Article
පැවිදි වීමට පෙර ගිහි ජිවිතය තුළ ඔබ සිත පමණක් පැවිදි කරගන්නේ කෙසේ ද?
පැවිදිව නිවන් මග වැඩීමට බලාපොරොත්තුවන ඔබ ගිහිව සිටින කාලයේදී ගිහිවත සම්පූර්ණ කිරීම පැවිදිව නිවන් මග වැඩීමට පහසුය. ඔබ ගිහිවත සම්පූර්ණ කර නොමැති නම් නිවීමේ අරමුණ සඳහා පැවිදිවීමට ඉක්මන් නොවන්න. ගිහිවතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවයන් විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්ය ස්වභාවය නිසා විවිධත්වයක් ඇතිවීම ස්වභාවිකය. අප පුදුම විය යුත්තේ…
පාස්කු ඉරිදා ප්රහාරය ධර්මයේ ඇසින්…
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, පසුගිය දිනක(2019.04.21) ඇතිවුණ විනාශකාරී සිද්ධියත් එක්ක බොහෝ දෙනෙක්ට තමන්ගේ ප්රියයන් අහිමි වුණා. ඒ වගේම ජීවත්වීම පිළිඩඳ අවිනිහ්චිත බවක් සිතු තුළ ඇතිවුණා. අපේ ස්වාමීන් වහන්ස, මෙහෙම බලද්දි සමාජයේ බහුතරයක් විශාල මානසික පසුබෑමකට ලක් වෙලා සිටිනවා ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස, මේ වෙනුවෙන් ඔබ වහන්සේ අපිට ධර්මානුකූලව පහදා දෙන්නේ කුමක්ද? මම භික්ෂුවක් හැටියට…
ප්රාතිමෝක්ෂ ශීලය දුර්වල වන්නේ ඇයි?
දිගින් දිගටම පැවති වැසි සහිත කාලගුණය නිසා, පරිසරයේ ගහකොළ සියල්ලක්ම රූපයේ ආශ්වාදයෙන් හොඳටෝම තිරිහන් වෙලා. ළපටි දලූ, ළපටි කොළ වලින් නැවුම් වූ පරිසරය, රූපයේ ආදීනවය ගැන පුංචි හෝ මතකයක්වත් අවධිකොට දෙන්නේ නැහැ. පලූ ගස්වල තරුණ කොළ බුදින වඳුරු රංචුව, මේ දිනවල ආහාර අහේනියක් නැති නිසාම, වෙනදාට වඩා අකීකරුභාවයෙන් කුටිය අවට කැලෑ පරිසරයේ හැසිරෙන්නේ කුටියේ වැලි…
පව නොදන්නා සමාජයට වඩා පව පින හඳුනන බෞද්ධයෙක් වීමේ අගයම දකින්න.
මේ ලිපියට අදාළ සටහන කියවීමේදී පිංවතුන්ලාට සිතිවිල්ලක් සකස්වෙන්න පුළුවන්, සිංහල බෞද්ධයෙක් වීම හරිම අනතුරක් නේද කියලා. මෙය සටහන් තබන භික්ෂුව ගෞරවයෙන්ම පිංවත් ඔබට කියනවා ඔබ බෞද්ධයෙක් වීම මේ ලෝකධාතුවේ ශ්රේෂ්ඨතම සිදුවීම කියලා. සිංහල බෞද්ධ පිංවත් ඔබ පමණක්මයි කළ්යාණ මිත්ර ආශ්රය, සද්ධර්ම ශ්රවණය, නුවණින් මෙනෙහි කිරීම කියන අර්ථය නිවැරදිව දන්නේ. උතුම් චතුරාර්ය සත්ය ධර්මය නිවැරදිව දන්නේ…
පරිසරය ලස්සනට තබාගෙන ආනිශංස එකොළහක් ජිවිතයට ලබා ගන්න.
