හදන්න බැරි ලෝකය හදන්න ගොස් මෙලොව, පරලොව දුකට වැටුණ මොන තරම් පිරිසක් ගිහි පැවිදි සමාජයේ සිටියා ද? සිටිනවා ද?

සත්ත්වයාගේ කුසල් අකුසල් සංස්‌කාරයන් හේතුවෙන්ම සකස්‌වෙන ස්‌වභාවික පරිසරය, සුන්දර ධර්මයේ අර්ථයනුත්, අසුන්දර අධර්මයේ අර්ථයනුත් ඔබට කියලා දෙනවා. කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්‌මහ බැලුම් බලලා බුදුරජාණන් වහන්සේනමක්‌ පහළවන යුගය කුසල් ධර්මයන්ගේ ඵලයෙන් ගොඩනැගෙන සුන්දර පාරිසරික කතාවක්‌ අපට කියලා දෙනවා. කුසල් ධර්මයන්ගේම ඵලයෙන් බිහිවුණා වූ සුන්දර පරිසරයක්‌. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම විශාලා මහනුවර…

Read More

සෝවාන් වීම අතිශය අසීරු ද?

ප්‍රශ්නය : ගෞරවණීය ස්වාමීන් වහන්ස, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවාන් භාවයට පත්වීම අතිශය අසීරු කාරණයක් ද ස්වාමීන් වහන්ස…? පිළිතුර : අනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ විශාඛාව, අනේපිඬු සිටාණන්, නකුල මාතා, නකුල පියා ඔය වගේ දසදහස් ගණන්, ලක්ෂ ගණන් උපාසක උපාසිකාවන් හිටියා. ඒක අපහසුතාවයක් නැහැ. ඒක අපහසු වෙන්නේ අපි තුළ විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසුයි…

Read More

සීමිත වූ පංචස්කන්ධයේ අගය

බොහෝ දේවල් වල වටිනාකම අපට දැනෙන්නේ ඒවා අහිමිව යද්දීය. නිරතුරුව පවතිද්දී අගය ආශාව නොදැණුන බොහෝමයක් දේවල් වලට අමුතු ආශාවක්, අගයක්, වටිනාකමක් ඒවා නැතිවී යන බව වැටහෙද්දී , නැතහොත් නැතිව ගිය පසු සිතට දැනෙයි. නිවැසියන් හා එක්ව සිටින තාක් කල් නොදැනුණු අගය, ආදරය , ඔවුන්ගෙන් ඈත්වද්දී දැනෙයි. ළඟ සිටින තාක් කල් අගයක් නොමැතිව තිබු පුද්ගල සබඳතා…

Read More

සිල්පද ආරක්ෂා කරගන්න.

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩසිටින කඳු මුඳුනේ කුටියට වැව් පිටිය හොඳට පෙනෙනවා. මේ වෙලාවේ මීහරක්‌ 75 ක පමණ රංචුවක්‌ තණ උලා කනවා. වැවේ සිටින කිඹුලා ජලයෙන් මතුවෙලා යටයන නිසා වැව් දියට බැසීමට බයෙන් වතුර එකතුවී ඇති කුඩා දිය කඩිති වල සමහර සතුන් විවේක ගන්නවා. මේ සත්තු රැළ භික්‍ෂුවට පෙනෙන්නේ මාරසේනාවක්‌ හැටියට. නමුත් මේ මීහරක්‌…

Read More

සිල් රැකීමේ අනුසස්.

“පඤ්චිමේ භික්ඛවේ! ආනිසංසා සීලවතො සීල සම්පදාය. කතමේ පඤ්ච? ඉධ භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං භික්ඛවෙ පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවතො සීල සම්පදාය කල්‍යාණො කිත්ති සද්දො අබ්භූග්ගච්ඡති. අයං භික්ඛවෙ දුතියො ආනිසංසො සීලවතො සීල සම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තිය පරිසං වා යදි…

Read More

සිල් රැකිය යුතු ආකාරය.

