සංස්කාරයන්ට හේතුවන අවිද්‍යාව ලිහා ගන්න.
භික්ෂුව වැඩ සිටින ගමේ ඇඳිරි වැටෙනකොට හරියට මදුරුවෝ කරදර කරනවා. ලේ සුවඳට වහ වැටිලා, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කොටගෙන, මදුරුවෝ ශීලයක් ආරක්ෂා කොටගෙන ජීවත්වෙන මනුෂ්‍යයන්ගේ ලේ උරාබොනකොට, මනුෂ්‍ය හිංසනයට අදාළව එම මදුරුවන් සිදුකොට ගන්නා අකුසල් නම් සුළුපටු නැහැ. මදුරුවොත් ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය හේතුවෙන් නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අදාළව සංස්කාරයන් රැස්කොට ගන්නවා. භවයේ තිබෙන අනතුරුදායක…