අතහැරීම.

ගෞරවණීය ස්වාමීන් වහන්ස, අත්හැරීම කියලා කියන්නේ කුමක් ද ? මෙහෙමයි පුතේ, අත්හැරීම කියන කාරණය වරදවා පටලවා ගන්න නම් එපා. මේ අත්හරින්න කියලා කියන්නේ, මේ ගෙදර අත් හරින්නවත්, බිරිඳ අත් හරින්නවත්, දරුවා අත් හරින්නවත්, රැුකියාව අත් හරින්නවත්, ව්‍යාපාරය අත් හරින්නවත් නෙවෙයි. තේරුණාද? අත් හරින්න කියන්නේ, මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අත් හැරෙන්න ඕන. දැන් සමහරෙකුට මම කියනවා,…

Read More

අතපසු කරගන්න එපා.

භික්‍ෂුව ගිහිකාලයේ ඇසුරුකරපු සමාජය, භික්‍ෂුවට ආදරය කරපු සමාජය, භික්‍ෂුවට කමටහනක්‌ වු සමාජය තවමත් ඒ විදිහටම තිබෙනවා. ඥාතියා, අසල්වැසියා, හිතවතා, පන්සල, ගම, නගරය තවමත් ඒ විදිහට තිබෙනවා. නමුත් ඒ සමාජය නිසා භික්‍ෂුව තුළ වර්තමානයේ තෘෂ්ණාවෙන් බැඳීමක්‌ සකස්‌වන්නේ නැහැ. සිත හිස්‌වයි පවතින්නේ. ලස්‌සන අවලස්‌සන තවමත් ලෝකයේ තිබෙනවා. නමුත් සිත හිස්‌වෙලා. සිත හිස්‌වුන තැනදී ලෝකය හිස්‌ දෙයක්‌ බවටයි…

Read More

අඩ්ඩකාසිය, දිව්‍යංගනාවක් මෙන් විශිෂ්ට රූප සම්පත්තියක් ලැබිමට හා ගණිකාවක් වීමට හේතුව.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මැය කුලගෙයක උපත ලබා තරුණ වියට එළැඹි කල්හි උතුම් පැවිද්ද ලැබීය. ප්‍රාතිමෝක්ෂ සීලයෙහි සංවරභාවයට පැමිණියා ය. පංචේන්ද්‍රියන් පිනවීමෙන් ද දුරුවූහ. භෝජනයෙහි පමණ දැන වළඳා නිදි වරා භික්ෂුණීත්වය ආරක්ෂා කළාය. මනාව බඹසර ආරක්ෂා කළාය. එක් දිනක් පිළිසිඹියාපත් රහත් තෙරණියකට ද්වේශ සිතින් “ගණිකාව” යැයි බැන වැදීය. ඒ පවින් නිරයෙහි ඉපිද…

Read More

අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම.

එක් සමයක භාග්‍යයවතුන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන සේක. එකල්හි, බුදුරජාණන්වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාල සේක. මහනෙණි , අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි, මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි. මහනෙණි , කෙසේ සමාදන් වන උපෝසථ සීලයද මහත්ඵල ඇත්තේ, මහත් අනුසස් ඇත්තේ , මහත් බැබලීම්…

Read More

2020 ධර්මානුකූලව අවාසනාවේ වසරක් ද?

2020 වසර” පින්වත් ඔබගේ බිඳීගිය ගොඩාක් බලාපොරොත්තු සමගින්” කාගේවත් සුහද සමුගැනීමකින් තොරවම” අතීත මතක සටහන් ගොන්නට එකතු වුණා. ගෙවීගිය වසර දෙස ආපසු හැරී බලද්දී ජරා” ව්‍යාධි” මරණ” ශෝක” පරිදේව යන අකුසලයේ ප‍්‍රතිබිම්බය තවමත් අපි දෙස නොසැලී බලා සිටිනවා. පංචඋපාදානස්කන්ධ ලෝකයේ වෙනස්වෙන සංස්කාරයන්ට” අස්ථිර වූ සංස්කාරයන්ට” ආශ්වාද රහිත වූ සංස්කාරයන්ට සිත්සේ හැසිරෙන්නට” සිත්සේ විපාකදෙන්නට 2020 වසර…

Read More

‘මල් – සුවඳ – ජිවිතය – දුක ‘.

