නිතර මෙනෙහි කළ යුතු කරුණු පසක්.

“පඤ්චිමානි භික්ඛවෙ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා කතමානි පඤ්ච?” 1. ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්-ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. 2. ව්‍යාධිධම්මොම්හි ව්‍යාධිං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. 3. මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා…

Read More

භාවනාව සක්කාය දිට්ඨියට හොඳ ආහාරයක්.

පිංවත, සද්ධර්මයේ ඇසෙන් ලෝකය දෙස දකිද්දී, ලෝකය හරිම පහසුයි. ලෝකය හරිම සරලයි. පිංවත, සද්ධර්මයේ මුදුන් මුල වෙන්නේ සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයෝ. පිංවත, අධර්මයේ මුදුන් මුල වෙන්නේ පංච නීවරණ ධර්මයෝමයි. යම් ජීවිතයක කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව තිබෙනවා නම්, ඒ ජීවිතය අවිද්‍යාව දිශාවටම නැමුණු, අධර්මයට බරවුණු ජීවිතයක්. යම් ජීවිතයක් දුක කෙරෙහි, දුකට හේතුව තෘෂ්ණාව කෙරෙහි සතිය…

Read More

පින් අනුමෝදන් කිරීමට අනුමෝදන් වීමට පුළුවන් සේම, පාපයත් අනුමෝදන් කිරීමට සහ අනුමෝදන් වීමට හැකිද?

පින් අනුමෝදන් කරන්න පුළුවන් වගේම පාපයත් අනුමෝදන් කරන්න පුළුවන්. දැන් බලන්න අපේ සමහර පැරැණි අය කියනවා මං ඉසේ කෙස් ගානට ගෝණ්නු මරල තියෙනව. මම ඉසේ කෙස් ගානට රා බීල තියෙනව. ඒක අහන තවත් වෙන මනුස්සයෙක් හරි මිනිහෙක් තමයි කියල බොහොම සතුටු වෙනව. අන්න අකුසල් අනුමෝදන් වුනා. ගාථාවකුත් ඕන නම් හදා ගන්න පුළුවන්. කෙනෙක් කියනව මම…

Read More

සැබෑ මිහිර විඳිනු පිණිස තිත්ත ඇත්ත දැකිය යුතුය.

ආහාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී, ආහාරයෙන්ම පෝෂණය වී, හේතුඵල ධර්මයන්ට අනුව හැදුණු කයක්‌ මේක. භික්‍ෂුව මේ මොහොතේ තම දෙතිස්‌ කුණපය දෙස බලන විට, අම්මාගේ මව්කුසේ පැලෝපීය නාලය තුළ නලියන ඉස්‌ගෙඩියෙක්‌වන් කලලයි දකින්නේ. මේ රූපය අයිති තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකට. අම්මා කෙනෙකුගේ ඩිම්බයකට. භික්‍ෂුව මේ මොහොතේ නුවනින්…

Read More

ඔබ මරණය පිළිබඳව කල්පනා කළ යුත්තේ ඇයි?

කෙනෙක් මරණය පිළිබඳව කල්පනා කිරීමෙන් උපදවා ගත යුත්තේ සති, සංවේග, ඥාණ හෙවත් සිහිය, සංවේගය හා නුවණ යන කාරණා තුනයි.. කුමක් පිණිස ද ? කුමක් පිණිස මේ මනසිකාරය කළ යුතු ද ? 01. හුදු මැරෙන බව දැකීමට ය.. 02. අවසානයේ දී කපා කොටා වලකට දමන මේ ශරීරය තාවකාලිකව පෝෂණය කිරීමෙන් හෝ එයට සැප දිමෙන් අර්ථයක් නැති…

Read More

ඔබ වහන්සේ ගිහි ජිවිතයේ දී විවාහ නොවී පැවිදි වූයේ ඇයි?

