මිහිකත සනසා සනසා මගේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් සත්වයාගේ නිර්වාණය නැමති සඳ මඬල විවර කරනවා. උන් වහන්සේ නිසාම එක් අයෙක් සැනසේ නමි ඔහු සදහාම මගේ බුදුරජාණන් වහන්සේ පා ගමනින්ම ගමි නියමිගමි වඩිනවා.
මගේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ මුල් කාලයේ ස්ථීරවම උපස්ථාන කරන්න අයෙක් සිටියේ නැහැ.
නාගසාල,නාගිත,උපවන,චුන්ද,සමනුද්දේස,සාගත,රාධ,මෙිඝිය යන තෙරණුවන් කාලයෙන් කාලයට උපස්ථාන කළා.වරක් නාගසාල තෙරණුවන් යෝජනා කල මාර්ගයේ යෑම පුතික්ෂේප කලායැයි සිවුරැ පාතු මඟ දමා පවා ගොස් තිබුණා.
මගේ බුදුරජාණන් වහන්සේට දැන් අවුරැදු පනස් පහයි. උන් වහන්සේ කල්පනා කරනවා ස්ථීරවම උපස්ථායකු පත් කරගන්න. සංඝයා වහන්සේලා රැස් කරවා මත විමසද්දී මගේ බුදු රජාණන් වහන්සේගේ මුව මඬලින් උපන් සඳ මඬල සාරිපුත්ත මහරහත් වහන්සේ ඉදිරිපත් වුනත් මගේ බුදුරජාණන් වහන්සේගේ පිළිතුරැ දෙනවා සාරිපුත්ත මම නොසිටින තැනක ඔබ සිටියොත් මම සිටියා හා සමානව තථාගතයන් වහන්සේගේ ධර්මය දේශනා කරන නිසා සාරිපුත්ත ඔබ ඒ සදහාම සුදුසු බව. මෙසේ සංඝයා වහන්සේලා අසූදෙනෙක් ඉදිරිපත් වුණත් මගේ බුදුරජාණන් වහන්සේ නිහඬයි.
දුටු දුටු වන්ගේ සියලූම දුක් ගිනි නිවාලන, සිතෙහි පීුතියක්ම හට ගන්නා, මගේ ආන්නද ස්වාමීන් වහන්සේ බුදු නෙතට ගැටෙනවා.
“ආනන්ද” බුදු මුවින් නික්මුණා පමණයි,
“මගේ බුදුරජාණන් වහන්ස” ආනන්ද ස්වාමීන් වහන්සේගේ මුවින්ද නික්මුණා.
සසර පුරාම දෙපාරක් කතා කරනකමි නමි ඉදලා නැහැ. සසර පුරාම තිබුණ බැදීම ඉස්මතු වුණා.
“මගේ බුදුරජාණන් වහන්ස, මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නෙමි. සසර පුරා මම ඔබ වහන්සේගේ සෙවණැල්ල වූවා. මට අනුකමිපාවෙන් මා අකමැති හා කැමති කරණු විචාරණ සේක්වා”
1. ඔබ වහන්සේට ලැබෙන වටිනා සිවුරැ මට නොදිය යුතුයි.
2. ඔබ වහන්සේට ලැබෙන ආහාර මට නොදිය යුතුයි.
3. ඔබ වහන්සේගේ ගඳ කුටිය තුළ මට වාසය කිරීමට ඉඩ නොසැලැස්විය යුතුයි.
4. දානයකට ඔබ වහන්සේට ආරාධනාවක් ලැබුණු විට මා කැදවා නොයා යුතුයි.
5. ඔබ වහන්සේ වෙනුවෙන් මා භාරගන්නා ආරාධනා පිළිගත යුතුය.
6. ඔබ වහන්සේ හමුවට පැමිණෙන්නා වු අය ගෙන ඒ මට අවසර දිය යුතුය.
7. මට සැකයක් ඇති වූ විට ඔබ වහන්සේ හමුවට අවසර දිය යුතුය.
8. මම නොමැතිව දේශනා කරන ධර්මය මට පැවසිය යුතුයි.
