හිසකේ විකුණා දන් දුන් කාන්තාවක්.
මහාකච්චාන මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ සත් නමක් හා උජ්ජේනි නුවරට වඩනා සේක්, ‘තේලප්පනාළි’ නම් නියම් ගමකට පිඬු සිඟා වැඩි සේක. එගම සිටු දූවරු දෙදෙනෙක් වූහ. එකියක් පිරිහුණු සිටු පවුලක උපත ලබා මා පියන්ගේ ඇවෑමෙන් පසු කිරි මවකගේ උපකාරයෙන් ජිවත් වන දිළිඳු තරුණියකි. ඇගේ ශරිරය හොදින් වැඩි තිබිණ. ඇගේ හිසකේ අන්යයන්ගේ හිසකේ වලට වඩා දික්…