Article
භික්ෂුවට ලස්සන වැඩිකර ගන්න පුළුවන්.
භික්ෂුව මුණගැසෙන්නට පැමිණි මැදිවියේ මහත්මයෙක් ප්‍රකාශ කළේ, ස්වාමීන්වහන්ස, මගේ නෝනාගේ කන්දොස්කිරියාව අහලා මට දැන් ජීවිතයත් එපා වෙලාය තිබෙන්නේ කියලා. මගේ නෝනා කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. නොසෑහීම ජීවිතය කොටගත් නෝනා මහත්මියක්ය කියලා. මම වෙළෙඳපොළට ගිහිල්ලා වටිනාම හොඳම ඇඳුමක් පැළඳුමක්, ආහාරයක්, ගෘහ උපකරණයක් ගෙනත් දුන්නත්, ඒක අතට අරගෙන අසන්නේ අපෝ මීට වඩා හොඳ එකක් තිබුණේ නැද්ද…
පංච උපාදානස්කන්ධ ලෝකයට වැරදි කියන්න එපා.
පිංවත, සම්මා සම්බුද්ධ සාසනය තුළ අවුල්, වියවුල්, ගැටුම්, මතභේද, විවේචන තිබෙන්නට විදිහක් නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ උතුම් ප්රාතිමෝක්ෂ ශීලයයි. විනය ශිල්පද දෙසිය විස්සකින් සහ වරද නිවැරදි කරන අධිකරණයන් හතකින් ජීවය ලබන සම්මා සම්බුද්ධ ශාසනය, අපි හැමෝම චතුරාර්ය සත්‍යය අවබෝධය දක්වාම සමාධියෙන්, ප්‍රඥාවෙන්, ඥාන දර්ශනයන්ගෙන්, විමුක්තියෙන් ජීවත් කරවනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයෙකුගේ ජීවිතය කියන්නේ මේ…
දරුවන්ගේ නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වැඩිදියුණු කොටගන්නේ කෙසේ ද?
පාසල් දරුවන් තමන්ගේ නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වැඩිදියුණු කොට ගැනීමට නම්, නිරතුරුවම තමන්ගේ දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් සමඟ කථා කරන්න ඕනේ. පින්වත් දරුවන්ට මතුවෙන ප්‍රශ්න, ගැටළු, සැක සහිත තැන් ගෞරවයෙන් යුතුව අසා දැනගන්න ඕනේ. මෙතනදී තමයි ඔවුන් ලබන අලුත්, නැවුම් දැනුම ඔස්සේ, නුවණින් මෙනෙහි කිරීමෙන් පින්වත් දරුවන්ගේ සතිය සිහිය වැඩිදියුණු වෙන්නේ. පින්වත් දරුවන් ගුරුතුමාගෙන් විමසනවා, ඇස්…
කොරෝනාව පරාජය කළත් ඔය ජිවිතය දිනුවාද?
දිනය පුරාවට අපිව ආලෝකමත් කරපු හිරු, බටහිර අහස් කුසෙන් බැස යන්නයි සූදානම් වෙන්නේ, රත් පැහැයෙන් දිළිහෙන හිරු, තවත් මොහොතකින් අපේ දෑස් මායිමෙන් සමුගනීවි, නැවත හෙටත් උදෑසන අපිව ආලෝකමත් කරන්න එන බලාපොරොත්තුවෙන්. සෑම රූපයක්ම, සෑම විඳීමක් ම, වෙනස් වෙලා යනවා අපිව ලෝකය තුළ නතර කරලා. මෙම ලිපිය සටහන් කරන භික්ෂුව, සංස්කාර විසින් කල්ප සියක් කෝටි ප්‍රකෝටි…
ඔබේම මළකඳ මිහිදන් වූ අතීත සුසාන භූමිය.
පිංවත, ඔබ ගොඩාක් දේවල් මගේ කොටගෙන ඒ සියල්ල මගේ යැයි සිතාගෙන සිටියත්, ඔය කිසිවක් ඔබට අයිති නැහැ. මොහොතක් සිහි නුවණින් දකින්න, අනාගතයේ යම් දවසක ඔය මගේ කොටගත් සියල්ලම හැර දමා, සතර දෙනෙක්ගේ කර මතින් පවුලේ සුසාන භූමියට යන අවසන් ගමන. හැබැයි ඉතින් ඒ සුසාන භූමියට යන්නේ මළ කඳක් පමණක්මයි. ඔබේ පටිච්චසමුප්පන්න නැවත උපත භවාත්රයේ කොතැනකට…
ඔබේ රූපය තුළින් අට්ඨික සංඥාව දකින්න.
