ගස්‌ නගින දෙවියකු වී කුමට…..?

භික්‍ෂුවට පසුගිය කාලවකවානුවේදී අවස්‌ථා කිහිපයකදීම පිංවතුන් තම නිවසේ, විහාරස්‌ථානයේ පැවති පිංකම්වලදී ලබාගත් ඡයාරූපවල දිව්‍ය ආලෝකයන් තිබෙන බව ප්‍රකාශ කළා. එම ඡයාරූප ගෙනත් පෙන්වුවා. ඇත්තටම ඒවා දිව්‍ය ආලෝක ද කියන්න භික්‍ෂුව දන්නෙ නැහැ. යම් පිංවතෙක්‌ එම ආලෝක නියත වශයෙන්ම දිව්‍ය ආලෝකයක්‌ය කියලා හිතලා ඒ තුළින් සතුටට පත්වෙනවා නම් තව තව පිංකම් කරගැනීමට, සිදු කරගැනීමට යොමු වෙනවා…

Read More

කොරෝනාව ඇසුරින් මරණ කර්මය තේරුම් ගැනීම!

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙනවාය කියන අර්ථයයි කියලා. රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. කොරෝනාවේ නාමයෙන් අපි මේ ඒහිපස්සිකව අත්දකින්නේ, ලෝකය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින ස්වභාවයම නේද? කොරෝනා අකුසලය හේතුවෙන් සතර මහා ධාතුවෙන් සැදුන මනුෂ්‍ය රූප කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් තිබෙන අපූරුව අසල්වැසි ඉන්දියාව…

Read More

කොරෝනා අකුසලයෙන් මිදීමට අපි කුමක් ද කළ යුත්තේ?

අවසානයක් නොපෙනෙන කොරෝනා අකුසලයෙන් හෙම්බත්ව, දුකට හේතුවෙන ඇලීම් සහ ගැටීම් වලින්ම කොරෝනාව පිළිගන්න. පිංවතුන්ලා නිරතුරුවම විමසනවා, ස්වාමින් වහන්ස, කොරෝනා අකුසලයෙන් මිදෙන්න අපි කුමක්ද කළ යුත්තේ කියලා. මේ ප‍්‍රශ්නයට ධර්මානුකූලව බොහෝම කෙටි පිළිතුරක් තිබෙන්නේ. කරුණාකර පිංවත් ඔබ දුකට එකම හේතුව වන තෘෂ්ණාව, සියුම් කොටගෙන පංචඋපාදානස්කන්ධ ලෝකය බුක්ති විඳින්නය කියලා. කොරෝනා අකුසලයෙන් මිදීමට පිංවත් ඔබලාට ආයුෂය, වර්ණය,…

Read More

කුසල් සංස්කාරයන් නිසා ආදරය ශක්තිමත් වේ.

අද උදෑසන තරුණ යුවළක්, භික්‍ෂුව මුණගැසීමට කුටියට පැමිණියා. මේ දෙපළ විවාහවෙලා තිබෙන්නේ ගෙවී ගිය මැයි මාසයේදී. භික්‍ෂුව එම යුවළගෙන් ඇසුවා. ඔබලා විවාහ වූයේ යෝජනාවකින්ද එසේත් නැතිනම් යාළුවෙලා ද කියලා. තරුණ මහත්මයා ප‍්‍රකාශ කළේ මේ මගේ ඇවැස්ස නෑනාය කියලා.. සමාජය දෙස බලනකොට, ආදරය කියන වචනයේ අර්ථය හරිම සංකීර්ණ බවකුයි පෙනෙන්නේ. නමුත් ධර්මයේ ඇසින් ආදරය කියන අර්ථය…

Read More

කිසාගෝතමියට බුදුරජුන් දුන් කමටහන ඔබේ කමටහන කරගන්න.

කායානුපස්‌සනාව – මරණානුස්සතිය. මීළඟට කායානුපස්‌සනාවට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මරණානුස්‌සති භාවනාව වඩන්නය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීත සංසාර භවගමනේ, පිංවත් ඔබ මිය ගිය අවස්‌ථාවන්හිදී, ඔබේ මළසිරුරු එක ගොඩක්‌ ගැසුවහොත්, එම මළමිනීගොඩ ගිඡ්ජකූඨ පර්වතයටත් වඩා විශාලයි කියලා. දෑස්‌ දෙක පියාගෙන, අතීතයේ ඔබ නිසා, පටිච්ඡසමුප්පන්නව ඒ මළකඳන් කන්ද දෙස නුවනින් දකින්න. තල්මසුන් වෙලා, අලි ඇතුන් වෙලා, සක්‌විති…

