Article
ඔබේ ඔය මහන්සිය හිස් අතින් මැරෙන්න ද?
මේ ජීවන ගමනේදී ඔබේ ක්‍රියාකාරකම් පැහැදිලිව කොටස් දෙකකට බෙදාගන්න. එකක් ඔබගේ සැපය උදෙසා කරන ක්‍රියාවන්. අනෙක අනුන් උදෙසා කරන ක්‍රියාවන් හැටියට. මෙතැනදී අනුන් උදෙසා කරන ක්‍රියාවන් හැටියට ගැනෙන්නේ රැකියා, ව්‍යාපාර, ගොවිතැන්, පවුල් ජීවිතය සහ සමාජීය ජීවිතය සමග බැඳුණු සියලුම වගකීම්. මේ සියල්ල අනුන් උදෙසායි ඔබ කරන්නේ කියලා දකින්න. ඔබ උදෙසා ඔබ සිදුකරගන්නා දේවල් මොනවාද? තෙරුවන්…
ඔබට පීඩා කරන ලොකු කුඩා කුමන වර්ගයේ සතෙක් හමුවුව ද, එම සතා මාරයා බව දැනගන්න.
මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්ෂක ක්‍රමවේදයක් උපයෝගී කරගෙන මඟහැරයන්න. මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක් පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්ෂිත උපක්‍රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන පිංවතුන්ලාට…
ඔබ සිහිබුද්ධියෙන් අතහරින්න.
භික්ෂුවට හමුවූ ප්‍රේතයන්ගේ ස්වභාවය හරිම අපූරුය. එක් ප්‍රේතියකගේ මුඛය නොමැත. තොල් එකට ඇලී ගොස්ය. ඒ පෙර සංසාරයේ දන් නොදීම සහ අනුන්ව දන් නොදීමට පෙළඹවීමේ කර්ම විපාක නිසා විය යුතුය. තවත් ප්‍රේතයෙක්ගේ ඇස්වලින් ගින්දර නිකුත්වේ. ඇස් නිරතුරුවම ගිනි ගනී. අනුන්ගේ ජයග්‍රහණ, දියුණුව ඉවසීමට නොහැකිව කළ අකුසල් නිසා මෙසේ වූවා කිය හැකිය. තවත් ප්‍රේතයෙක්ගේ ඇස් වලින් සුදු…
ඔබ වහන්සේ ගිහි ජිවිතයේ දී විවාහ නොවී පැවිදි වූයේ ඇයි?
වරක් පිංවත් මහත්මයෙක් විමසුවා, ඔබ වහන්සේ ගිහි ජීවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයිද කියලා. භික්ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සෑම පුරුෂයෙක්ම, ස්ත්‍රියක්ම අතීතයේ මට බිරිඳවෙලා, ස්වාමිපුරුෂයා වෙලා තිබෙනවා. මට පෙම්වතෙක්, පෙම්වතියක් වෙලා තිබෙනවා. මට අතීතයේ බිරිඳක්, ස්වාමිපුරුෂයෙක්, පෙම්වතෙක්, පෙම්වතියක් නොවූ කිසිම සත්ත්වයෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ…
ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක් නේ ද?
පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්ෂුව දන් වළඳනවා. භික්ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්. දායක මහත්මයෙක් මේ මාළු කෑල්ල දැක භික්ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක් නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා. භික්ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ…
ඔබ යක්ෂයා ඉදිරියේ දෙවියෙක්ම වන්න…
ධර්ම සාකච්ඡාවක් අවසානයේදී එක් මැදිවියේ මහත්තයෙක් ප්‍රකාශ කළේ, තමන්ගේ බිරිඳ හරියට කේන්ති ගන්නවා. තමන් කොපමණ අවවාද කළත් ඇය අහන්නේ නැහැ. බිරිඳ ධර්මයට කැමැති නැහැ. එයාට කේන්ති ගියහම හරියට යක්ෂණියක් වගේ කියලා. ඒ මහත්මයා අසනවා ‘මම මොකද හාමුදුරුවනේ කරන්නේ’ කියලා. ඒ වෙලාවේ භික්ෂුව ඔහුට ප්‍රකාශ කළේ ‘ඔබම කියනවා, ඔබගේ බිරිඳ යක්ෂණියක් වගේය කියලා. බිරිඳ ඔබට ඔය…
ඔබ මේ උපන් බිමේ සත්පුරුෂ දරුවෙකුම වන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් උපන් කිඹුල්වත් පුර නුවරින් හමා එන සුළඟත් සුවදායකයි කියලා. එසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බෝධිසත්වයන් වහන්සේ නමක් පස්මහ බැලුම් බලල ලෝකයට පහළ වන දේශයත්, හේතුඵල ධර්මයක් නිසාමයි. යම් පිංවතෙක් උපදින මවුබිම කියන්නේ හේතුඵල ධර්මයක්. පිංවත් ඔබ සුන්දර ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් ශ්‍රී සද්ධර්මය මුල්බැසගත්, ආර්යය මහා සංඝරත්නය වැඩ සිටින භූමියක…
ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසක, උපාසිකාවක් නම් ඔබ ඉටුකළයුතු පූජනීය වගකීම…
දුක තුනී කරන තෘෂ්ණාව සියුම් කරන එකම එක මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔබට යුතුකමක් තියෙනවා, ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම්, ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් නම්, ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසක, උපාසිකාවක් නම් ඔබට ඉටුකළයුතු පූජනීය වගකීමක් තියෙනවා. ඒ පූජනීය, වන්දනීය වගකීම තමයි ඔබ දුකෙන්…
ඔබ නැවත නැවතත් ‘අ’ යන්නම ඉගෙන ගන්නේ ද ?
භාවනාව වර්තමානයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්. වයස් භේදයකින් තොරව දෙස් විදෙස් පිංවතුන් විශාල පිරිසක් මේ ජනප්‍රිය මාතෘකාව තුළින් සැනසුම සොයනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ දඹදිව මිනිසාගේ විමුක්තිය අරමුණු කොට ගොඩනඟාගත් මිථ්‍යා දෘෂ්ඨී හැට දෙකක් තිබුණු බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සෑම දෘෂ්ඨීයක් ඇති වූයේ, වර්ධනය වුණේ, මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩි වුණ…
ඔබ තවමත් ප්‍රමාද බව දකින්න.
විශාඛා උපාසිකාව ලබාගත් වර අට ගැන ඔබ මොහොතක් සිතන්නකෝ. ඔබ මේ කරුණු අටෙන් කීයක් ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවාද? නිතිපතා නෙවෙයි මසකට වතාවක්වත්… අවුරුද්දට වතාවක්….. ඔබ මහා සංඝරත්නයට දන් දෙන කෙනෙක්ද? වැසිසළුවක් පූජාකරන කෙනෙක්ද? මහා සංඝරත්නය උදෙසා අනෙකුත් උපස්ථානයන් සිදුකරන කෙනෙක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට තට්ටුකරල අහන්න. පිළිතුර ‘ඔව්’ වුණත් සෑහීමකට පත්වෙන්න එපා. ඔබ ඔබට…