Article
පන්සිල් රැකීමේ ආනිසංස.
පින්වතුනි, ගිහි ජීවිතය ගෙවන අයත් පැවිදි ජීවිතය ගෙවන අයත් ඒ හැම දෙනාම සිල්වත් විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් සසර දුකින් එතෙර වන්නට උපකාරී වෙන ඒ සීලය වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ පැහැදිලිව. ගිහි පින්වතුන් හැමදාම පන්සිල් ආරක්ෂා කළ යුතුයි. පොහොය දිනයේ අටසිල් ආරක්ෂා කළ යුතුයි සසර දුකින් මිදීමට කැමති…
පඬුර බෙල්ලේ බැඳගන්න ශීලයේ කොඩිය අතට ගන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙන්නේ දුකට හේතුව වන කාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාව ලාමකයි, තුච්ඡයි කියළා. මේ කාමයන්ගෙන් ආශ්වාදයන්ගෙන් දුරස්වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ. මේ ආශ්වාදයට ඇති ලොල් භාවය නිසාමයි සත්වයා අප්‍රමාණ අකුසල් සිදුකරගන්නේ. ඒ අකුසල්වල ප්‍රතිඵලය තමයි කායිකව මානසිකව ඔබ අත්විඳින දුක පසුතැවීම. මෙය හඳුනාගතහොත් ඔබලාට දේවාල ගාණේ පඬුරු බඳින්න, භාරහාර වෙන්න යන්න…
පටිච්චසමුප්පන්න චක්‍රයම අපේ ලෝකයයි. !
පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස ජීවිතයේ හැම දෙයක්ම වෙනස් වෙලා ගියා. අතීත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් පටිච්චසමුප්පන්න සුළඟට ගසාගෙන ගිහිල්ලා. මගේම ආච්චී, සීයා, අම්මා, තාත්තා මැරුණාට පස්සේ කොහේ ඉපදුනාද කියන්න, මම දන්නේ නැහැ. තරුණ කාලයේ එකට සෙල්ලම් කරපු යාළුවෝ, හුඟදෙනෙක් මිය ගිහිල්ලා. ඒ අය පටිච්චසමුප්පන්නව නැවත සුගතියක ඉපදුනාද කියන කාරණය ඉදිරියේ, මටත් තිබෙන්නේ…
පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය.
ප්රශ්නය :- ස්වාමීන් වහන්ස තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදය ගත්තට පස්සේ අපට ස්වාමීන් වහන්සේලා වගේ අපේ පුද්ගලික දැනීමේ හැටියට අපි අහල තියෙන විදිහට පටිච්ච සමුප්පාදයේ දකින විදිහට අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා සමහරක් භාවනා ක්‍රමවල උගන්වන්නේ අපි දැකලා තියෙනවා ඕකේ ජීවිත තුනකට සම්බන්ධ කරනවා. පළමුවන ජීවිතය අවිජ්ජා පච්චයා සංඛාරා නිසා ඊට පස්සේ…
නිහඬ නවාතැන්පල.
දීර්ඝ අවිවේකී ධර්මදේශනා මාලාවක් නිමාකොට, විවේකී වස් සමයක නිහඬ නවාතැන්පල. මේ නවාතැන්පල මාගේ සුන්දර කුටිය නොව, අතීතයේ දස දහස් වාරයක්, මා වල දැමූ සුසාන භූමියයි. නෙත ගැටන දසුනින්, ආශ්වාදයද නොව, ආදීනවයද නොව, නිස්සරනයේම අර්ථය මතුකොට ගන්න දක්ෂ වෙන්න. දුප්පත් කටුමැටි කුටියක, පිරී ඉතිර යන ධර්මයේ පොහොසත් බව, අඳුරු රැයක වුවද, ප්‍රභාශ්වර සිතක උරුමය ඔබට ලබාදෙනු…
නිවසේ සිටම පහසුවෙන් භාවනාව වඩන ආකාරය.