Read More

කාවෙක් කියන කථාවක්…

අගෝස්‌තු මාසයේ මේ කඳුකරයට සුළඟ බොහෝම වේගවත්. කඩින් කඩ, වරින් වර සුළං ඇතිවෙනවා. සුළං හඬේ වේගවත් බව හරියට ගුවන් යානාවක්‌ එන හඬ වගෙයි. සුළඟ කොච්චර වේගවත් වුණත් දිරාගිය අත්තක්‌ මිසක්‌ ගසකටවත් හානියක්‌ නැහැ. වේලාව හවස හයහමාරට පමණ ඇති. ලන්තෑරුමේ එළියෙන් ඔබට මේ සටහන ලියන්නේ. ගෝනෙක්‌ බොහොම ළඟ කෑගහනවා ඇසෙනවා. දිය කඩිත්තේ වතුර බීලා යන ගමන්…

Read More

කායානුපස්‌සනාව – සලායතන භාවනාව.

පිංවත් ඔබ දෑස්‌දෙක පියාගෙන ඈත අතීත සංසාර ගමනට සිත යොමුකරලා, ඉපදුන සලායතන ජරා, ව්‍යාධි, මරණවලට පත්වු අයුරු මෙනෙහි කරන්න. අන්ධවූ දෑස්‌, බිහිරිවූ කන්, ගොළුවූ දිව, අංගවිකලවූ ශරීර, රෝගීවූ මනස, ගඳසුවඳ නොදැනෙන නාසය, රස නොදැනෙන දිව නිසා වින්දාවූ දුක්‌ද, ඒ හේතුවෙන් සකස්‌කරගත්තාවූ අකුසල්ද, අකුසල් හේතුවෙන් නැවත වින්දාවූ දුක්‌ද කමටහනක්‌ කරගන්න. නාමරූප පච්චයා සළායතන කියන ධර්මතාවය යටතේ…

Read More

කාමයේ වරදවා හැසිරුනොත් තම වරද ගැන දැනුම් දී වහාම උපැවදි වන්න.

නවයොවුන් වයසේ සාමනේර අයුෂ්මතුන් වහන්සේ නමක්, භික්ෂුව මුණගැසීමට පැමිණ ප‍්‍රකාශ කරනවා, ස්වාමීන් වහන්ස, මගේ අතින් දැන දැනම කාමයේ වරදවා හැසිරීමකට අදාළව බලවත් වරදක් සිද්ධවුණා. එම දුශ්ශීල ක‍්‍රියාවෙන් පසුව, මම නැවත සාමනේර දශශීලය සමාදන් වෙලා, සාමනේර ශීලයේ පිහිටියා. දැන් මම ශීලයෙන් පිරිසිදුයි නේද කියලා, භික්ෂුවගෙන් විමසා සිටියා. භික්ෂුව එම අයුෂ්මතුන්ට ප‍්‍රකාශ කළේ, සාමනේර පාරාජිකාවක් සිද්ධවුණ තැන,…

Read More

ක්‍රෝධයේ කළු පැහැය සහ ශීලයේ රන්පැහැය.

භික්‍ෂුවට පළමු අවස්‌ථාවේදී “දර්ශනය වූ සද්ධන්ත ප්‍රේත ස්‌වභාවයත්, දෙවැනිව දර්ශනය වූ සශ්‍රීක දිව්‍ය ස්‌වභාවයත් කවුරුන්ද යන්න දැන් විමසා බලමු. භික්‍ෂුව මේ කරුණ පහත විග්‍රහ කරනු ලබන්නේ අනුමානයන් වශයෙනි. එය පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම ඔබට භාරය. අවශ්‍යවන්නේ ලෝකයේ ස්‌වභාවය ගැන ඔබ යමක්‌ ඉගෙනගැනීමය. අලි ප්‍රහාරයට ලක්‌ වූ ස්‌වාමීන්වහන්සේ එම ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ සවස 6 ට පමණය….

Read More

කළණ මිතුරුබවේ අගය නිමක් නොවේ.

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩ සිටින්නේ අගනුවරට ආසන්නව පිහිටි ආරණ්‍යයක. මේ ආරණ්‍ය බිමේ වඳුරන් 15 ක පමණ රංචුවක්‌ සිටිනවා. සවස ඇඳිරි වැටීගෙන එනවිට භික්‍ෂුව දුටුවා, මේ වඳුරු රැළ රාත්‍රිය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණේ, භික්‍ෂුව වැඩ සිටින කුටියට ඉහළින් තිබෙන විශාල ගස්‌ කිහිපය. සවස ඇඳිරි වැටීගෙන එනවිටත්, මේ සතුන් කොළ කමින් හැසිරෙන ශබ්දය ඇසුණා. දැන්…

Read More