සිදුහත් තවුසාත් සුබ දිශාව බැලුවාද?

මෙහෙමයි දරුවෝ. එතැන දිශාව බලන්න ඇති. නමුත් උන්වහන්සේ දිශාව බැලුව නම් බලන්නේ, උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වෙලා නැහැ. සම්මා සම්බුද්ධ ඥානයට පත්වෙලත් නැහැ. අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලාවත් නැහැ. එතකොට ඒ බෝධි සත්ත්වයෝ හැටියට ඉන්න වෙලාවෙ එදා දිශා වන්දනාව කියන දේ එදා සමාජයේ මුල් බැසගෙන තිබ්බ දෙයක්. ඒ සමාජයේ මුල්බැසගැනීම් වලට අදාළව උන්වහන්සේ බෝධි සත්ත්වයෙක් හැටියට දිශාව බලලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ වාඩිවෙන්න ඇති.

නමුත් එතැනදී බුදුරජාණන් වහන්සේ කියන වචනය අපිට පාවිච්චි කරන්න බැහැ. මොකද උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට තබා අවම වශයෙන් සෝවාන් ඵලයටවත් ඒ වෙලාවෙ පත්වෙලා නැහැ. ඒ නිසා වර්තමානයේ යම් යම් නැකැත් සිරිත් අනුගමනය කරද්දී දිශාව කියන කාරණය ප්‍රශ්නයක් කර ගන්න එපාය කියන කාරණය තමයි මට නම් කියන්න තියෙන්නේ. නමුත් ඔබලාගේ හිත්වල ගැටෙන ස්වභාවයන් තියෙනවා නම් ඒවා කළාට කමක් නැහැ.

නමුත් ගැටෙන ස්වභාවයක් නැත්නම් දිශාව කියන කාරණය මම නම් ඒ තරම් වැදගත් කොට තකන්නේ නැහැ. නමුත් අර වෙලාව කියන කාරණය ඒවා සම්ප්‍රදායක් හැටියට අපි රැකගෙන ආපු නිසා මේ සිංහල බෞද්ධකම තව දවසක් හෝ වැඩිපුර රැකෙන්න, ඒවා සුරකින්න කියන කාරණ භික්‍ෂුවක් හැටියට මම නම් කියන්නේ එතැන ඉඳන් තමයි.

අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

(සිරස එෆ් එම් පන්සිල් මළුව වැඩ සටහනකින් උපුටා ගැනීමකි)