ගිහී යෝගියෙක්ට සිය නිවසේ දී භාවනා කළ හැකිද කියලා කියනවා. ඇත්ත වශයෙන්ම පුළුවනි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයෙත්, ඊට පසු කාලවලත්, ලංකාවෙත් බොහෝ ගිහි බෞද්ධයෝ සිය නිවෙස්වල භාවනාව කරලා තියෙනවා. පිනුත් කරනවා. මේ භාවනාව කිරීමට වාඩි වෙලාම කියලා නියමයක් නෑ. තමාට පහසු ඉරියව්වක… පුටුවකින් වාඩි වෙලා හරි හිටගෙන හරි කැමති කැමති ඉරියව්වක භාවනා කරන්නට නිවසේදිත්…
නිවන් මඟ ගමන් කරන පිංවතා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිවන් මඟ ගමන් කරන පිංවතා, කාරණා හතකට ගරුකළ යුතුයි කියලා. එම කාරණා හත තමයි බුදුරජාණන් වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට, ශීලයට, සමාධියට, අප්‍රමාදීභාවයට, ධර්ම සාකච්ජාවට. ධර්ම සාකච්ජාව නිවන් මාර්ගයට අදාළ ගරුකළයුතු ධර්මයක් වෙනවා. ධර්ම සාකච්ජාව සාර්ථක කරගැනීමට නම් සවන්දීමේ හැකියාව අපි ඇතිකරගතයුතු වෙනවා. නිවන් මාර්ගයේ ගමන්කරන පිංවතාට නිහඬ පරිසරය හුඟාක් වැදගත් වෙනවා. අපි…
නව වසරක් දී වැඩි අවධානය යොමු කළ යුත්තෙ…
ලබන්නාවූ නව වසරේදී රෝගීභාවය සහ අල්පආයුෂයි මනුෂ්‍ය ජීවිතය ඉදිරියේ තිබෙන බරපතලම අනතුරබවට පත්වෙන්නේ. මේ කෙටි ආයුකාලය තුළ මනුෂ්‍යයා තම ජීවිතය බරපතළ ශිල්පද බිඳීම් සහ අකුසල් මූලයන්කරා යොමුකර ගනිමින් මෙම කෙටි ආයුෂ කාලය දීර්ඝ අනාගත භවදුකකට යොමුකරගනිමින් සිටී. වර්තමාන සමාජය දෙස බැලීමේදී පිංවත් ඔබට හොඳින්ම පෙනෙනවා මනුෂ්‍ය සමාජය, අනිත්‍යවූ, තමන් වසඟයේ තබාගැනීමට නොහැකි ධනයක්, බලයක්, වත්පොහොසත්කමක්…
ධර්මයේ මහානුභාවය අනුන්ගෙන් නොව තමා තුළින්ම අත්දකින්න.
පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්ඛත්ත වැනි මිත්‍යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම සිහිපත් කරමින්, ධර්ම රත්නයේ අයෝමය බලය කෙරෙහි විශ්වාසය ඇතිකොටගන්න. පිංවත් ඔබේ ජීවිතය කියන්නේ ධර්මයේ උතුම් ගුණයක්මයි. පිංවත් ඔබ ලබන සෑම සැම වේදනාවක්ම ධර්ම රත්නයේ උතුම් ගුණයක්මයි. අබුද්ධොත්පාද කාලයක ජීවමානව පවතින…
ධර්මය සරල පිළිතුරක්.
බුදුරජාණන් වහන්සේ සොයාගෙන ධර්ම පිපාසයෙන් පැමිණි කිසිවෙකුටත් උන්වහන්සේ කටුසටහන්, මුද්‍රිත පොත් දුන්නේ නැහැ. ආනන්ද ස්වාමීන්වහන්සේ හමුවී වැඩි විස්තර දැන ගන්න යෑයි කීවේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ භාවනා පංතියට යන්න කීවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශණා කලේ ‘මහණෙනි මේ ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යනම් ඇස නිසා සකස් වෙන ඵස්ස, වේදනා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයනුත් අනිත්‍යයයි’ කියලා. බුදුරජාණන් වහන්සේ බාහිය…