ඔබේ තෘෂ්ණාවේ සුමිහිරි ගීතය අනාගත දුකේ අඳෝනාවක්‌මය.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා රූපය, වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය නිරතුරුවම වෙනස්‌ වෙනවාය කියලා. සිතාගන්න බැරි ආකාරයට කිපෙනවාය, කැඩෙනවාය, බිඳෙනවාය, විසිරෙනවාය කියලා. සංස්‌කාරයන්ගේ විපරීත වීමෙන් නිශ්චලව පැවැති මහා සාගරය යක්‍ෂාවේශයෙන් ගොඩබිමට ගලන්නා සේ සංස්‌කාරයන්ගේ විපරීත වීමෙන් මේ ජීවිතයේ බෞද්ධ ඔබ ඊළඟ ජීවිතයේදී අබෞද්ධයෙක්‌ වෙන්න පුළුවන්. සංස්‌කාරයන්ගේ විපරීතභාවයෙන් විඤ්ඤාණය විපරීත ඵලයන් නිපදවනවා. ලෝකය ඔබට වූ කල, විනාශයේ විත්තිකරුවාත්…

Read More

ඔබේ තරුණ ලස්සන රුව කවුද රැගෙන ගියේ ?

ආදරය කියන වචනය පිංවත් ඔබට බොහෝම ප්‍රියමනාප හැඟීමක්‌ දෙන වචනයක්‌. ඇසේ ආශ්වාදය උදෙසා තවත් ඇසකට බැඳුනොත්, කනේ ආශ්වාදය උදෙසා තවත් කනකට බැඳුනොත්, නාසය නිසා තවත් නාසයකට බැඳුනොත්, දිව නිසා තවත් දිවකට බැඳුනොත්, මනස නිසා, කය නිසා තවත් මනසකට කයකට බැඳුනොත් අපි එයට කියනවා ආදරය කියලා. ඇසක්‌ ඇසක්‌ සමග බැඳෙනවා කියන්නේ දුකක්‌, දුකක්‌ සමග බැඳෙනවා කියන…

Read More

ඔබවහන්සේ ඩිමාන්ඩ් කරනවා නේ ද?

බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවංක භාවයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරලා, ලබන්නා වූ සත්‍ය අත්දැකීම්, මෙලෙස පිංවත් ඔබේ වීර්යය උදෙසා සටහන් තබන කොට, සමහර පිංවතුන්ලා භික්‍ෂුවට චෝදනා කරන අවස්ථාත් තිබෙනවා. පසුගිය පිංවත් මහත්මයෙක් භික්‍ෂුවට චෝදනාත්මකව කාරණයක් සඳහන් කළා. එම චෝදනාව එම පිංවත් මහත්මයාගේම වචනවලින් භික්‍ෂුව මෙහි සටහන් තබනවා. ඒ මහත්මයාගේ චෝදනාව ඔබවහන්සේ ඩිමාන්ඩ් කරනවා නේද කියලා. ඩිමාන්ඩ්…

Read More

ඔබත් අනෙක් අයත් අතර නැතිනම් වෙනසක්, දුකින් පිරුණු සසර කතර සදා උරුමයක්.

වරක්‌ භික්‍ෂුව වස්‌ තුන්මාසය එක්‌තරා ගම්මානයකට ආසන්න කුටියක වැඩ සිටියා. මාසයකටම එක්‌ දිනක්‌ පමණයි ගමේ ගෙදරකට පිණ්‌ඩපාතය බෙදන්න යෙදී තිබෙන්නේ. වෙසක්‌ පෝය දිනය ආවත් ඒ අය තමන්ගේ දිනයට පිටින් වෙනත් දිනයක අතිරේකව දානයක්‌ බෙදන්නේ නැහැ. නමුත් මේ ගමේ එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ හිටියා, ඇය තම දානය යෙදී ඇති දිනයට අමතරව මාසයකට හතර පස්‌වතාවක්‌, පාරට ඇවිත් ගෙදර…

Read More

ඔබට සාධාරණය ඔබ තුළමයී.