වරක්‌ පිංවත් මහත්මයෙක්‌ විමසුවා, ඔබ වහන්සේ ගිහි ජීවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයිද කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සෑම පුරුෂයෙක්‌ම, ස්‌ත්‍රියක්‌ම අතීතයේ මට බිරිඳවෙලා, ස්‌වාමිපුරුෂයා වෙලා තිබෙනවා. මට පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ වෙලා තිබෙනවා. මට අතීතයේ බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ නොවූ කිසිම සත්ත්වයෙක්‌ මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ…

Read More

මුණින්ද්‍රයාණන් වහන්සේගේ මහා කරුණාව.

කරුණාව යනු අනුන් ගේ දුකෙහි දී හදවත කම්පා වීම යි. මෙකී කරුණාව ලෝකයෙහි බොහෝ දෙනෙකු තුළ ඇත්තේ ය. ඔවුහු දුකට පත් වූවන් දැක කම්පා වෙති. කඳුළු වගුරුවති. ඒ දුකට පත් වූවන් නඟා සිටුවීමට නන් අයුරින් පිහිට වෙති. තමා පිහිට වූ පුද්ගලයන් ගෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවෙති. සැබැවින් ම මෙය කරුණාවකි. එහෙත් මෙයට අප “මහා කරුණාව”…

Read More

සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුද්ධත්වයට පැමිණෙන අයුරු.

සියලු ම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබවට පැමිණියේද ආනාපාන චතුර්ත්ථ ධ්‍යානයෙන් නැගී සිට ඥානය පටිච්චසමුප්පාදයට යවා පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වටහා ගෙන විදර්ශනා කිරීමෙනි. මහා බෝධිසත්වයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්ම වූ පරිදි අප මහා බෝසතාණන් වහන්සේද ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිට, ආනාපානස්මෘති භාවනාවේ යෙදී ධ්‍යාන උපදවා චතුර්ත්ථ ධ්‍යානයෙන් නැඟී සිට උන්වහන්සේගේ ඥානය පටිච්චසමුප්පාදයට යැවූහ….

Read More

චතුරාර්ය සත්‍යය, ධර්මයන්ගේ අමෘතයයි.

පින්වත, සුන්දර වස්සානයේ දෙවැනි මාසයත් ගෙවිලා ගියා. පින්වත, වැස්ස හිඟ වස්සානය, සියලු සංස්කාරයෝ අනිත්‍ය දහම බොහෝම සරල භාෂාවෙන් ම අපිට කියලා දුන්නා. පින්වත, ඍතු නියාමයෝ වෙනස් වෙලා යන වේගය, ලොව්තුරු දහමේ “අරටුව”, ඕපනයිකව පැවිදි අපි තුළ තව තවත් ශක්තිමත් කොට දෙනවා. පින්වත, අදත් උදෑසන භික්ෂුව වස් අධිෂ්ඨානය පිළිබඳ සිහිනුවණ නැවත ආවර්ජනය කොට ගත්තා. පින්වත, වස්…

Read More

තෘෂ්ණාවේ රැහැන් පට ජිවිතයෙන් ලිහා දැමූ කළ.

මේ සටහන ලියන දැන් වේලාව සවස පහට පමණ ඇති. පරිසරය හොඳටෝම නිහඬයි, සප්ත බොජ්ඣංග ධර්මයන් පැලපදියම් වූ භික්‍ෂුවගේ සිතත්, පරිසරයේ නිහඬභාවයත් එකතු වූ තැන, පරිසරයත් භික්‍ෂුවගේ ජීවිතයත්, එකක් බවට පත්වෙනවා. විවේකය හරිම ගාම්භීර ධර්මයේ අත්දැකීම් ජීවිතයට එකෟආධ්‍යාත්මික සහ බාහිර සතරමහා ධාතුව එක ගොඩකටත්, විඤ්ඤාණය සහ ආයුෂය තව ගොඩකටත් දමලා, භික්‍ෂුව මොහොතක් පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙනවා….

Read More