ඔබ මරණය පිළිබඳව කල්පනා කළ යුත්තේ ඇයි?

කෙනෙක් මරණය පිළිබඳව කල්පනා කිරීමෙන් උපදවා ගත යුත්තේ සති, සංවේග, ඥාණ හෙවත් සිහිය, සංවේගය හා නුවණ යන කාරණා තුනයි..

කුමක් පිණිස ද ? කුමක් පිණිස මේ මනසිකාරය කළ යුතු ද ?

01. හුදු මැරෙන බව දැකීමට ය..

02. අවසානයේ දී කපා කොටා වලකට දමන මේ ශරීරය තාවකාලිකව පෝෂණය කිරීමෙන් හෝ එයට සැප දිමෙන් අර්ථයක් නැති බව දැකීමට ය..

03. කෙලවරක් නැතිව ජීවිත තරඟයක ඉන්නේ ඵලක් නැති කයක් පෝෂණය කිරීමට බව දැකීමට ය..

04. අවුරුදු 60ක් හෝ 70ක් වන තාවකාලික ජීවිතයේ අර්ථයක් ඇත්දැයි කල්පනා කිරීමට ය..

05. මරණින් මතු යන්නට ඇති කෙළවරක් නොපෙනෙන, පිහිටක් පිළිසරණක් නැති සසර ගැන දැකීමට ය..

මරණසති භාවනාව ඔබ මැරෙනවා යැයි දැනගෙන එයට මුහුණ දෙන්නට හිත හදාගැනීමට පමණක් නොව, සදාකාලිකවම මරණයෙන් මිදිය යුතුය යන ඥාණය ඇති කරවීමට ද බව සිහිතබා ගන්න..

එයින් ඔබට මේ ජීවිතය මරණයෙන් කෙලවර වන්නේ ය යනුවෙන් සිහියක් මෙන් ම ලබා ඇති නිස්සාර ජීවිතය ගැන #සංවේගයක් ඇති වන්නේ ය..

මේ නැවත නැවත මැරි මැරී යන සසර ගමනෙන් මිදිය යුතු බවට පෙර නො තිබූ ඥාණයක් ඇති වන්නේ ය.. කයෙහි (රූපයෙහි) මෙන්ම වේදනා, සඤ්ඤා ආදියෙහි ආදීනවයම මනසිකාරය වන්නට පටන් ගන්නේ ය.. එයින් ආශ්වාදය බිඳ ආදීනවයම ප්‍රකට වන්නට පටන් ගන්නේ ය.. එයින් ඔබ නිස්සරණයේ පිහිටන්නේ ය..

ස්කන්ධ පහේ ඇති තතු දැකීමෙන් ආර්ය භාවයට පත් ව නැවත භවයකට වූ තණ්හාව දුරු කර චුති චිත්තය සමග නිවී යන්නේ ය..

එනිසා සියල්ලෝ ම අප්‍රමාදීව මරණසතිය වඩත්වා.. යමෙක් මරණ සතිය වඩන්නේ නම් ඔහු නිවනට බැස ගත්, නිවන කෙළවර කොට ගෙන ඉන්නා අයෙක් බව තථාගත දේශණාව ය.

සියල්ලෝ මේ අමෘතය වළඳත්වා..