දහම සොයන ජිවිතේ.

පිංවත මෙය සටහන් තබන භික්ෂුව අද උදෑසන පිණ්ඩපාත මඩුවට වැඩියා. පිංවත ගමේ ශ්‍රද්ධාවන්ත දායක පිංවතුන් භික්ෂුවගේ පාත්‍රයට පූජා කළේ හිමිදිරි උදෑසන නිවසේ පිසගත්ත බත් මුට්ටියේ මුල්ම කොටසයි. නිවසේ පිසගත්ත ව්‍යංජන හට්ටියේ මුල්ම කොටසයි. නිවසේ සාදාගත් කැවිලිවල මුල්ම කොටසයි. ගමේ ලොකු කුඩා හැමෝම පාත්‍රයට දානය පූජා කළේ භික්ෂුව අසල දණ නවාගෙන, භික්ෂුවගේ පාත්‍රයට දන් හැන්ද පූජා…

Read More

රූපයන්ට ඇලී හෝ ගැටී සිල්පද දුර්වල කර නොගන්න.

පිංවත උතුම් සද්ධර්මය යැයි කියන්නේ ජීවිතයෙන් පලායන දහමක් නොවේ. ජීවිතය ජයගන්නා දහමක්. ජයත්, පරාජයත් යන දෙකම, අනිත්‍ය වූ ධර්මතාවයක් යැයි අවබෝධ කොටදෙන දහමක්. පිංවත ජීවිතය ජයගන්නා දහමක්, ජීවිතය අවබෝධ කොටගන්නා දහමක් සරණ ගිය අපි, ඇයි මේ අසරණව ජීවත් වෙන්නේ? පිංවත තෘෂ්ණාවෙන් ගිනි ගන්නා ලෝකයක් මැද්දේ, තෘෂ්ණාවේ ගිනි නිවන්න උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිසිල් ජලය අවශ්‍යම…

Read More

විවාහ වන්නට පෙර සෙවිය යුතු සමානකම් හතරක්.

බෞද්ධයකු වශයෙන් යම් කෙනෙක් විවාහ ජීවිතයකට ඇතුළත් වනවාය යනු ගිහි ජීවිතයක ඉතාමත්ම වැදගත් තීරණයක් ගැනීම ලෙසයි අප කල්පනා කරනු ලබන්නේ. බුදුසමය එහිදී මූලික කරුණු හතරක් ගැඹුරින් අවධානය යොමුකළ යුතු බවට යෝජනා කරනු ලබයි. සමශ්‍රද්ධා, සමසීල, සමත්‍යාග, සම ප්‍රඥා යන කාරණා හතර කෙරෙහි ගැඹුරු අවධානයක් යොමුකිරීම, විවාහ අපේක්ෂිතයකු විසින් සිදුකළ යුතු බව බුදුසමය අවධාරණය කරනු ලබයි….

Read More

බුදුගුණ වර්ණනා කර ලැබූ මහත් වූ ආනිශංස.

’’මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන්හට උතුම්වූ, අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, දෙතිස් මහපුරිස් ලකුණු ඇති, ව්‍යාම ප්‍රභා (බඹයක් පමණ ඈතට රශ්මි)යෙන් යුත්, රැස් සමූහයෙන් ගැවසීගත්, නම්න් කාශ්‍යප නම් බුදුරජතෙම ලොව පහළවූහ. ’’(මෙම බුදුරජතෙම) සඳු මෙන් අස්වැසිලි කරන්නෙක. හිරු මෙන් පැහැ ඇතිකරන්නෙක. වැහි වලාවක් මෙන් (කෙළෙස්) ගිම් නිවන්නෙක. සයුර මෙන් ගුණ (මැණික්)වලට ආකරයෙක. ’’සීලයෙන් මහපොළොව…

Read More

සාධුකාර හඬ ඉදිරියේ ආශ්වාදයෙන් අන්ධ නොවන්න.

පිංවත තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව යැයි කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධනය යැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. යම් පිංවතෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක, දුක හැටියට දැකලා, මේ දුකට හේතුව තෘෂ්ණාව යැයි දැකලා, දුක නැති කිරීමට නම්, තෘෂ්ණාව තමා තුළින් නැතිකළ යුතුයි කියලා දැකලා, දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන්…

Read More

ඇලීම දුරු කිරීමට අනිත්‍යය දකින්න.

