තරුණ කාලයේදීම සුදුවත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න.

ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්‌ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්‌ටේරියා කොළ අහුරක්‌ ගෙන දේශනා කරනවා ‘මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්‌ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ…

Read More

තරහා යාම පාලනය කරගන්න ක්‍රමයක්…

ගෞරවණීය ස්වාමීන් වහන්ස, අපි හැමෝට ම තරහා යනවා. මේ තරහා යාම පාලනය කරගන්න ක්රමයක් නැද්ද? මෙහෙමයි. තරහව කියන කාරණය, ද්වේශය කියන කාරණය, ව්යාපාදය කියන කාරණය අපිව දුකට දාන බොහො ම බලවත් ම අකුසල මූලයක්. තේරුණාද? ඒ බලවත් ම අකුසල් මූලය බව අපි නිරතුරුව ම දකින්න ඕන…. මම ඒකයි කිව්වේ, ලෝකයේ අපිට යමක් ලැබිලා තියෙනවා නම්,…

Read More

ජීවිතයත්, ධර්මයත් එකක් බවට පත්කොට ගන්න.

පින්වත් ඔබ ජීවත්වන සෑම නිමේෂයකදීම, අකුසල් මූලයන් ජීවිතයට එකතුකොට ගැනීමේ ක්‍රියාන්විතයක නිරතවෙලයි සිටින්නේ. පින්වත් ඔබ දානමය පින්කම් සිදුකළත්, සීලමය පින්කමක් සිදුකළත්, භාවනාමය පින්කමක් සිදුකළත්, පන්සලක බෝධිපූජාවක් සිදුකළත්, ලෝභ සිතක්මයි ඇතිකොට ගන්නේ. මගේ පින්කම, මගේ දානය, මගේ සීලය, මගේ සමාධිය මේ සෑම ක්‍රියාවකදීම මගේ ගොඩමයි වැඩිකොට ගන්නේ. සවසකට ප්‍රධාන විහාරස්ථානයකට ගිහින් බලන්න, බෝධීන්වහන්සේ අභියස, බෝධිපූජා තබන…

Read More

ජීවිතය අවබෝධ කරගන්න හොඳම කාලයයි.

අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයේ වඩිනකොට, භික්ෂුවට ඇසෙනවා ගෙදරක අම්මා කෙනෙක් තම දරුවෙකුට බනිනවා, පණ්ඩිතකම් කතා නොකර කටවහගන්නය කියලා. දැන් කාලේ හැදෙන සමහරක් පිංවන්ත පුංචි දරුවන්, රූපවාහිනිය එහෙම බලලා, දෙමවුපියන්ටත් පණ්ඩිත කතා කියනවා කියලා, දෙමවුපියන් භික්ෂුවටත් කියලා තිබෙනවා. පාසල් වයසේ කුඩා දරුවෙක්, තම අම්මාට කියනවාලූ, අම්මේ, තාත්තා ගමනක් යද්දී, තාත්තාගෙන් අහන්න කොහෙද යන්නෙ, මොකටද යන්නේ, කීයටද…

Read More

ජිවිතය කියන්නෙ මිරිඟුවක්මයී.

දැන් වෙලාව සවස පහට පමණ ඇති. සුළඟ නැවතිලා පරිසරයම හරිම නිහඬයි. එ්ත් කුටිය ඇතුලේ නම් හරිම රස්නෙයි. අද රාත‍්‍රියේ වහින්න වගෙයි. සතර මහා ධාතුව හරියට විහිළුවක් වගේ, වරින් වර වෙනස් වී යන්නේ, මනුෂ්‍ය ජීවිතවලට, ඇලීම් සහ ගැටීම් ඇති තරම් ලබාදීලා. සතර මහා ධාතුවේ අනිත්‍ය වන ස්වභාවය හඳුනානොගත් පිංවතා, සංස්කාරයන්ගේ සිරකාරිත්වයට පත්වෙන්නේ, මුකුත්ම නොදන්නා කිරි දරුවෙක්…

Read More

චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංස.

