Article
අඹුසැමියන්ගේ යුතුකම්.
පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අඹුසැමි දෙදෙනා විසින් ම ඔවුනොවුන් සම්බන්ධයෙන් තම තමා අයත් යුතුකම් නො පිරිහෙලා ඉටු කළ යුතු ය. බොහෝ දෙනා තමාගෙන් ඉටු විය යුත්ත ඉටු නො කොට අනෙකා ගෙන් පමණක් යුතුකම් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වෙති. බොහෝ පවුල්වල අසමගිකම්වලට හා පිරිහීමටත් හේතුව එය ය. තථාගතයන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍රයා හට සැමියකුගේ…
අනිත්‍යයත්, අතහැරීමත් යනු අන්තවාදයක් නොවේ.
ධර්ම දේශනාවක් අවසානයේදී පිංවත් තරුණයෙක් ප්‍රශ්නයක් විමසුවා. “හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්‌කොම අනිත්‍යයි…. මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ ” කියලා. මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්‍රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක් ඇතිවෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම…
අධික කෝපය පාලනය කරගනිමු.
පින්වත් ස්වාමීන් වහන්ස, අධික කෝපය පාලනය කිරීමට කුමක් කළ යුතු ද? විශේෂයෙන්ම අපහාස, චෝදනා ඉදිරියේ දී කෙසේ මුහුණ දිය යුතු ද? මෙහි දී කෝපය නිසා, නොඉවසීම නිසා තමන්ට සිදුවෙන අවාසි, ආදීනව නුවණින් මෙනෙහි කිරීමත් – මෛත්‍රියෙහි, ඉවසීමෙහි ආනිශංස සිහිකිරීමත් ඉතා ප්‍රයෝජනවත් ය. අංගුත්තර නිකායට අයත් පඨම සහ දුතිය අක්ඛන්ති සූත්‍රවල දී නොඉවසීමේ, කෝප වීමේ ආදීනව…
අධාර්මික රජතුමා – අටුවා රසකතා.
කාශ්‍යප බුදුරජුන්ටත්, ගෞතම බුදුරජුන්ටත් අතර කාලයක අතිදේව නම් රජ කෙනෙකුට පුතෙක් සිටියේ ය. හෙතෙම ධාර්මික ය. එහෙත් ධනයෙන් හිඟ වූවෙකි. ධනය රැස්කිරීමට කැමති වූ මොහු තම ඇමතිවරුන් කැඳවා මෙසේ කීවේ ය. “ඇමතිවරුනි, රාජ භාණ්ඩාගාරයේ ධනය හිස් වී ඇත. මම එය හොඳින් දනිමි. එම නිසා කෝෂ්ටාගාරය දැහැමින් පිරවිය යුතු ය. අධාර්මික ලෙස නොපිරවිය යුතු ය. එමෙන්…
අතිරික්තය කියන්නේ හිසරදයක්.
වස් කාලය ගෙවී ගිහින්, චිවර මාසයේ අවසාන පොහොය අදයි. පිංඩපාත මඩුවට දානය රැගෙන පැමිණි දායක මහත්මයෙක් ප‍්‍රකාශ කලා, තමන්ගේ ගමේ පන්සලේ මුල්ම වතාවට අටපිරිකර පනහක් පූජා කරලා වස්පිංකම බොහෝම උත්කර්ෂවත් අන්දමින් සිද්ධකලාය කියලා. එක ස්වාමීන් වහන්සේ නමක් පමණක් වැඩ සිටින ගමේ පන්සලේ දායක මහත්වරුන්ට හරිම සන්තෝෂයි පිංකම ගැන. අනේ සාදු සාදු පිංවතුන් ගොඩාක් පිංකම් කරගන්නවා….
අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබූ මෛත්‍රී භාවනාව.
මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!! මා මෙන්ම සියලු ම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!! මා මෙන්ම දස දිශාවේ ම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!! උතුරු…
අටුවා රසකතා – කසාවත පෙරෙවි කාන්තාව.
කාල දීඝවාපී විහාරයෙහි නාහිමියෝ එක්තරා තරුණ භික්ෂු නමකට උගන්වන්නට එකඟ වූයේ ඔහු ගමෙහි නොගැවසෙන බවට පොරොන්දු කරවා ගැනීමෙන් පසුව ය. තම ශිෂ්‍යයා ගමෙහි ගැවසෙන්නට ගියොත් වරදට පෙළෙඹෙතියි ඒ හිමියෝ කල්පනා කළහ. තම ආචාර්යපාදයන් වහන්සේ තමාට ගම්මැද්දට යන්නට තහනම් කළේ මන්දැයි දැන ගැනීමට මේ තරුණ භික්ෂු නමට අවශ්‍ය විය. ඒ නිසා දවසේ ඉගෙනීම අවසන් කොට පෙරලා…
අටසිල් ගැනීමේදී සමාදන් වන උච්චාසයන යනු කුමක්ද…??
‘උච්චාසයන මහාසයා වෙරමණී සික්ඛාපදං සමාදියාමි’ යන මේ සිකපදය අටසිල් නවසිල් දසසිල් රක්නා උපාසකකෝපාසිකාවන්ට හා සාමණේරයන්ට සාධාරණ ය. උපසම්පන්න භික්ෂූන්ට ද උච්චාසයන පරිභෝගයෙන් ඇවැත් වේ. එබැවින් මෙය විශේෂයෙන් ම විසඳා ගත යුතු පැනයෙකි. සාමාන්‍ය මිනිසුන් ගේ අඟලින් අටඟුලකට වඩා උස් ආසනය “උච්චාසයනය” යි විනයවර්ධන කාරයෝ කියති. සාමාන්‍ය මිනිසුන් ගේ අඟල් අට, දැන් භාවිත කරන කෝදුවේ අඟල්වලින්…
අටලෝ දහම හමුවේ මහ පොළොව සේ අකම්පිත වෙමු
තෙරුවන් සරණයි ….! බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නා හිමි සැරියුත් හිමියන් පිණ්ඩපාතය සඳහා වඩින බව දුටු එක් බමුණෙක් මෙසේ සිතුවේ ය. සැරියුත් හාමුදුරුවෝ කිසිම දේකට කලබල නොවන, ඉවසීමෙන් කටයුතු කරන ඉතා වැදගත් හිමිනමක් යැයි කවුරුත් කියනවා අසා ඇත්තෙමි. මේ කාරණය ඇත්තක් ද? බොරුවක් ද? කියා බලන්න ඕනෑ. මෙසේ සිතා…