Article
පින්වත් ඔබ වඩාත් කැමති දෙය මොහොතක් හෝ අතහරින්න.
පිංවත් ඔබ වඩාත් කැමති කරන දෙය මොහොතක් හෝ අතහරින්න පුරුදුවෙන්න. පිංවත් ඔබ අද රාත්‍රියට රසවත් ආහාර වේලක් අනුභව කිරීමට බලාපොරොත්තුව සිටිනම් ඒ කැමැත්ත ඔබ අතහරින්න. අද රාත්‍රියට සාමාන්‍ය ආහාර වේලකින් සෑහීමකට පත්වෙන්න. ඉතිරිකරගත් මුදල දන් දෙන්න. ඔබ හිතන්න හෙට ඔබ වටිනා ලස්සන ඇඳුමක් ගන්න සාප්පුවට යනවා කියලා. ඔබ ඒ කැමැත්ත අතහරින්න. හෙට ඔබ මිලෙන් අඩු…
පින්වත් ඔබ ලෝකයෙන් හුදකලා වෙන්න. එම හුදකලාව තුල සිටිමින් ලෝකය දකින්න.
මනුෂ්‍යයා තුළින් තෙරුවන් කෙරෙහි සද්ධාව සහ ශීලයේ උතුම් හරයන් ශක්තිමත් වෙනකොට මනුෂ්‍යයා තුල මනුෂ්‍යත්වයේ ඕජාව ලියලා වැඩෙනවා. මනුෂ්‍යත්වයේ ඕජාව කියන්නේ අලෝහ අද්වේශ අමෝහ ධර්මයනුයි. මේ ඕජාව මනුෂ්‍යයා තුළ වැඩෙනකොට තමා තුළින් පංචනීවරණ තුනීභාවයට පත්වී, තමාත් සාමකාමී වෙනවා සමාජයත් සාමකාමී වෙනවා. අධික තෘෂ්ණාව නිසාම මනුෂ්‍යයා මනුෂ්‍යත්වයේ ඉපදීමට අවශ්‍ය ඕජාව සැප සෙවීමට යන ගමනේදී හීනකරගන්නවා. දැන් මනුෂ්‍යයා…
පිටි කොටන්න ගිය කාලය ඉතිරිවුණා. ඉතිරි කරපු කාලයේ කෝ පිං පිරුණා…?
නවීන තාක්ෂණික උපකරණ ගෙදරදොර පරිහරණයට පැමිණීම නිසා ම, එදිනෙදා ජීවිතයේ දී, පිංවත් ඔබට මොන තරම් කාලයේ ඉතිරියක් ලැබී තිබෙනවා ද..! භික්ෂුවට මතකයි, අපි පොඩි කාලයේ අවුරුදු ළංවෙනකොට කැවුම් හදන්න අම්මා සමඟ ගල්වංගෙඩියේ හාල් කොටනවා, පිටි හලනවා. හාල් කිලෝ දෙකක් දියේ දමලා පිටි කොටන්න එදා පැය තුන හතරක කාලයක් ගතවෙනවා. වර්තමානයේ එම කටයුත්ත, තාක්ෂණය විසින් පැය…
පිංවත් ඔබ සුන්දර සමාධිමත් සිතකින් ලෝකය දකින්න…
සුන්දර චීවර මාසය අපෙන් ඈත්වෙලා ගියේ, අමතක කළ නොහැකි ගොඩාක් පාඩම් අපිට කියලදීලා. පිනෙන් පිරුණු සුන්දර කඨින පිංකමකට පුළුවන් නම්, එම පිංකම මුල්කොටගත් සංස්කාරයන්ට පුළුවන් නම්, කල්ප ගණනාවක දිව්‍ය සැපයන් අපට ලබාදෙන්න, ඒ සුන්දර කඨින වස්ත්රයම, චීවර ප්රත්යවෙක්ෂාවෙන් තොරව අපි පරිහරණය කළොත්, කල්ප ගණනාවක්ම දුක් විඳීමට අවශ්‍ය අකුසල්ද විවෘතවම අපේ ජීවිත ඉදිරියේ තිබෙනවා. මෙය සටහන්…
පිංවත් ඔබ අවංකවම දුප්පත් කෙනෙක් නම්…
පිංවත් ඔබ අවංකවම දුප්පත් කෙනෙක් නම්, ඔබ, ඔබේ පිණ්ඩපාත දානයට බතුයි පොල් සම්බෝලයි පූජා කරන්න. එය ඔබට මහත්ඵල මහානිශංස පිංකමක් වෙනවා. මොකද අවංකවම ඔබට තිබෙන දෙයයි ඔබ දන් දෙන්නෙ. නමුත් යම් පිංවතෙක්, තමන් ප්රණීතව ආහාර අනුභව කරලා, අනුනට අප්රණීතව නොවටිනා, දෙවැනි ශ්‍රේණියේ දෙයක් පූජා කරනවා නම්, එවැනි පිංවතුන්ලාට පටිච්චසමුප්පන්නව තමන්ට ලැබෙන කිසිම දෙයකින් සෑහීමකට පත්නොවන…
පිං පව් එනවා අපි පසු පස්සේ – 2.