මේ කාලසීමාවේදී ලංකාදීපයේ ස්ථාන කිහිපයකම ලොව්තුරා අංගීරස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ උදෙසා මහා ස්ථූපයන් ගොඩනැංවෙමින් පවතිනවා. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් ඒ තුළින්…

Read More

චූලපන්ථක මහරහතන් වහන්සේ ගැන … (චූලසෙට්ඨි ජාතකය)

තෙරුවන් සරනයි !!! චූලපන්ථක මහරහතන් වහන්සේ ගැන ඔබ කලින් අසා ඇති. එක් ගාථාවක් පාඩම් කරගන්න බැරිව ගොඩාක් අපහසුතාවන්ට පත්වුනේ උන්වහන්සේ තමා. අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ චූලපන්ථකයන්ට පිහිට වුනා. ඒ නිසා අගතනතුරු ලාභී මහා රහතන් වහන්සේ නමක් වුනා. උන්වහන්සේ ගේ ජීවිතය ගැන කියැවෙන ලස්සන කථාවයි අපි දැන් ඉගෙන ගන්නේ. රජගහ නුවර ධනවත් සිටුපවුලක ලස්සන සිටු දුවක්…

Read More

චුතූපපාත ඥානයෙන් දුටු වසර 50කට පෙර වැඩසිටි ගෞරවනීය ස්‌වාමීන් වහන්සේකගේ පිරිනිවන් පෑම…

හතර වැනි ධ්‍යාන ඵලය ඔස්‌සේ ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්‍ෂාව කියන තැනට සිත පත්කර ගත් භික්‍ෂුව ආකාශය, ආකාශය වශයෙන් ආකාශය අරමුණු කරනවා. වලා රොදක්‌, වලාකුළක්‌ අරමුණු කොට, ආකාශය තුළම සිත පිහිටා ආකාශය මෙනෙහි කරනවා. ආකාශය කෙරෙහි උපාදානය ඇතිකර ගන්නවා. මෙතෙක්‌ ජීවිතයේ නොලත් අත්දැකීමක්‌ පසුපසයි භික්‍ෂුව හඹා යන්නේ. අරමුණ ඔස්‌සේ වීර්ය බොහෝම ජව සම්පන්නයි. නොපෙනෙන ලෝකය…

Read More

චීවර මාසය පුරාවටම සිදුකර ගන්නා සෑම පින්කමක්ම ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන් සිදු කරගන්න.

වස් තුන් මාසය තුළ මහා සංඝරත්නය උතුම් සංඝරත්නයේ ගුණයන් තුළ වැඩසිටිමින් උතුම් ඥානසම්පන්න ගුණය උදෙසා වීර්යය වඩන විට, පින්වත් ගිහි පින්වතුන්ලාට මහා සංඝරත්නය කියන අර්ථය උතුම් පින් කෙතක්ම වෙනවා. කඨින චීවර පූජාව අටමහා කුසලයක් බවට බුදුරජාණන් වහන්සේ පනවන්නේ, මේ උතුම් ඥායපටිපන්න ගුණයෙන් ශක්තිමත් වූ පින් කෙතේ සශ‍්‍රීක අස්වැන්නේ ශක්තිය දැකලාමයි. පින්වත් ගිහි පින්වතුන්ලා මේ උතුම්…

Read More

ගෞරවණීය ස්වාමීන් වහන්ස, අත්හැරීම කියලා කියන්නේ කුමක් ද ?

මෙහෙමයි පුතේ, අත්හැරීම කියන කාරණය වරදවා පටලවා ගන්න නම් එපා. මේ අත්හරින්න කියලා කියන්නේ, මේ ගෙදර අත් හරින්නවත්, බිරිඳ අත් හරින්නවත්, දරුවා අත් හරින්නවත්, රැුකියාව අත් හරින්නවත්, ව්‍යාපාරය අත් හරින්නවත් නෙවෙයි. තේරුණාද? අත් හරින්න කියන්නේ, මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අත් හැරෙන්න ඕන. දැන් සමහරෙකුට මම කියනවා, දැනුම අත හරින්න කියලා. දැනුම අත හරිනවා කියන්නේ මේ…

Read More