Article
උපන් බිමට ඇති ධර්මානුකුල සම්බන්ධය කුමක් ද?
තවත් සිංහල අලුත් අවුරුද්දක් උදාවෙනවා. සිංහල අලුත් අවුරුද්දක් උදාවෙන්නේ අපේ සිංහලකම, බෞද්ධකම අලුත් කරගන්න. සිංහලකම, බෞද්ධකම අලුත් වෙන්නේ තීන්ත ආලේප කරලා, අලුත් ඇඳුම් අන්දවල, කැවුම් කිරිබත් හදලා පමණක් නොවේ සිංහලකම, බෞද්ධකම අලුත් වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිත වලට එකතු කොට ගැනීමෙන් පමණක් මයි. සිංහල අලුත් අවුරුද්ද සමරන්න ලක ලැහැස්ති වෙන පින්වත් ඔබ මොහොතක්වත් සිතුවාද…
ඉන්ද්‍රීය සංවරයෙන් නෙළුම් විල පිරික්සමු.
දෙසැම්බර් පාසල් නිවාඩුව පටන් අරගෙන. උදෑසනම පිණ්ඩපාතය පූජා කරගන්න, දෙමාපියන් සමග පැමිණෙන පාසල් වයසේ දරුවන්, මේ දිනවල ගොඩාක් වැඩියි. අපේ රටේ බොහෝම ගුණාත්මක දරු පරපුරක් සිටිනවා. දෙමාපියන් භික්ෂුවට දෙකට නැමිලා වන්දනා කරද්දී, පසඟ පිහිටුවලා වන්දනා කරන දරුවන්, භික්ෂුව, ඕනෑ තරම් දැකල තිබෙනවා. අපේ රටේ දරුවන් සතු මේ ගුණාත්මක භාවය හේතුඵල ධර්මයක්. පෙර ජීවිතයේදී මේ රටේම…
ආශ්වාදයට රැවැටීම නිසා ශීලය බිඳ ගැනීම.
පිංවත මේ දිනවල මාරයාගේ සංස්කාර ආදායම් වාර්තාගත විදිහට ඉහළ ගිහිල්ලා. එයා අතිකාල දමාගෙන අධ්‍යාත්මික සහ බාහිර රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගෙන් ඇති තරම් සංස්කාරයෝ හම්බකරනවා. මාරයා හිතේ හැටියට සංස්කාරයෝ හම්බකරද්දී, කුසල් වෙළඳපොළේ කොටස් මිල හොඳටෝම කඩාවැටිලා. පිංවත මේ දවස්වල තම සංස්කාර ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා මාරයා අලූත්, අලූත් වෙළඳ දැන්වීම් සමාජගත කරනවා. පිංවත ඔබ දැක්කාද අලූත්ම…
ආර්ය හුදෙකලාව ඝෝෂාව ඉදිරියේ නොබිදෙන්නකි.
සුන්දර වස්සාන කාලයෙන් හරි අඩක් ම ගෙවී ගිහිල්ලා. අදත් උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට කුටියෙන් බැහැරට වැඩීමට පෙරාතුව, මොහොතක් ඇස්දෙක පියා ගෙන ආවර්ජනය කළා, “මා විසින් සමාදන් වුණා වූ වස් ශීලය, මේ උදෑසන නැවත ආවර්ජනය කරමි”යි කියල. භික්ෂූන් වන අපි, සෑම උදෑසනක ම අප සමාදන් වූ වස් ශීලය අමතක වීමට ඉඩ නොදී ආවර්ජනය කළ යුතු වෙනවා. බුදුරජාණන්…
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවිය, ශීලයේ පළිහ දරාගත් දේශයේ සැබෑ රැකවලා වන්න.
මීට සති දෙකකට පෙරාතුව, රන් තැඹිලි පැහැයෙන් ප්රභාෂ්වරව ආලෝකවත් වූ, නව යොවුන් වෙසක් සඳ, රූපයේ, වේදනාවේ, හඳුනා ගැනීමේ, අනිත්‍යභාවය මොනවට කියා පාමින්, ආකාශයෙන් අතුරුදන්ව ගිහිල්ලා. කැලෑ පරිසරය තිත්ත කළුවරයි. තොරතෝංචියක් නැතිව කෑගසන, මුහුණ රවුම්, ලා දුඹුරු පැහැති කුඩා බස්සාගේ ගොරෝසු කට හඬ කැලය දෙසින් ඇසෙනවා. අපි හැමෝම කැමතියි, මිහිරි වචන, ප්‍රිය වචන, සත්‍ය වචන අහන්න….