අජාසත්ත රජතුමා එක්‌තරා සඳ ඇති රාත්‍රියක තමන්ගේ ඇමැති මණ්‌ඩලය කැඳවල විමසීමක්‌ කරනවා මේ සඳපායාලා තිබෙන සුන්දර රාත්‍රියේ මට සුන්දර ධර්මයක්‌ ඇසීමට ඇත්නම් එය විශාල සහනයක්‌ කියලා. ඇමැතිවරුන් තම තමන් ගරු කරන ශාස්‌තෘවරුන්ගේ නම් කියනවා. එක ඇමැතිවරයෙක්‌ කියනවා නිඝන්ඨනාථපුත්ත අහවල් තැන වැඩ සිටිනවා අපි එතනට යමු කියළා. තව ඇමැතිවරයෙක්‌ කියනවා සංජය බෙල්ලට්‌ඨපුත්ත අහවල් තැන වැඩසිටිනවා අපි…

Read More

ඔබට තේරෙන භාෂාවෙන් කුණුපයන් කියවන්න.

කායානුපස්‌සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට හොඳින් සිත යොමුකරලා හොඳින් හුස්‌මගන්නය කියලයි. මුළු කයටම හොඳින් දැනෙන විදිහට, තේරෙන විදිහට හුස්‌ම ගන්න, පිටකරන්න කියලා. ආශ්වාස ප්‍රාශ්වාසයේ දිග භාවය, කෙටි භාවය දකිමින් හුස්‌ම ගන්නය කියලා. ක්‍රමානුකූලව ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වන විට, එම සැහැල්ලුවන බව දකිමින්, හුස්‌ම ගන්නය කියලා. තවමත් ඔබ හුස්‌මට අදාළවයි කායානුපස්‌සනාවට මුල…

Read More

ඔබට අසන්නට ලැබෙන සුන්දරම වචන පෙළ.

මනුෂ්‍යයෙකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට මෙලොවදී අසන්නට ලැබෙන ශ්‍රේෂ්ඨම, උතුම්ම අත්දැකීම කුමක්‌ද කියලා ඔබ දන්නවාද? මේ කියන්න යන වචන පෙළ විශ්වයේ ඔබට අසන්නට ලැබෙන සුන්දරම වචන පෙළයි. මේ වචන පෙළේ අර්ථය ඉක්‌මවා ගිය සුන්දරත්වයක්‌ මේ විශ්වයේ කොතැනකවත් නොමැත. මේ වචන පෙළේ සුන්දරත්වයක්‌ ඔබ දකින්න නම් ඔබ නිවන් මග වඩන කෙනෙක්‌ම වෙන්න ඕනේ. ඔබ තුළ දැන් කුතුහලයක්‌ තිබෙනවා…

Read More

ඔබ හැදුණොත් රට හැදේවි…

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ් නමක් සමස්ත ලෝක ප‍්‍රජාවට ම කාරණ හතරක් පමණක්මයි දේශනා කරන්නේ. පළමුවැනි කාරණය තමයි දුක, දෙවැනි කාරණය තමයි මෙන්න දුකට හේතුව තෘෂ්ණාව. තුන්වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීම. හතර වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීමේ මාර්ගය, පිංවතුනේ ඉහත කාරණා හතර පහළවීමයි. බුදුරජාණන්වහන්සේගේ පහළවීමේ අර්ථය. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක,…

Read More

ඔබ සැබැවින්ම ධර්මානුකූල බෞද්ධ පිංවතෙක් ද?

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක් දස පාරමී ධර්මයන් පුරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ, ලෝකයාට චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මය දේශනා කිරීමටයි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය කියන්නේ, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයටයි. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ් සැබැවින්ම සරණ ගියා කියන්නේ, බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කොටගත් සැබෑම බෞද්ධයෙක්ය කියලා කියන්නේ මේ උතුම් චතුරාර්ය…

Read More

ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටේද? එසේ නම් වරද ඒ අයගේ නොවේ…

සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක්‌ පිහිටකොට, ගන්නවාසේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න, ධර්මය පිළිසරණ කොටගන්න, එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්‌, දොම්නස්‌ ඇති වෙන්නේ, කුමක්‌ නිසාද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටගන්නවා, රූඵය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවාය කියලා ගන්නවා, නමුත් එය වෙනස්‌වෙන කොට, විපරිනාම වෙනකොට, ශෝක පරිදේව දුක්‌…

Read More