ගෞරවනීය පිංවත, ඔබ බුදු දහම දැකලා තිබෙනවා ද? බුදු දහම යම් තැනකද එතැන ආර්ය අෂ්ටාංගික මාර්ගය, සප්ත බොජ්ඣඬ්ඟයෝ, සතර සතිපට්ඨාන ධර්මයෝ, ඉන්ද්‍රීය ධර්ම, බල ධර්ම, සතර සම්‍යක්ප්‍රධාන, සතර ඍද්ධිපාද මේ සියල්ලෝම තිබෙනවා. මේ සියලු ලෞකික සහ විදර්ශනාත්මක ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය නමැති එකම අම්මාගේ පුණ්‍යවන්ත දරුවෝ. පිංවත් ඔබ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතුකොට…
ඔබ ඉපදුනේ නොමඟ යන්න නොවේ.
පුංචි පාසල් දරුවෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇසුවා, ස්වාමීන් වහන්ස, මල් ගස්වල පිපෙන සමහරක් මල් හරිම සුවඳයි. නමුත් තවත් සමහර මල්වල කිසිම සුවඳක් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඇත්තටම සමහරක් මල් ගොඩාක් ලස්සන වුණත්, වර්ණය සහ හැඩයක් තිබුණත්, ඒ මල්වල සුවඳ පොඩ්ඩක්වත් නැහැ. පිංවත, අජීවී බීජ නියාමයන් සකස් වෙන්නේ, සජීවී අපේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළවයි. අනාගතයේ…
ඔබ අහිංසක ශිෂ්‍යයින්ට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න.
සති අන්තයේ නිවාඩු දිනවල පාසල් වයසේ දරුවන් ගොඩාක් උදෑසන පිණ්ඩපාත මඩුවට පැමිණෙනවා. සමහරක් දරුවන් පසඟ පිහිටුවලා සංඝයාට වන්දනා කරනවා. බොහෝම ඉන්ද්‍රීය සංවරභාවයෙන් සංඝයාට දන් පූජා කරනවා. පුංචි දරුවන්ගේ මේ සංවරශීලී හැසිරීම් දකිද්දී, භික්ෂුවට සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට පිළිබඳව පුංචි බලාපොරොත්තුවක් ඇති වෙනවා. සියළු සංස්කාරයෝ අනිත්‍ය වුවත්, ඒ උතුම් අනිත්‍ය ධර්මයන් අපට උගන්වන මේ උතුම් සම්මා…
උපන් දිනය දවසේ මුලින්ම හිතන්න ඇයි මම ඉපදුණේ කියලා.
ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ කය තෘෂ්ණාවෙන් වැඩුණාය කියලා කියන්නේ පිංවත් ඔබ යම් දවසක උතුම් රහත්ඵල අවබෝධය ලැබුවොත් ඔබ සතර මහා ධාතුවෙන් සැදුන අධ්‍යාත්මික රූපයන්, බාහිර රූපයන්, අධ්‍යාත්මික රූපයට බැසගත්තා වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, අනිත්‍ය වූ ධර්මතාවන් බව අවබෝධකොටගන්නවා. ඒ නිසාම එම රහතන්වහන්සේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මන්ද එම රහතන්වහන්සේ තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩසිටින්නේ. ඒ නිසාම…
අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?
වර්තමාන සමාජය ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්‍ය සමාජය, මෘග සංඥාව කරා ගමන් කිරීමේ, බීජයම අවස්ථාව හැටියටයි, ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්‍යයා, ශීලයෙන් බැහැරව, මිථ්‍යා දෘෂ්ටිය කරපින්නාගෙන, තිරිසන් සතුන් සේ, හැසිරෙන, මෘග සංඥාව කරා ගමන් කරන, මෘග සංඥා කෝච්චිය, වර්තමානයේ ඉබි ගමනින්,…