අත්වැල් බැඳගෙන පිහිනිය නොහැක.

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය….

Read More

අවබෝධය උදෙසා හුස් ම රැල්ල යොදාගන්න.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී බොහොම නිරවුල්ව දේශනා කරනවා භවදුකෙන් අත්මිදීම සඳහා සතර සතිපට්‌ඨාන ධර්මයන් ජීවිතයෙන් ප්‍රගුණ කළ යුතු ආකාරය. මේ තරම් පැහැදිළි සම්මා සම්බුද්ධ දේශනාවක්‌ තිබියදී අපට ඇසෙනවා බාහිර ක්‍රමවේදයන් පිළිබඳ සමාජයේ යම් ප්‍රවණතාවක්‌ තිබෙනවා. මේ හැම ක්‍රමවේදයක්‌ තුළින්ම මනුෂ්‍යයා යම් සහනයක්‌, සැහැල්ලුවක්‌ ජීවිතයට ලබනවා. ඒ ගැන කිසිම සැකයක්‌ නැහැ. නමුත් අපේ අරමුණ ජීවිතයට…

Read More

දුල්ලභෝ මනුස්සත්තභාවෝ.

මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය යුතු ය….

Read More

නිර්වාණය.

බෞද්ධයන් විසින් නිර්වාණය යි කියා පතන්නා වූ ලැබීමට උත්සාහ කරන්නා වූ යමක් වේ නම් එද අනිකක් නො ව මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ම ය. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වනාහි ඇතමුන්, සිතන හැටියට කිසි වටිනාකමක් නැති සැපයකුත් නො වන, නො පැතිය යුතු, බිය විය යුතු හිස් බවක් නො ව අති ප්‍ර‍ණීත සැපයකි. වටිනාකම පමණ කළ…

Read More

සිරකරුවා තුළිනුත් ධර්මය දකිමු.

පින්වත, බුදු දහම යැයි කියන්නේ තම ගිහි ජීවිතයේ දී මනුෂ්‍ය ඝාතන සිය ගණනක් සිදු කොට ගත් අංගුලිමාල, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ පිහිටෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගත් දහමක්. පින්වත, බුදු දහම යැයි කියන්නේ මරණීය දණ්ඩනයට නියම වෙලා එල්ලුම් ගහට යන අසරණ සිරකරුවාටත් මහා සංඝ රත්නය වැඩම කරලා සද්ධර්මය දේශනා කරන දහමක්. පින්වත, මෙය…

Read More

පිංගිය මහරහතන් වහන්සේ.

පිංගිය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල පුත්‍රෙයකුව ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ලබා සසර දුකින් එතෙර වෙමි“යි ප්‍රාර්ථනා කළහ. ඉක්බිති ඒ කුලපුත්‍ර තෙම නොයෙක් පින්කම් කොට එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විදිමින් සිට අපගේ ගෞතම බුදුන් වහන්සේගේ…

Read More

මාංශයට ඇලී, මාශයට ගැටී තවත් මස් ගොඩක් දරාගෙනම ඉපදෙමු ද?

මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය. මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌…. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න…

Read More

බැඳුණ තැන ඉදි වන්නේ පංච උපාදානාස්කන්ධ ලෝකයයි.

පින්වත, උපසම්පදා භික්ෂු ජීවිතයේ හෘද සාක්‍ෂිය හැටියට ගැනෙන තවත් අර්ථවත් වස්සානයක් උදා වෙලා. පින්වත, උතුම් උපසම්පදා ප්‍රාතිමෝක්‍ෂ සීලයටත් වඩා පියවරක් ඉදිරියට තබන වස්සානයේ සීලය, උපසම්පදා භික්ෂුවකගේ නොකැලැල් සීලයෙන් සවිමත් වන සම්මා වායාමයන්ගේ විවේකී පාරාදීසයක් වෙනවා. පින්වත, උපසම්පදා භික්ෂුවකගේ විවේකී සම්මා වායාමයෝ බාහිර ලෝකය මඟ හැර තමා තුළිනුයි විවේකය සොයන්නේ. පින්වත, ලෝකයේ සැබෑ විවේකය තිබෙන්නේ තෘෂ්ණාවේ…

Read More

දුකෙන්, සැපෙන් පිරුණු ලෝකය.

පින්වත ඔබ දෑස් පියා ගනිද්දී, ඔබට කිසිම අරමුණක් නොදැනෙනවා නම්, ඔබේ සළායතනයෝ අක්‍රීයව පවතිනවා නම් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට සිද්ධ වෙන්නේ ආයුෂයත්, උණුසුමත් ඇසුරේ නිරාහාරව පවතින්න. පින්වත ඵස්සය ඉදිරියේ නිවුණු සළයාතනයෝ පින්වත් ඔබව පංච උපාදානස්කන්ධ ලෝකයෙන් හිස් කරනවා. හිස් වූ පංච උපාදානස්කන්ධය තුළ කායානුපස්සනාවෙත්, චිත්තානුපස්සනාවෙත්, වේදනානුපස්සනාවෙත් අර්ථයන් නිවී යනවා. එවිට ආයුෂයත්, උණුසුමත්, ආහාර අහිමි වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්…

Read More

දරුවාගෙ පින අවදි කරවන්න.

ලෝකය ගලාගෙන යනවා කුසල් අකුසල් ඊට උපකාරීවෙනවා. පිංවත් ඔබට ලෝකය අවශ්‍යනම් කුසලයයි ඔබ උපකාරගත යුත්තේ. එම නිසා පාසල් දරුවන් සෑම විටම දෙමාපියන්ට, ගුරුවරුන්ට කීකරුව පංචශීලය අර්ථවත්ව සමාදන්ව නිරතුරුවම බුද්ධ වන්දනාවන්ට සහභාගී වුවහොත් සහෝදර ශිෂ්‍යයන් සමග සමගියෙන් කටයුතු කළොත් දරුවන්ට පුළුවන් තමාගේ අතීත කුසල් ශක්‌තිය මතුකරගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. පිංවත් දරුවන් දෙමාපියන්ට, ගුරුවරුන්ට ගෞරවය නොකළොත්…

Read More