වරක් පිංවත් මහත්මයෙක් විමසුවා, ඔබ වහන්සේ ගිහි ජීවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයිද කියලා.
භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සෑම පුරුෂයෙක්‌ම, ස්‌ත්‍රියක්‌ම අතීතයේ මට බිරිඳවෙලා, ස්‌වාමිපුරුෂයා වෙලා තිබෙනවා. මට පෙම්වතෙක්, පෙම්වතියක් වෙලා තිබෙනවා. මට අතීතයේ බිරිඳක්, ස්‌වාමිපුරුෂයෙක්, පෙම්වතෙක්, පෙම්වතියක් නොවූ කිසිම සත්ත්වයෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ සිටින සෑම සත්ත්වයෙකුටම මම අතීතයේ ආදරය කරලා තිබෙනවා. විවාහගිවිසගෙන තිබෙනවා. ඒ නිසා මහත්තයෝ අතීතයේ ආදරය කර තිබෙන අයට නැවත ආදරය කරන්න යන එකේ තේරුමක් නැහැ. ඒ නිසාමයි මම පැවිදි වූයේ’ කියලා.
අතීතයේ බිරින්දෑවරු, ස්‌වාමිපුරුෂයන්, පෙම්වතුන්, පෙම්වතියන් කියන බාහිර රූපයන් නිසා මම හෙළු කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි. අතීතයේ බිරින්දෑවරු, ස්‌වාමිපුරුෂයන් අහිමිවීම නිසා, අතහැරයැම නිසා, සිත්රිදවීම් නිසා, අන්‍ය සැමියන් බිරින්දෑවරු සමග එක්‌වී දුන් කායික මානසික පීඩාවන් නිසා, මරාදැමීම් නිසා, කාමය වරදවා හැසිරීම් නිසා, විරහ වේදනාවන් නිසා, අතීතයේ බාහිර රූපයන් මගේ කරගැනීම නිසා මම හෙලා ඇති කඳුළුයි මහා සාගරයේ ජලකඳ දකින විට භික්‍ෂුවට සිහිපත් වෙන්නේ.