Article
සංස්කාරයන්ට අදාලවයි ඔබේ දැනීම් සකස් වෙන්නේ.
පටිච්චසමුප්පාද ධර්මයේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය ලෝකයේ ක්‍රියාකාරීත්වය කියලා කිව්වොත් වරදක් නැහැ. සංස්කාරයටම අදාළවයි විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන්නේ. සමාජයේ ජීවත්වෙන පින්වතුන්ට සංකීර්ණ වූ බලාපොරොත්තු තිබෙනවා. කෙනෙක් දීර්ඝායුෂ ලබන්න තිබෙන තෘෂ්ණාවෙන් පින්කම් කරනවා, තව කෙනෙක් ජීවිතය කෙරෙහි කලකිරීමෙන් සියදිවි නසාගන්න උපක්‍රම සොයනවා. දීර්ඝායුෂ ලබන්නට අදාළ සංස්කාර ජීවිතය තුල තිබෙන පුද්ගලයාට දැනීම් සකස්වෙන්නේ පින්කම් සිදුකරන්න. අතීත අකුසල්…
සංඝරත්නයේ ගුණයන්.
සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක් පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්ථා භික්ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට පැමිණි අම්මා කෙනෙක්, පාර අයිනේ සිට භික්ෂුවට පිණ්ඩපාතය පූජා කළා. භික්ෂුව ඇයට පිං අනුමෝදන් කළා. ඉන් අනතුරුව ඇය දෑත් එක්කොට කියනවා ‘ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධකොට අවසානයේ දෙව් මිනිස් සැප ලැබේවා’ කියලා. ඒ අවස්ථාවේ වයෝවෘද්ධ ඇයගෙන්…
සංඝ සමාජය සතුවිය යුතු ගාම්භීර වත්කම්.
පිංවත ඉඩ දෙන්න ලෝකයට නිදහසේ ගලාගෙන යන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන්නේ ලෝකය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සළායතනයන් සෑදී ඇති පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවට තම මව්පිය උරුමය වන ජරා, ව්‍යාධි, මරණයන් කරා නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න. පිංවත් ඔබ නුවණින් දකින්න, අතීතයේ වැඩසිටිය උතුම් රහතන් වහන්සේලාගේ සළායතනයන් නිදහසේ පිරිනිවීම…
ශීලයේ පලුදු බුද්ධානුස්සතියෙන් පිරියම් කර සොඳුරු ආරම්භයක් ගන්න.
බුද්ධානුස්සතිය. පිංවත් ඔබ මොහොතක් දෑස් දෙක පියාගෙන නුවනින් මෙනෙහි කරන්න. අද දවසේ ඔබ කොපමණ වේලාවක් ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩන්නට ඇතිද කියලා. ඔබ වෙනුවෙන්, ඔබගේ පවුල වෙනුවෙන්, රැකියාව ව්‍යාපාරය වෙනුවෙන්, රට ජාතිය ආගම වෙනුවෙන්, කැමති අකමැති දේ වෙනුවෙන් ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් කොතෙක් වඩන්නට ඇතිද? දවස පුරාවට ඔබ වැඩූ කුසල්, පිං තරාදියේ එක පැත්තකටත්, අකුසල්…
ශීලය ගැනම හිතමින්, අනිත්‍ය සංඥාව දකිමින්ම ජීවත් වුණොත් අපේ දරුපවුලට යන කලදසාව මොකක් ද?
එක පිංවත් පවුලක මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා ‘හාමුදුරුවනේ අපි ශීලය ගැනම සිතමින්, අනිත්‍ය සංඥාව දකිමින්ම ජීවත් වුණොත් අපේ දරු පවුලට සහ කලදසාව, ඒ ගොල්ලන්ගේ අනාගතය අඳුරු වෙනවා නේද කියලා. බලන්න ඒ මහත්මයා ධර්මය මොනතරම් වැරදි අන්තයකින් ද අල්ලාගෙන ඉන්නෙ කියළා. තමන් ජීවත්වීමට නොදන්නාකමින් ඇතිවන ආදීනව ධර්මයේ ගිණුමට බැරකරනවා. ශ්‍රද්ධාව අඩුකම, විචිකිච්චාවෙන් සිතුවිලි. පිරිලා, පංචනීවරණයන්ගෙන් සිත වැඩිලා….
