බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ඔබට නිරෝගීභාවය ආයුෂ, වර්ණය, සැපය, බලය අවශ්‍ය නම් සතර සෘද්ධිපාද ධර්මයන් වඩන්නය කියලා.
යම් පින්වතෙක් සතර සෘද්ධිපාද ධර්මයන් වැඩීමෙන් ඔහුට කල්පයක් ආයුෂ ජීවත්වෙන්න පුළුවන් ය කියලා. වර්තමානයේ කල්පයක් ආයුෂ කියන්නේ පරමායුෂ වන අවුරුදු 90ක් වැනි කාලයක්.
සතර සෘද්ධිපාද ධර්මයන් පින්වත් ඔබගේ නිරෝගීභාවයටත්, දීර්ඝායුෂයටත් හොඳ ඔසුවක් වනවා.
සතර සෘද්ධිපාද ධර්මයන් යනු
01. ඡන්දය
02. වීර්යය
03. චිත්තය
04. විමංසා යන කාරණායි
බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබට සතර සෘද්ධිපාද ධර්මයන් ඔස්සේ නිරෝගීභාවයත්, දීර්ඝායුෂත් කෙරෙහි ඔබගේ කැමැත්ත ඇති කරවලා උපක්‍රමශීලීව අවසානයේ ඔබව උතුම් සෝවාන්ඵල අවබෝධය දෙසටයි යොමු කරන්නේ.
බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබට දීර්ඝායුෂ පෙන්වා පින්වත් ඔබ ව භව නිරෝධය දෙසට තල්ලු කරන උපක්‍රමශීලී ධර්මයක් තමයි සතර සෘද්ධිපාද ධර්මය. ඉහත දැක්මයි පින්වත් ඔබව උතුම් සෝවාන්ඵල අවබෝධයට ඔසවා තබන්නේ.