Chamela Aluthgedara

Software Engineer

විතර්කයේ සිරකරුවෙක් නොවෙන්න.

භික්ෂුව උදෑසන පිණ්ඩපාතයේ වඩින ගුරු පාර අද්දර තිබෙන සුසානභූමිය, අද වෙනදාට වඩා එළිපෙහෙළි කරලා. සුසාන භූමියේ අඩක් දිරාගිය ගේට්ටු කණු දෙකේ ළපටි කෙසෙල් කැන් දෙකක් සහිත කෙසෙල් ගස් දෙකක් බැඳලා. අපේම බෞද්ධ පින්වතුන්ගේ ළපටි ඉන්ද්‍රිය ධර්මයන්ට ඔච්චම් කරන්නට වගේ, ගේට්ටු කණු දෙකේ බැඳ දමා තිබූ කෙසෙල් ගස් දෙකේ තිබෙන කෙසෙල් කැන් දෙක පාළු ගුරුපාර දෙස…

Read More

වැස්‌ස වලාහක දෙවිවරු.

වේලාව සවස 5.00ට විතර ඇති. භික්‍ෂුව වැඩසිටින කඳුකර ප්‍රදේශයට වේගයෙන් සුළඟ හමනවා. කඩින් කඩ වැසිත් ඇතිවෙනවා. පරිසරය අඳුරු කරලා තිබෙන්නේ. ලොකු වැස්‌සක පෙරනිමිති පේනවා. මේ වැස්‌සට ගම්වැසියෝ කියන්නේ මහියංගන පෙරහැර වැස්‌ස කියලා. අතුරුභෝග කුඹුරුවල වගාකරලා තිබෙන, ගමේ ගොවි මහත්වරුන්ට මේ වැස්‌ස බලාපොරොත්තු ඉහළ නංවනවා. වැස්‌ස ගැන කථාකරනකොට මතකයට එන්නේ වැස්‌සවලාහක දෙවියන්ව. වැස්‌සවලාහක දෙවියන්ට ලස්‌සන දූවරු…

Read More

වස්තු විනාශයේ හේතු සය.

“සුරාමේරය මජ්ජපමාදට්ඨානානුයොගො ඛො ගහපතිපුත්ත, භොගානං අපාය මුඛං, විකාලවිසිඛා චරියානුයොගො භොගානං අපාය මුඛං, සමජ්ජාභිචරණං භොගානා අපාය මුඛං, ජුත පමාදට්ඨානානුයොගො භොගානං අපාය මුඛං, පාපමිත්තානුයොගො භොගානං අපාය මුඛං, ආලස්සානුයොගො භොගානං අපාය මුඛං. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍ර‍යාට දේශයනය කරන ලද්දකි. එහි තේරුම මෙසේ ය. ගෘහපති පුත්‍ර‍ය, මදයට ප්‍ර‍මාදයට හේතු වන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීම වස්තු…

Read More

වර්තමානයේ නිවරදිව ජීවත්වෙන්න දක්ෂවෙන්න.

චේතනාවයි කර්මයට මුල්වෙන්නේ. අතීත අකුසල් කර්මය, වර්තමාන කුසල් කර්මයෙන් යටපත් කළාය කියනා චේතනාව ඇතිකරගැනීමට ඔබ දක්‍ෂ වෙන්න කියලා. එම නිසා අතීත අකුසල්, වර්තමාන කුසල් ධර්මයන්ගෙන් යටපත්කොට නැගී සිටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. සෑම විටම චේතනාවේ හැඩරුව අනුවයි විඤ්ඤාණය සකස්‌වෙන්නේ කියන කාරණය පැහැදිලි කරදෙන්නයි ඉහත කාරණය සඳහන් කළේ. සමහර පිංවතුන් සිටිනවා අතීතයේ තමන් අතින් සිදුවූ වැරදි…

Read More

ලෝකය විනිවිද දැකිය හැකි සමාධිමත් සිත.

අද කළුවර පොහොය දවස, ගිම්හාන සෘතුවේ පණ්ණරසි පොහොය. මේ සඳ නැති කලුවර රාත‍්‍රියේ, භික්ෂුව කුටියේ සිට තනිවම අධිෂ්ඨාන පොහොය සිදුකරලා, පිරිසිදු භික්ෂු ජීවිතයක හෘදසාක්ෂියෙන් උපන්, විදර්ශනාමය ප‍්‍රීතිය සහ ඵස්සද්ධිය තුළ සිටිමිනුයි, පිංවත් ඔබට මේ සටහන තබන්නේ. සඳ නැති කළුවර රාත‍්‍රිය, මුළු කැලෑ පරිසරයම ඝණ අන්ධකාරයෙන් ගිලගත්තත්, ඒ ඝන අඳුරේ භික්ෂුවගේ සිත, සප්තබොජ්ඣංගයන්ගෙන් ආලෝකමත්වයි තිබෙන්නේ. අද…

Read More

ලොව්තුරා බුදුරාජාණන් වහන්සගේ සරණ, පිංවත් ඔබේ ජිවිතයේ සැබෑම සරණ කොට ගන්න.

බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ යහපත උදෙසා, දුක තුනීකිරීම උදෙසා, දුකෙන් මිදීම උදෙසා ධර්මයෙන් අනුශාසනා කරනවා. පූර්වේනිවාසානුස්‌සති ඥානයෙන්, චුතූපපාත ඥානයෙන් සත්වයා සංසාරිකව විඳි දුකත්, විඳින දුකත්, අනාගතයට උරුම දුකත් බුදුරජාණන් වහන්සේ තතුසේ දකිනවා. බුදුරජාණන් වහන්සේ යමකුගේ ඇස දකිද්දී, බුදුරජාණන් වහන්සේට එම ඇස පෙනෙන්නේ මහා සාගරයක්‌ වගේ. කන, නාසය, දිව, ශරීරය, මනස පෙනෙන්නේ මහා සාගරයක්‌සේ. ඇස කෙරෙහි…

Read More

ලොව සුන්දරම මරණයට ඔබට හිමිකමක් ඇත.

ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ….

Read More

ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් – පහත් භාවයට) කරුණු විමසීය. “කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා”? එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු…

Read More

ලක්දිව ධාතූන් වහන්සේලා හා පාරිභෝගික වස්තු.

අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන් වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි…

Read More

රූපය නම් ගොදුරු බිම මගහැරීම.

භික්ෂුව, තනිරූල් පොතෙන් ගලවාගත් කොළය අතට අරගෙන, මොහොතක් කල්පනා කළේ, කුමක් ගැනද අද ලියන්නේ කියලා. රූපය ගැන ලියනවාද, වේදනාව ගැන ලියනවාද, සංඥාව ගැන ලියනවාද, සංස්කාර ගැන ලියනවාද, විඤ්ඤාණය ගැන ලියනවාද කියලා. බුදුරජාණන් වහන්සේ පංචඋපාදානස්කන්ධ ලෝකය වශයෙන් හඳුන්වන්නේ ඉහත කාරණා පහයි. ඉහත කාරණා පහෙන් කුමන කාරණාවක් තෝරාගෙන, ඒ ගැන සටහන් තැබුවත්, ඒ සෑම කාරණයක් තුළම විඤ්ඤාණය…

Read More