“ආනන්ද මම කැමැත්තෙන්ම එකඟ වෙමි”
ආනන්ද කුමරු බෝසතාණන් වහන්සේට නෑකමින් මලණු කෙනෙක් විය. මල්ල රට අනුපිය නම් නියම් ගමෙහි බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයෙහි ආනන්ද, භද්දිය, භගු, කිම්බල, දේවදත්ත, අනුරුද්ධ යන කුමාරවරු සහ උපාලි නම් කරනවෑමියා සමඟ බුදුන් වහන්සේ වෙත ගොස් පැවිදි වූහ.
ආනන්ද තෙරණුවෝ මන්තානිපුත්ත පුණ්ණ තෙරුන්ගෙන් බණ අසා නොබෝ දිනකින් සෝවාන් වූහ. බුදුරජාණන් වහන්සේ මහත් ලැදි කමින් ඇසුරු කළ ආනන්ද තෙරුන් වහන්සේ මෙහෙණි සසුන ඇරඹීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා දුන්හ.
මගේ බුදුරජාණන් වහන්සේට සීතල ඇති විට උණු දිය දෙනවා, උණුසුම ඇති විට සිසිල් දිය දෙනවා , ඒ ආනන්ද ස්වාමීන් වහන්ස. මගේ බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල ආනන්ද ස්වාමීන් වහන්සේයි.
දිනෙක දෙව්දත්ගේ මෙහෙයුමෙන් රා කල දොලසක් පෙවූ නාලාගිරි ඇතු මගේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියටම දිව එනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට බලන් ඉන්න බැහැ. මා පළමු කොටම මරපුදෙන්, ඒ ආනන්ද ස්වාමීන් වහන්සේයි. එතරමිම සෙනෙහෙවන්තයි. එවිට භාග්‍යවතුන් වහන්සේ සෘද්ධි බලයෙන් තෙරුන් භික්ෂු පිරිස මැදට වෙන්නට සලසා ඉදිරියට වැඩ ඒ ඇතු දමනය කළ සේක. තෙරුන් මෙහි දී බුදුරදුනට දිවි පිදීමට සිටි සැටිය ගැන භික්ෂූන් අතර කතා ඇති වුණු බොහෝ වතාවල භාග්‍යවතුන් වහන්සේ මෙ වර පමණක් නොව පෙරත් මෙසේ ම තමන් වහන්සේ නමින් දිවි පුදා සිටි සැටි දක්වන සේක් චුල්ලහංස ජාතකය මහා හංස ජාතකය ආදිය වදාළ සේක.
දුටු දුටුවන්ගේ දුක් ගිනි නිවාලන මගේ ආනන්ද ස්වාමීන් දුටුවාම, දුක් ගිනි නිවාගන්න මගේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන හැමෝටම බුදුරජාණන් වහන්සේට කියන්න දුකක් නැහැ. බුදුරජාණන් වහන්සේ වරෙක දේශනා කරනවා, ආනන්ද ඔබ නමි ආශ්චර්යක්, සැබෑවටම ආනන්දයක් යැයි කියා.
මගේ ආනන්ද ස්වාමීන් වහන්සේ තුිපිටකයම දරා, ධර්ම භාණ්ඩාගාරික වුණා. සෑම දේශනාවක්ම,
“මා විසින් මෙසේ අසන ලදී ” යන්නෙන් ආරාමිභයෙන්ම, ආනන්ද ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයෙහි රන් මුද්‍රාව බව පසක් කළා.
ධර්මය නිසා අපි සැනසෙනවා නමි ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ නිසයි. උන් වහන්සේ මනා සිහි නුවණ ඇත්තන් අතරින්ද, ඥාන ඇත්තන් අතරින්ද අග්‍ර වුණා. බුදු වදන් ඉගැන්වීමෙහි, නැවත නැවත කීමෙහිද අග්‍ර වුණා. ඇසූ පිරැ අතරින්ද අග්‍ර වුණා. මගේ බුදුරජාණන් වහන්සේ දීර්ඝව ධර්ම දේශනා කිරීමෙිදී ඇති වන වෙිදනා සමනය කිරීමට බෙහෙත් පවා ශරීරයේ ගැල්වූවා.