මේ ලිපිය ලියන අවස්ථාවේ භික්ෂුව වැඩසිටින්නේ රජරට ප්‍රදේශයේ ආරණ්‍යයකය. භික්ෂුව වැඩසිටින ගල් කන්දේ ඉහළ කුටියට ගල් කන්ද පාමුල පිහිටි වැව හොඳට පෙනෙනවා. ඉඩෝර කාලය නිසා වැව හුඟක් හිඳිලා. ඊයේ රාත්‍රී 8.00 පමණ මුළු කඳුවැටියම දෝංකාර දෙමින් වෙඩි හඬක් ඇසුනා. මෙය මේ ප්‍රදේශයට සාමාන්‍ය සිද්ධියක්. පිපාසයට ජලය සොයාගෙන එන වන සතුනට දඩයක්කරුවන් වෙඩි තියනවා. මුළු රාත්‍රිය…
පිං පව් එනවා අපි පසු පස්සේ – 1
භික්ෂුව මෙම ලිපිය සටහන් කරන්නට වසර දෙකකට පමණ පෙර හඳුනාගත් පවුලක් හිටියා. මේ පවුලේ සාමාජිකයන් සංඝයා කෙරෙහි බොහොම ගෞරවය ඇති පිනට දහමට ලැදි අයයි. මේ පවුලේ එකම පිරිමි දරුවාට වයස අවුරදු 15 ක් පමණ වන පාසල් වියේදී රිය අනතුරකින් මරණයට පත්වෙනවා. ගාලුපාරේ ගමන් කළ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයක නැගී තම ඥාති නිවසකට යමින් සිටියදීයි මෙම…
පැවිදි වීමට පෙර ගිහි ජිවිතය තුළ ඔබ සිත පමණක් පැවිදි කරගන්නේ කෙසේ ද?
පැවිදිව නිවන් මග වැඩීමට බලාපොරොත්තුවන ඔබ ගිහිව සිටින කාලයේදී ගිහිවත සම්පූර්ණ කිරීම පැවිදිව නිවන් මග වැඩීමට පහසුය. ඔබ ගිහිවත සම්පූර්ණ කර නොමැති නම් නිවීමේ අරමුණ සඳහා පැවිදිවීමට ඉක්මන් නොවන්න. ගිහිවතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවයන් විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍ය ස්වභාවය නිසා විවිධත්වයක් ඇතිවීම ස්වභාවිකය. අප පුදුම විය යුත්තේ…
පාස්කු ඉරිදා ප්‍රහාරය ධර්මයේ ඇසින්…
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, පසුගිය දිනක(2019.04.21) ඇතිවුණ විනාශකාරී සිද්ධියත් එක්ක බොහෝ දෙනෙක්ට තමන්ගේ ප්‍රියයන් අහිමි වුණා. ඒ වගේම ජීවත්වීම පිළිඩඳ අවිනිහ්චිත බවක් සිතු තුළ ඇතිවුණා. අපේ ස්වාමීන් වහන්ස, මෙහෙම බලද්දි සමාජයේ බහුතරයක් විශාල මානසික පසුබෑමකට ලක් වෙලා සිටිනවා ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස, මේ වෙනුවෙන් ඔබ වහන්සේ අපිට ධර්මානුකූලව පහදා දෙන්නේ කුමක්ද? මම භික්ෂුවක් හැටියට…
ප්රාතිමෝක්ෂ ශීලය දුර්වල වන්නේ ඇයි?
දිගින් දිගටම පැවති වැසි සහිත කාලගුණය නිසා, පරිසරයේ ගහකොළ සියල්ලක්ම රූපයේ ආශ්වාදයෙන් හොඳටෝම තිරිහන් වෙලා. ළපටි දලූ, ළපටි කොළ වලින් නැවුම් වූ පරිසරය, රූපයේ ආදීනවය ගැන පුංචි හෝ මතකයක්වත් අවධිකොට දෙන්නේ නැහැ. පලූ ගස්වල තරුණ කොළ බුදින වඳුරු රංචුව, මේ දිනවල ආහාර අහේනියක් නැති නිසාම, වෙනදාට වඩා අකීකරුභාවයෙන් කුටිය අවට කැලෑ පරිසරයේ හැසිරෙන්නේ කුටියේ වැලි…