විපාක නොදුන් අතීත කුසල් මතු කර ගන්න, පැවිදි වත තුළින්..!
ප්රශ්නය :- ඉතින් ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සෝවාන් වෙන්න, සෝවාන් ඵලයට පත් වෙන්න කාරණා, හතරක් සම්පූර්ණ කරගන්න කියලා. සද්ධම්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, කළ්‍යාණ මිත්‍ර සේවනය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට මේ සද්ධම්ම ශ්‍රවණය කියන එක අපි ඉස්සෙල්ලාම කියනවා සුනාථ කියලා. බුදුරජාණන් වහන්සේ හොඳට අහන්න කියනවා. ඊට පස්සේ ධාරේථ කියනවා. ඒ කියන්නේ හොඳට දරන්න කියනවා. ඊටපස්සේ කියනවා…
විද්‍යාවෙන් නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව.
භික්ෂුවක් එක්තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක් දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම. පිංවත් ඔබ මවකට දරුවෙක් බිහිවන හැටි, තිරිසන් සතෙක් විසින් පැටවෙක් බිහිකරන සැටි. කිකිළියෙක් බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්වීම සඳහා මුල්…
විදර්ශනාවේ උච්චභාවය දැකීම.
ප්රශ්නය :- ස්වාමීන් වහන්ස. එක් අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමක් ගමනක් වඩින කොට පාරේ අයිනේ වාහනයක් නතර කරලා තිබුණා. අළුත් වාහනයක්. ඒ වාහනය අනිත්‍ය වන හැටි වෙනස්වන හැටි මෙනෙහි කරමින්, අරමුණු කර කර ස්වාමීන් වහන්සේ ඉස්සරහට ගියා. ඒක දුර්වර්ණ වෙලා මලකඩ කාලා දිරාපත් වන හැටි හිත හිතා යන කොට එක් වරම වාහනය අතුරුදහන් වෙලා, ඒ වාහනය…
විදර්ශනා භාවනාව වැඩීමේ ආනිසංස.
විපස්සනා භාවනාවේ අනුසස් හැටියට අපි විශේෂයෙන් හදුන්වන්නට ඕනේ, අටලෝ දහමෙන් කම්පා නොවීමේ ශක්තිය ඇතිවෙනවා. මේ ලොකේ සියලු දෙනාම නිතර පෙරලෙන කරුණු අටක් තියෙනවා. ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රසංශා, සැප-දුක් කියල. මේ කිසි දෙයකට කම්පා වෙන් නෑ විපස්සනා වැඩූ තැනැත්තා. ඒ වගේම බොහෝසෙයින් බොහෝ දෙනාගෙ සිත රාග, දෝශ, මෝහ ආදියෙන් නිතරම කැලඹෙනවා. ඒ කැලඹෙන ගතිය යට වෙනව මේ…
විදර්ශනා නුවණින් කටයුතු කිරීම.
සසර ගමන ඉතා දුක් සහිත ය. එයින් අත්මිඳෙන්නට සියලු බැඳීම් අත්හල යුතුය. එය වටහාගන්නට සුවිශේෂී වූ නුවණක් අවශ්‍ය වේ. එය “විදර්ශනා නුවණ” යනුවෙන් හඳුන්වනු ලැබේ. විදර්ශනා නුවණ යනු කුමක් ද? එය කෙසේ සකස් කරගත යුතුද යන්න පිළිබඳ ඔබට යම් ගැටලුවක් මතුවනු ඇත. ඔබ එදිනෙදා ජීවිතයේ දී විවිධ පින්කම් සිදුකරනු ඇත. එයින් රැස්කරගත්තා වූ කුසලානිසංසයන්ගේ අනුභාවයෙන්…