත් රූපයකට බැසගැනීමට අදාළව සංස්කාර රැස්කොට ගන්නවා. අපි රූපය නොවින්දොත්, අපි එක තැනම නැවතුණා වෙනවා. අපි රූපය විදර්ශනා නුවණින් දැක්කොත්, රූප තෘෂ්ණාවේ නිරෝධයට හේතු වෙනවා. පිංවත ඉහත කාරණා තුනෙන් ඔබ වඩාත් ම කැමති කුමකට ද? දවසින් දවස ලෞකික ප්රඥාවෙන් දුර්වලවෙන සමාජය දෙස බලත්දි අපි දකින්නේ, රූපය විඳින පිරිසේ මහා වැඩිවීමක්….
ධර්මයෙන් ප්රමාද නම් කාලයට නොබනින්න.
පිංවත මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය ඔබට ලැබෙන්නේ, ආජීව අට්ඨමක සීලයේ ආරක්ෂාවෙන් ඔබ මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරගන්නා දානය තුළින්මයි. පිංවත පෙර ජීවිතයේ දී දන් පූජා කිරීම නිසා ඔබ මේ ජීවිතයේ දී වර්ණය, සැපය, බලය ලැබුවා වූ පිංවතෙක් ද? ඔබ මේ ජීවිතයේ දී මහා ධනවතෙක්, බලවතෙක් වුවත්, ඔබ නිරතුරුවම රෝගීභාවයන්ට, සතුරු කරදරවලට, සොරුන්, කප්පන්කරුවන්…
කැමැත්ත අකමැත්ත ඉදිරියේ ධර්මයේ උපේක්ෂාව.
පිංවත ඔබ සිතනවා ද ඔබට කාගෙන් හරි අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවාය කියලා. සමාජයේ ජීවත්වෙන සමහර පිංවතුන් සිතනවා තමන්ට සමාජයෙන්, රජයෙන් විතරක් නොවේ දෙවියන්ගෙන්, අමනුෂ්යයින්ගෙන් පවා අසාධාරණයන් සහ පීඩාවන් සිද්ධ වෙනවාය කියලා. අධික වැසි සහිත කාලයට වැස්ස පීඩා කරනවාය, අධික වියලි කාලයට හිරුඑළිය අපිට පීඩා කරනවාය කියලා කියන පිංවතුන් මොනතරම් නම් අපි අතර සිටිනවා ද? පිංවත…
ඇත්ත වසා දමමින් ප්රශ්න වලින් පලා නොයන්න.
පිංවත, කල්යාණමිත්ර ආශ්රය, සද්ධර්ම ශ්රවණය, නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙනකොට, මනුෂ්ය ජීවිතවල මිච්ඡා ආජීවයෝ වැහි වහිනවා. මෙම මිච්ඡා ආජීවයන්ගේ මහා වැසිවලට තෙමිලා, අහිංසක ජනතාව වයස් භේදයකින් තොරවම බලවත් කර්ම රෝගයන්ට ගොදුරු වෙනවා. අද උදෑසන පිණ්ඩපාත මඩුවට පිළිකා රෝගය වැළඳුණ පිංවතියන් තුන් දෙනෙක් ඇවිත් සිටියා. සංඝ සමාජයේ අපි රකින ශීලයේ ශක්තියෙන්, මෙත් සිතින් ආශීර්වාද කරනවා හැරෙන්නට,…
ඔබේ සුභ නැකත ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
පිංවත සිංහල අලුත් අවුරුදු නැකත් පිළිබඳව සමාජය තුළ මත ගැටුමක් ඇතිවෙලා තිබෙනවා නේද? එක පාර්ශ්වයක් කියනවා රාත්රී කාලයේ යෙදී ඇති අවුරුදු නැකත් නිවැරදිය කියලා. අනෙක් පාර්ශ්වය කියනවා අවුරුදු නැකත් වැරදිය කියලා. පිංවත සුබ නැකතක්, අසුබ මත ගැටුමක් බවට පත්වෙන්න අපි මොනතරම් නම් අකුසලයේ සිරකරුවෝ ද? පිංවත ඉහත ගෞරවනීය ජ්යෝතිර්වේදී පාර්ශ්ව දෙකෙන්, එක පැත්තක්වත් ඔබ ගන්න…