අද උදේ පිණ්‌ඩපාතයේ වඩිනකොට හොඳටම වැහිරීගිය ශරීරයකින් යුත් එළදෙනක්‌ මහ පාරට යාබදව ඇති වැව් පිටියේ බිම වැටී දඟලනවා. ඒ එළදෙනගේ අත් පා ගැහෙනවා. පෙබරවාරියේ කර්කශ ඉඩෝරයේ කටුකභාවය, වැහැරීගිය එළදෙනගේ ශරීරයේ ස්‌වභාවයෙන් ඉතා අර්ථවත්ව මතුකොට දෙනවා. සත්වයාගේ අකුසල් මෝදුකොට, විපාකයන් සලස්‌වන්න, මේ කටුක වියලි පරිසරය බොහෝම සමීපභාවයෙන් උපකාර කරනවා. තවම පෙරවරු 8.00 ට වත් නැහැ. හිරුගේ…

Read More

‘මම’ කියන සංඥාව ගලවා ඉවත් කරන්න..

සම්මා සම්බුද්ධ ශාසනයේ දීර්ඝායුෂ උදෙසා භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගේ චතුරාර්ය සත්‍ය දැක්ම, විවේකීභාවයෙන් යුතුව වර්ධනය කොටගැනීම උදෙසා, බුදුරජාණන් වහන්සේ පැනවූ තවත් සුන්දර වස්සානයක් උදාවෙලා. භික්ෂුව වැඩ සිටින දුර බැහැර ගම්මානයේ වස්සානය අර්ථවත් කරන වැස්ස ආගිය අතක් නැති වුවත්, භික්ෂුව වැඩ සිටින කුටියේ, පොල් අතු වහලයේ පොල් අතු, ඉහළට එසවී යන තරමට තද සුළඟක්…

Read More

‘ඔබ වහන්සේ රහත් වෙලා ද?’ කියලා එක භික්ෂුවක් ඇහුවා.

මේ දවස්‌වල ගම්මානයේ ගොවි මහත්වරු තම කුඹුරුවල බෝංචි වගා කරලා. පරිසරයේ වියළි කාලගුණය නැවතිලා. වැටෙන මේ වැස්‌ස ගොවි මහත්වරුන්ගේ බලාපොරොත්තු ශක්‌තිමත් කරනවා. නමුත් බලාපොරොත්තු නැති හිස්‌ ජීවිතයක්‌ භික්‍ෂුව ඉදිරියේ තිබෙනවා. ඒ හිස්‌බව තුළ අපරාජිතභාවයකුත් තිබෙනවා. ඒත් එය භාහිර සමාජයට ප්‍රකට නැහැ. සමහර ගිහිපිංවතුන්ලා, සමහර ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා භික්‍ෂුවට ඇවිත් කියනවා ‘දායකයන් ආශ්‍රය කරන්න යන්න එපා. දායකයන්ගෙන්…

Read More

“එක්කො මරණය, නැත්නම් සතර අපායෙන් මිදීම”

පසුගිය කාලවකවානුවල වැඩසිටිය ගෞරවණීය ස්‌වාමීන් වහන්සේලාත් වර්තමානයේ වැඩසිටින ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාත් විසින් කරගෙන ගිය ධර්මදේශණාමය, බෝධිවන්දනාමය පිංකම් හරහා අතිවිශාල තරුණ පිරිසක්‌ ධර්ම මාර්ගයේ පෙරට එනවා පිංවතුන්ලා දකින්න ඇති. එම තරුණ පිරිස දිහා දැක්‌කහම වර්තමානයේ පැවිදිභාවයට පත්වී උතුම් ජීවිත ගතකරන තරුණ ස්‌වාමීන් වහන්සේලා දැක්‌කහම සද්ධර්මයට සමාජය තුළ මොනතරම් දෙයක්‌ කරගන්න පුළුවන්ද කියලා සිතෙනවා, තරුණ පිංවතුන්ලාට. නමුත්…

Read More

සමාජයේ ඇස් වහලා, ඔබේ විදර්ශනා ඇස තියුණු කොටගන්න.

වස් කාලය ගෙවී ගිහින්, චිවර මාසයේ අවසාන පොහොය අදයි. පිංඩපාත මඩුවට දානය රැගෙන පැමිණි දායක මහත්මයෙක් ප‍්‍රකාශ කලා, තමන්ගේ ගමේ පන්සලේ මුල්ම වතාවට අටපිරිකර පනහක් පූජා කරලා වස්පිංකම බොහෝම උත්කර්ෂවත් අන්දමින් සිද්ධකලාය කියලා. එක ස්වාමීන් වහන්සේ නමක් පමණක් වැඩ සිටින ගමේ පන්සලේ දායක මහත්වරුන්ට හරිම සන්තෝෂයි පිංකම ගැන. අනේ සාදු සාදු පිංවතුන් ගොඩාක් පිංකම් කරගන්නවා….

Read More