ආනන්ද ස්වාමීන් වහන්සේ, මගේ බුදුරජාණන් වහන්සේගේ ගඳ කුටිය වටා රැය පහන් වන තුරැ සක්මනා කළා, කුමන අවස්ථාවක හෝ බුදුරජාණන් වහන්සේ කතා කරයියැයි දෝ සිතමින්. මගේ බුදුරජාණන් වහන්සේ වරෙක දේශනා කරනවා , ආනන්ද ස්වාමීන් වහන්සේගේ හදවතේ ඇති පිරිසිදු බාවය නිසාම මෙි ආත්මයෙහි උතුමි අර්හත් ඵලය ලබාගැනීමට නොහැකි වූවහොත් මරණයෙන් මතු සත් වතාවක්ම සක්විති වන බව.
මගේ බුදුරජාණන් වහන්සේට වසවර්තී මාරයා පිරිණිවන් පාණ සේක්වා යැයි ආරාධනා කල අවස්ථාවෙිදී මගේ බුදුරජාණන් වහන්සේ
“ආනන්ද, තථාගතයන් වහන්සේට කල්පයක් වූවත් වැඩ සිටිය හැකි” යැයි අවස්ථා තුනකදීම පැවසුවත්, ආනන්ද ස්වාමීන් වහන්සේ මරයාගේ වසඟයට අසු වී සිටිය නිසාම නිහඩව සිටියා. වසවර්තී මාරයාගේ ආරාධනාව පිළිගත් බව දැනගත් ආනන්ද ස්වාමීන් වහන්සේ හඬා වැළපෙමින්
“තථාගතයන් වහන්ස මට අනුකමිපාවෙන්ම කල්පයක් වැඩ සිටිත්වා” යැයි ආයාචනා කලත් මගේ බුදුරජාණන් වහන්සේ නිහඬව සිටියා.
දෙවි, බඹුන්, මිනිස් සත්වයාට අනුකමිපාවෙන් වැයූ දමි සක නිවීයාමට ආසන්නයි. මගේ බුදුරජාණන් වහන්සේ අවසාන වතාවටත් සංඝයා වහන්සේලා ඇමතුවා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ හද මඬල පැලී යාමට තරමි වෙිදනාවක් දරා ගනිමින් හඬ හඬා මට අනුකමිපාවෙන් වැඩ සිටි මගේ පියාණන් මා හැර යනවා. අදින් පසු මට කවුද පිහිට වෙන්නේ. මගේ බුදුරජාණන් වහන්සේ අවසාන වතාවටත් ආනන්ද ස්වාමීන් වහන්සේ අමතනවා.
“ආනන්ද වීර්යය කරන්න. නොපමාවම උතුමි අර්හත් ඵලය ලබාගන්න”
මිහිමඬල කමිපා කරමින් මගේ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ සේක.
බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ලෙස ආනන්ද තෙරුන් කටයුතු කළත් උන්වහන්සේට බුදුරදුන් ජීවමාන කාලයේ දී අරහත්වයට පත්වීමට නො හැකි වූහ.
සමිබුද්ධ පරිණිර්වානයෙන් තෙමසක් ගත වු කල පළමු ධර්ම සංගායනාවක අවස්ථාව උදා වුණි. ඒ සඳහා ආනන්ද තෙරුන් වහන්සේගේ අවශ්‍යතාවය දැඩි විය. ඒ උන්වහන්සේ පර්යාප්තිය පිළිබඳ බහුශ්‍රැතයකු බැවිනි. අර්හත්වයට නො පැමිණ සංගායනාවට යාම සුදුසු නොවේ යැයි සලකා ආනන්ද තෙරුණ් වහන්සේ වීර්යය වඩා සව් කෙලෙසුන් නසා සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වූහ. මගේ ආනන්ද ස්වාමීන් වහන්සේ නිකෙලෙස් ආනන්ද මහ රහතන් වහන්සේ වෙමින් සියලු සත්වයාට අනුකමිපාවෙන් තථාගතයන් වහන්සේ වදාළ ධර්ම ස්කන්ධය සංගායනා කරන ලදී.
ආනන්ද මහරහතන් වහන්සේ නොවන්නට අපට තථාගතයන් වහන්සේගේ ශ්‍රී සත් ධර්මය නො ලැබී යනු ඇත.
මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්ම ස්කන්ධය දරාගත් ආනන්ද මහ රහතන් වහන්සේට නමස්කාර වෙිවා..!
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.