ආදරේ අරුත මතු කරගන්න.
අද උදෑසන තරුණ යුවළක්, භික්ෂුව මුණගැසීමට කුටියට පැමිණියා. මේ දෙපළ විවාහවෙලා තිබෙන්නේ ගෙවී ගිය මැයි මාසයේදී. භික්ෂුව එම යුවළගෙන් ඇසුවා. ඔබලා විවාහ වූයේ යෝජනාවකින් ද, එසේත් නැතිනම් යාළුවෙලා ද කියල. තරුණ මහත්මයා ප්‍රකාශ කළේ මේ මගේ ඇවැස්ස නෑනා ය කියල. සමාජය දෙස බලන කොට, ආදරය කියන වචනයේ අර්ථය හරිම සංකීර්ණ බවකුයි පෙනෙන්නේ. නමුත් ධර්මයේ ඇසින්…
අවිද්‍යාවේ වියරු සත්‍යය දැන ගන්න.!
පිංවත, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් තව තවත් ජීවිතයට සමීප කරලා අතීතයේ අත්විඳි සෑම විඳීමක්ම මිරිඟුවක් සේ ජීවිතයෙන් මැකී යනවා. උදේ සවස විදර්ශනාත්මකව මෙනෙහි කරමින් සිටින්න, රැලි වැටෙන සමක්, දිය වී යන මස්පිඬු ගොඩක්, දුර්වල වී යන ආයතන හයක් පමණක්මයි, ඔබ, මට වර්තමානයේ ඉතිරිකොට දී තිබෙන්නේ. භික්ෂුවට මතකයි ගිහි ජීවිතයේ දී ඔබ එනතුරා මම මග…
අපේ ජීවිත පෝෂණය කරන ධම්මානුපස්සනාව…
පිංවත, දුක ජය ගන්න නම් සැපය සතුටින් පිළිගන්න එපා. දුකත්, සැපත් යන දෙක කෙරෙහිම උපේක්ෂා සහගත වෙන්න. එතැනයි දුකේ සහ සැපයේ නිරෝධය තිබෙන්නේ. කවදාකවත්ම ඔබේ ගැටෙන සිතත් සමග ඔබ ගැටෙන්න එපා. ඔබේ සතුටු සිතත් සමග ඔබ ආස්වාදය ලබන්න එපා. ඔබ තුළ සකස්වෙන ඇලීම් සහ ගැටීම් සිතුවිලි සමග සාකච්ඡා කරන්න. ඔබ කොහොම ද සාකච්ඡා කරන්නේ? “සිත”…
අනෝතප්ත විල අතහැර පිහිනුම් තටාකයට පනින අසරණයෝ.
රාත්රියේදී සියලූ වැඩ කටයුතු අවසන් වුව ද නිදි ඇඳේදී හෙට ගැන සැලසුම් කරනවා. ඒ කියන්නෙ අනාගත රූපස්කන්ධ තෘෂ්ණාවෙන් රත් කරනවා. හෙට උදෑසන විඳීම් සෙවීමේ බලාපොරොත්තුවෙන් ජීවිතය නමැති තුඹස දුම් දමනවා. පින්වත් ඔබ රාත්‍රියට සිහින දකින්නේ, උදෑසන අවදි වෙන්නේ රාත්‍රි තුඹසේ නොනිමී තිබූ දුම්රොටු වලින් රත්වෙලාය. ඒ නිසා ම පින්වත් ඔබේ ජීවිතය උදෑසන පටන් ගිනි ගන්නවා….
අනිත්‍ය මතුකොට දක්වන පෙරගමන්කරු.
පිංවත, ලස්සන මලක් දැක්කොත්, ඔබ ඒ ලස්සන මලට සුවපත් වේවා යැයි සිතන්න. එවිට ඔබේ සිත ඒ මලට වඩා ලස්සන වේවි. දැන් ඔබට පුළුවන් සුවපත් වේවා යැයි සකස් වූ මෛත්‍රී චිත්තය විදර්ශනාවෙන් දකින්න. එවිට ඔබේ සිත ප්‍රඥාවෙන් ආලෝකවත් වේවි. පිංවත, ලස්සන දේවල් අපි දකින්නේ අපේ පටිච්චසමුප්පන්න පෙර පින නිසාමයි. අනාගතයේ දවසක් එනවා, ලස්සන දේවල් ලෝකයෙන් අතුරුදන්…