භික්ෂුව අද උදෑසන පිණ්ඩපාතයේ වැඩම කිරීමට කැලයෙන් මහපාරට අවතීරණය වෙද්දී, පාරේ අයිනේ තිබෙන ගස් සෙවණේ, තැන් තැන්වල බත් ඔතාගෙන පැමිණි පත්තර කොල, තැඹිලි කෝම්බ, වරකා ගෙඩියක් අනුභවකොට ඉතිරි අපද්රව්ය තැන් තැන්වල දමලා. පාසල් නිවාඩුව නිසා වන්දනාවේ යන, විනෝද ගමන් යන වාහන මේ දිනවල පාරේ හුඟාක් වැඩියි. එම පින්වතුන්ලා කෑම කන්න කැලය අයිනේ වාහනය නවත්වලා, ආහාරයෙන්…
පන්සිල් රැකීමේ ආනිසංස.
පින්වතුනි, ගිහි ජීවිතය ගෙවන අයත් පැවිදි ජීවිතය ගෙවන අයත් ඒ හැම දෙනාම සිල්වත් විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් සසර දුකින් එතෙර වන්නට උපකාරී වෙන ඒ සීලය වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ පැහැදිලිව. ගිහි පින්වතුන් හැමදාම පන්සිල් ආරක්ෂා කළ යුතුයි. පොහොය දිනයේ අටසිල් ආරක්ෂා කළ යුතුයි සසර දුකින් මිදීමට කැමති…
පඬුර බෙල්ලේ බැඳගන්න ශීලයේ කොඩිය අතට ගන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙන්නේ දුකට හේතුව වන කාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාව ලාමකයි, තුච්ඡයි කියළා. මේ කාමයන්ගෙන් ආශ්වාදයන්ගෙන් දුරස්වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ. මේ ආශ්වාදයට ඇති ලොල් භාවය නිසාමයි සත්වයා අප්රමාණ අකුසල් සිදුකරගන්නේ. ඒ අකුසල්වල ප්රතිඵලය තමයි කායිකව මානසිකව ඔබ අත්විඳින දුක පසුතැවීම. මෙය හඳුනාගතහොත් ඔබලාට දේවාල ගාණේ පඬුරු බඳින්න, භාරහාර වෙන්න යන්න…
පටිච්චසමුප්පන්න චක්රයම අපේ ලෝකයයි. !
පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස ජීවිතයේ හැම දෙයක්ම වෙනස් වෙලා ගියා. අතීත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් පටිච්චසමුප්පන්න සුළඟට ගසාගෙන ගිහිල්ලා. මගේම ආච්චී, සීයා, අම්මා, තාත්තා මැරුණාට පස්සේ කොහේ ඉපදුනාද කියන්න, මම දන්නේ නැහැ. තරුණ කාලයේ එකට සෙල්ලම් කරපු යාළුවෝ, හුඟදෙනෙක් මිය ගිහිල්ලා. ඒ අය පටිච්චසමුප්පන්නව නැවත සුගතියක ඉපදුනාද කියන කාරණය ඉදිරියේ, මටත් තිබෙන්නේ…
පටිච්චසමුප්පන්න ක්රියාවලිය.
ප්රශ්නය :- ස්වාමීන් වහන්ස තව ප්රශ්නයක් තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදය ගත්තට පස්සේ අපට ස්වාමීන් වහන්සේලා වගේ අපේ පුද්ගලික දැනීමේ හැටියට අපි අහල තියෙන විදිහට පටිච්ච සමුප්පාදයේ දකින විදිහට අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා සමහරක් භාවනා ක්රමවල උගන්වන්නේ අපි දැකලා තියෙනවා ඕකේ ජීවිත තුනකට සම්බන්ධ කරනවා. පළමුවන ජීවිතය අවිජ්ජා පච්චයා සංඛාරා නිසා ඊට පස්සේ…
නිහඬ නවාතැන්පල.
දීර්ඝ අවිවේකී ධර්මදේශනා මාලාවක් නිමාකොට, විවේකී වස් සමයක නිහඬ නවාතැන්පල. මේ නවාතැන්පල මාගේ සුන්දර කුටිය නොව, අතීතයේ දස දහස් වාරයක්, මා වල දැමූ සුසාන භූමියයි. නෙත ගැටන දසුනින්, ආශ්වාදයද නොව, ආදීනවයද නොව, නිස්සරනයේම අර්ථය මතුකොට ගන්න දක්ෂ වෙන්න. දුප්පත් කටුමැටි කුටියක, පිරී ඉතිර යන ධර්මයේ පොහොසත් බව, අඳුරු රැයක වුවද, ප්රභාශ්වර සිතක උරුමය ඔබට ලබාදෙනු…