Article
රූපයේ සහ කාමයේ වෙස් මුහුණු.
පින්වත, සිංහල අලුත් අවුරුද්ද සතුටෙන් සැමරුවා ද? පින්වත, භික්ෂුවට නම් ඉතින් මොන අවුරුදු ද? නෑදෑයොත් නැහැ, හිතමිතුරොත් නැහැ, ගෙවල් දොරවලුත් නැහැ, සල්ලිත් නැහැ. පින්වත, මේ මොනවා නැති වුණත්, භික්ෂුව ළඟ සතුට, ප්‍රීතිය, පස්සද්ධිය නම් දොරේ ගලා යන්න තිබෙනවා. පින්වත, ඒත් එම සතුට, ප්‍රීතිය, පස්සද්ධිය භික්ෂුව සතුටින් පිළිගන්නේ නැහැ. පින්වත, සතුට, සතුටින් පිළිගත්තොත්, දුක කොහෙන් හෝ…
වාම ශ්‍රී දළදා වහන්සේ.
ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර? මෙතරම් විශේෂයක්? සතර දළදා වහන්සේලාගෙන් දෙව් මිනිසුන්ගෙන් වැඩිමනක් පූජෝපහාර ලැබෙන්නේ අපගේ සෙංකඩගල නුවර දළදා වහන්සේටයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසටම සියලු බෞද්ධයන් වාම දළදා වහන්සේට වන්දනා කරනවා. ඇයි මේ වාම දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර..??? මෙතරම් විශේෂයක්?? අපිට පියවි ඇසින් දකින්න ලැබෙන එකම දළදා වහන්සේ වෙන්නේ මේ වාම…
බිය අයිති ඔබට නොවේ.
පින්වත, තවත් සිංහල අලුත් අවුරුදු මංගල්‍යයක් උදා වෙලා. පුණ්‍යවන්ත ජීවිතවලට, පුණ්‍යවන්ත සංස්කෘතික සැමරීමක්. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වී යන නිසා ම, දුර්ලභ ජාතික වටිනාකම් අපි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කොට තබන්න ඕනේ. පින්වත, අපි දුර්ලභ මනුෂ්‍ය අර්ථයන් ආරක්ෂා කොට ගත් පරපුරේ අන්තිමයා වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි ජාති ණයකාරයන් බවට පත් වෙනවා. පින්වත, පුණ්‍ය කාලයෙන්…
ගිහි ජීවිතය විනිවිද දකින්න.
පින්වත, මේ දවස්වල අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ ගොඩාක් කාර්යබහුල වෙලා නේද? පින්වත, එක පැත්තකින් සංස්කාරයෝ විපාක දෙද්දී, තවත් පැත්තකින් සංස්කාරයෝ හරි, හරියට ප්‍රවර්ධනය වෙනවා. පින්වත, සංස්කාරයෝ දෙපැත්ත කමින් පෝෂණය වෙද්දී, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණය දවස ගානේ, අලුත්, අලුත් විඤ්ඤාණයේ මැජික් සන්දර්ශන සමාජගත කරනවා. පින්වත, මිනී මරා ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, නිදහස් කිරීම්, මේ සෑම…
සියලු සංස්කාරයෝ වෙනස් වන්නේ ය.
පින්වත, ලස්සනට තවත් නමක් කියන්න කිව්වොත්, භික්ෂුව කියන්නේ ආදරය කියලා. මොකද දන්නවා ද, ලස්සන හැම දෙයට ම අපි ආදරය කරනවා. පින්වත, වර්තමානයේ ආදරය කියන අර්ථය තුළ නම් කිසිම ලස්සනක් නැහැ. පින්වත, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් ආදරය අවලස්සන කරලා. ආදරය අපිට කෙටි ආස්වාදයේ, දීර්ඝ ආදීනවයන්ට පාර කියනවා. පින්වත, ඔහුට හෝ ඇයට නොවේ, ඇලීම් සහ ගැටීම් සංසිඳුණු…
අවිද්‍යාව යම් තැනක ද, එතැන තෘෂ්ණාව ය.
