නව වසරක් දී වැඩි අවධානය යොමු කළ යුත්තෙ…

ලබන්නාවූ නව වසරේදී රෝගීභාවය සහ අල්පආයුෂයි මනුෂ්‍ය ජීවිතය ඉදිරියේ තිබෙන බරපතලම අනතුරබවට පත්වෙන්නේ. මේ කෙටි ආයුකාලය තුළ මනුෂ්‍යයා තම ජීවිතය බරපතළ ශිල්පද බිඳීම් සහ අකුසල් මූලයන්කරා යොමුකර ගනිමින් මෙම කෙටි ආයුෂ කාලය දීර්ඝ අනාගත භවදුකකට යොමුකරගනිමින් සිටී. වර්තමාන සමාජය දෙස බැලීමේදී පිංවත් ඔබට හොඳින්ම පෙනෙනවා මනුෂ්‍ය සමාජය, අනිත්‍යවූ, තමන් වසඟයේ තබාගැනීමට නොහැකි ධනයක්‌, බලයක්‌, වත්පොහොසත්කමක්‌ අයිතිකරගන්න බලවත්ව ශිල්පද බිඳීම යන අකුසලමූලයන් කරා යනවාය කියන කාරණය.

පිංවත්, සද්ධර්මයට කැමති ඔබ, ලබන්නාවු නව වසරේදී වැඩි අවධානයක්‌ යොමුකළයුත්තේ තමන්ට ලැබෙන ආයුෂ කාලයෙන් තවත් වසරක්‌ ගෙවීගියා, ඉතිරිව ඇති කෙටි ආයුෂය තුළ මම කෙසේද කුසල් වැඩෙන පිංකම්කරමින් අඩු ආයුෂ අනතුරෙන් මිදී, දීර්ඝ ආයුෂ ලබන, සතර අපා අනතුරෙන් මිදුන දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ වෙන්නේ කියන කාරණය ධර්මානුකූලව මතුකර දකින්නට. වර්තමාන සමාජය තුළ අතීත දානයන්ට අදාළව සැපය විපාකදීමේ උච්ඡ ස්‌වභාවයකුත් ශීලයට අයත් සත්ව ඝාතනය, සත්ව හිංසාවන්, මිච්ඡා ආජීවයන් සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලතාවන් හේතුවෙන් විපාකයට පැමිණෙන රෝගීභාවය සහ අල්පආයුෂ කියන කාරණා දෙකම එකට බද්ධ වී දෙයාකාරයකින් ක්‍රියාත්මක වන බවත් පෙනෙනවා. අතීත ශිල්ප ද බිඳීම නිසා අඩු ආයුෂත්, අතීත දානයන්ගේ ආනිශංස හේතුවෙන් අඩු ආයුෂය තුළ සැප ලැබීමත් කියන කාරණා දෙකම ක්‍රියාත්මක වෙනවා…!!!

තෙරුවන් සරණයි…!!!

අති පුජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…