ශීලය සමාදන් වී නො රැකිය හොත් එහි ඇති වටිනාකමක් නැත. සමාදන් වූ ශීලය එක් ඇසක් ඇති තැනැත්තා ඇස ආරක්ෂා කරන්නාක් මෙන් ද, එක් දරුවකු ඇති මව දරුවා රක්නාක් මෙන් ද ඉතා ආදරයෙන් රක්‍ෂා කළ යුතුය. ලාභයක් හෝ අලාභයක් නිසා හෝ කෙනකු සතුටු කිරීමට හෝ අඹු දරුවන් නිසා හෝ ශීලය නො බිඳිය යුතුය. නුවණැත්තෝ ජීවිතය නිසා…

Read More

සිතට එන නරක සිතුවිලි දුරු කරන ක්‍රම 5ක්.

මජ්ඣිම නිකායේ විතක්ක ඝණ්ඨාන සූත්‍රය භාවනාමය වශයෙන් සිත වඩන්නකු වෙත උපකාරී වන දේශනයකි. එය භාවනා යෝගියකුට පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී වුවද පුද්ගලයා කෙරෙන් නිරන්තරයෙන් පැන නගින අකුසල සහගත සිතිවිලි මැඩ පවත්වා ගැනීමට කදිම අත්වැලක් සපයයි. සූත්‍ර නාමකරණයේ දැක්වෙන විතක්ක යන්නෙන් අදහස් වනුයේ සිතිවිලිය හෙවත් විතර්කයන්ය. අකුසල විතර්ක ප්‍රධාන වශයෙන් තුනකි. එනම් ලෝභ, ද්වේශ, මෝහ වශයෙනි….

Read More

සිත නිවාගන්න..

සඳ ඇති රාත්‍රියක නිසංසල තැනක හිඳගෙන සඳ දෙස බලා සිටින විට, සඳෙහි කිසියම් චමත්කාරයක් මනසට දැනෙන්න පටන් ගනීවි. සඳඑළිය සෞම්‍ය බවට මනස කියාවි. සඳඑළිය මුදු බව මනස කියාවි.සඳ ඇති රාත්‍රිය ආනන්දනීය බවට මනස කියාවි. එසේ සිතෙන විට නොදැනුවත්ම සඳ කෙරෙහි කැමැත්තක්, පහන්බවක්, ඇලෙන බවක් දැනේවි. එහෙත්…මනසට දැනුන ඒ කිසිවක් සැබැවින්ට සඳට හෝ ඇහැට අයත් නැති…

Read More

සැරියුත් මහරහතන් වහන්සේගේ නිවාත ගුණය.

මම උසස් ය, අන්‍යයන් මාහට ගරු බුහුමන් කළ යුතු ය. මා කියන දෙය පිළිගත යුතු ය. මට අනුකූල විය යුතු ය. මා විසින් අන්‍යයන්ට යටත් නො විය යුතු ය. ගරු නො කළ යුතුය. අනුකූල නො විය යුතු ය. කියා ඇති වන උමතුකම හෙවත් මානය බැහැර කොට, අන්‍යයන්ට අනුකූල ව වෙසෙන ස්වභාවය නිවාත ගුණය ය. මෙය…

Read More

සැබෑ සුවපත්භාවය, නිරෝගිභාවය කුසල් සංස්කාරයන් තුලමයී සැගවී තිබෙන්නේ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුෂ්‍යාගේ ආයුෂ අවුරුදු විසිදාහයි, මේ කාලයේ ජිවත්වෙච්ච මනුෂ්‍යයින් පීඩාවන් පහකට පමණයි මුහුණ දෙන්න සිද්ධ වුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිරු එළිය හේතුවෙන්, ශිතල හේතුවෙන්, කුසගින්න හේතුවෙන්, පිපාසය හේතුවෙන්, දරු ප‍්‍රසුතිය හේතුවෙන් ඇති වෙන්නා වූ දුක් පහට පමණයි. එදා මනුෂ්‍යයෝ මුහුණදුන්නේ. වර්තමානයේ වගේ සියගණන් ලෙඩ රෝග පාරිසරික දුෂණ යුධමය ප‍්‍රශ්න එදා…

Read More