පින්වත, විමුක්තියේ නාමයෙන් සත්ත්ව යාග, ගිනි යාග, යුදමය යාග, දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී යාග සිදු කරන ලෝකයක, තුනෙන් දෙකේ බලයක් යැයි කියන්නේ විමුක්තියක් යැයි දකින ලෝකයක, ධර්මානුකූලව සැබෑ විමුක්තිය යැයි කියන්නේ, සියලු ලෝක ධර්මයන්ගෙන් නිදහස් වූ ධර්මතාවයක්. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග අට, සම්මා ඥාන තුළින් අටෙන් එකට පෙරා ලබන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ…
තෘෂ්ණාවේ උපාදානයෝ හඹාගෙන දුවන ලෝකයේ ඔබ නවතින්න.
පින්වත, තවත් ලස්සන දවසකට හිරු උදා වෙලා. කැලෑ පරිසරයේ කුරුල්ලෝ තරගයට සින්දු කියනවා. පින්වත, ගොරහැඩි සංගීතය, ගොරහැඩි කටහඬවල්, අරුත් සුන් ගී පද කුරුළු සංගීතය තුළ නැහැ. පරිසරයේ ස්වාභාවික රිද්මයට තාලය අල්ලමින් ඒගොල්ලෝ සින්දු කියනවා. කුරුල්ලන්ගේ සින්දු ඇහෙද්දී, භික්ෂුවගේ ජීවිතයත් පරිසරයේ ම කොටසක් බවට පත් වෙලා. උදෑසන හිරු අවදි වෙන පරිසරයේ රිද්මයට, ස්වභාව ධර්මය ළයාන්විතව සින්දු…
කෙලෙස්වලින් නොගැඹුරු ලෝකය සරලයි.
පින්වත, මේ දවස්වල පාතාලයේ මහ මොළකරුවන් සෙවීමේ මෙහෙයුම් ආරක්ෂක හමුදා විසින් සිදු කරනවා නේද? පින්වත, ඔබලා මොන මෙහෙයුම් සිදු කළත්, පාතාලයේ මහ මොළකරුවා නම් අත්අඩංගුවට ගන්න වෙන්නේ නැහැ. අපිව දුකට පත් කරන, අපිව වධයට පත් කරන, අපගේ සැපය මංකොල්ල කන සැබෑ පාතාලය මෙහෙය වන මහ මොළකරුවා වෙන කවුරුවත් නොව, සැපයට එකම හේතුව තෘෂ්ණාව යැයි දකිනා…
විශ්වාසය හොරු අරගෙන යන සංස්කාර ලෝකය.
පින්වත, පාතාලය මේ දවස්වල මිනී මරනවා ගොඩාක් වැඩියි නේද? පින්වත, කාට හරි තියන වෙඩි පහරක් ඇවිත් වදීවි කියලා, මේ දවස්වල ඔබත් බියෙන් ද පසු වන්නේ? පින්වත, මිනී මැරීම අයිති වන්නේ මිච්ඡා කම්මන්තයන්ට. පින්වත, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචාවෝ සක්‍රීය වුණ තැන, උපදින්නේ මිච්ඡා කම්මන්තයි. පින්වත, මිච්ඡා කම්මන්තයන්ගේ විරුද්ධ අර්ථය සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයන්ගෙන්, සම්මා…
ඇලෙන, ගැටෙන ලෝකය ගලවා දමන්න.
පින්වත, පරිසරයේ තෙතමනය, අව්කාෂ්ටකයෙන් වියළී ගිය උණුසුම් පෙබරවාරියේ ආදරය ගැන කතා කරනවා හුඟාක් වැඩියි. පින්වත, වියළි කාෂ්ටක පරිසරය ආදරයට වඩා කැමැත්ත දක්වන්නේ රාගයට සහ ද්වේශයටයි. පින්වත, පරිසරයේ කාෂ්ටක වියළිභාවය යැයි කියන්නේ සතර මහා ධාතුවේ කුපිතභාවයක්. පරිසරයේ ආපෝ ධාතුව විපක්ෂයට දමලා, මේ දවස්වල තේජෝ ධාතුව රජ වෙලා. පින්වත, ආපෝ ධාතුව ගංවතුරෙන් ජනතාවට පහර දෙද්දී, තේජෝ ධාතුව…