අප ගෙවන දිවිය ද අපගේ වටපිටාව ද හේතුඵල දහමට අයත් ය. එනම්, සංස්කාරයෝ ය. සංස්කාරයන්ගේ ස්වභාවය නම් හටගෙන නැසී යාම යි. එනිසා මේ අනිත්‍ය ධර්මයට ලොව සියල්ල ම යටත් ය. ඒ වග ඉතා හොඳීන් පසක් කොට වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත ධර්ම දේශනාවකට සිත යොමු කිරීම වටනේ ය. “එක් සමයෙක්හි අප භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර…

Read More

ජිවිතය දුකෙන් නිදහස්.

පිංවත අපි කවදා ද චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළ ජීවිතය දකින්නේ? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ ජීවිතයට පීඩා කරත්දි, සතුටින් භුක්තිවිඳින සැප වේදනාවෝ වෙනස් වෙලා යද්දි, අපි දුකට පත්වෙනවා. මේ දුකට හේතුව සියලු සංස්කාරයෝ නිත්‍ය යැයි දකින, තමාගේම තෘෂ්ණාව බව කවදා ද අපි දකින්නේ? පිංවත අපි පිංකම් සිද්ධ කරලා මෙලොව සහ පරලොව සැපයම සතුටින් ප්‍රාර්ථනා කරනවා….

Read More

ඔබගේ දෙමාපියන් මහා බ්‍රහ්මයා ලෙසම දකින්න.

පිංවත ඔබ අනාගත සැපයට කැමති කෙනෙක් නම් මොනම හේතුවක් නිසාවත් ඔබේ අම්මාගේ සහ තාත්තාගේ සිත රිද්දන්න එපා. දෙමාපියන්ගේ අහිංසක බලාපොරොත්තු බිඳ දමන්න එපා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා මහා බ්‍රහ්ම ගුණයන්ගේ සිත රිද්දුවොත්, පෙරළා දරුවන්ට අයිති වෙන්නේ කේන්තිය, පළිගැනීම, නොඉවසීම සහ විසිරුණ සිතුවිලි පමණක්මයි. භික්ෂුව දන්න තාත්තා කෙනෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මගේ දරුවො දෙන්නාට ලක්‍ෂ…

Read More

අනුන්ගේ වැරදිවලට විකල් නොවන්න.

පිංවත මනුෂ්‍ය ජීවිතවල ශීලය දුර්වලවෙත්දි, පිංවත් මනුෂ්‍ය සමාජයේ ඉන්ද්‍රීය සංවරභාවය දුර්වල වෙලා යනවා. ශීලය දුර්වලව යන සමාජයක මෛත්‍රිය ගැන කතා කරන්න කොහෙත්ම ඉඩක් නැහැ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීලයට ඉහළිනුයි මෛත්‍රිය පනවලා තිබෙන්නේ. සම්මා සංකප්පයන් වැඩුණොත් තමයි ශිල්වත්භාවය අර්ථවත් වෙන්නේ. පිංවත සමාජයක ශිල්වත්භාවයට වටිනාකමක් නොලැබීමෙන් එම සමාජය බවභෝග සම්පත් දුර්වල වී, බලවත් ආර්ථික අර්බුදයන් උත්සන්න…

Read More

කෝටිපතියාගේ පිංකමට වඩා දුප්පතාගේ සතිපට්ඨාන විදර්ශනා කූසලය ශ්‍රේෂ්ඨයි.

පිංවත අවිද්‍යාව මොනතරම් නම් කරුමයක් ද? අවිද්‍යාව නිසාම උතුම් තෙරුවන් විවේචනය කරලා, තෙරුවන් නොසලකා හැරලා, සමහර මනුෂ්‍යයෝ මොනතරම් නම් අකුසල් සිදුකොට ගන්නවා ද? පිංවත මිථ්‍යාදෘෂ්ටියට නොපෙනුණාට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් මහාකරුණා ගුණය මොනතරම් නම් මේ තුන් ලෝකයාටම ශාන්තියක් ද? පිංවත කෝටිපති මහත්මයෙක් සිටිනවා, මේ මහත්මයා ලක්‍ෂ ගණනක් මුදල් වියදම් කරලා, ප්‍රණීත, විසිතුරු මහා පිංකමක් කරනවා. මේ…

Read More