Article
උත්සාහ කරන්න…
වෙනසක් නැතිව සැමදෙනාටම මෛත්‍රිය වඩන්න.. එවිට දැනේවි සිතේ ඇති ද්වේශයේ තරම. අරමුණක් ඇති විටෙක විරාගී වන්නට බලන්න. එවිට දැනේවි සිතේ ඇති රාගයේ බලය. තමන්ට නොලැබුණු, තමන් ආස දෙයක් අන් අයට ලැබුණු විට හදවතින්ම “අනේ තවත් වැඩි වැඩියෙන් ලැබේවා ! ” සිතන්න. එවිට දැනේවි සිතේ ඇති ඊර්ෂ්‍යාවේ මහත. තමන්ට නරකම කරන කෙනෙකුට විපතක් වූ විට හදවතින්ම…
උඩු සුළගේ හමනා සත්පුරුෂ ගුණ.
සාමාන්‍යයෙන් ලෝකයේ සුවඳ හමන්නේ සුළං හමන දිශාවටමයි. නමුත් මේ ලෝකයේ සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ සුළං හමන දිශාවටත් ප්‍රතිවිරුද්ධ දිශාවටත් හමනවා. මේ ගැන එදා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේයි. අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කොට පසෙකින් වැඩ සිටියා. ඉන්පසු ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ස්වාමීනී, සුවඳ උපදවන…
ඊලග උපතට හේතුවන මරණාසන්න සිත…
මරණාසන්න මොහොත මතු උපතට බලපාන්නේ කෙසේදැ’යි දැන ගැනීමට බොහෝ දෙනා කැමැතිය. කිට්ටු සෙනෙහෙබර ඥාතියෙකු මිය ගිය විට ඔහු හෝ ඇය හැසිරුණු ආකාරය අනුව සමහරු නොයෙක් අදහස් දරති. මේ අදහස් ඇතැම්විට ජන සමාජයේ විශ්වාස හා පිළිගැනීම් ඇසුරෙන් ඇතිවීමට පිළිවන. එසේ නැතිනම් ආගමික ඉගැන්වීම් පදනම් කරගෙන ජන සමාජය තුළ පැතිරීමටද හැකිය. බෞද්ධයන් අතර ද තමන් ඇසූ අන්දමට…
ඊයෙ දවසෙ කේන්තියක් ආවෙ කුමක් නිසාද කියල දැන් ඔබ දුක්වෙනව නේද?
ඊයෙ දවසෙ කේන්තියක් ආවෙ කුමක් නිසාද කියල දැන් ඔබ දුක්වෙනව නේද? නමුත් ඒ කේන්තිය ඊයෙ ඔබේ කරගත්ත. අද වෙද්දි තේරෙනව ඒ කේන්තිය ඔබට අයිති නෑ කියල. කේන්තිය ඔබට අයිති නැති වුණත් කේන්තිය පිටිපස්සෙ ඇතිකරගත්ත අකුසලය ඔබ පිටිපස්සෙ තියෙනව. අද දවසේ ඔබට කේන්තියක් ආව නම් ඔබට ඒ කේන්තියත් අයිති නෑ. කේන්තියක් ආවෙ ඇයි? බාහිර රූපයක් ඵස්සය…
ඉන්ද්රිය සංවරය.
සතර සංවර ශීලය කොටස් හතරකින් තියෙනවා . ප්රාතිමෝක්ෂ සංවර ශීලය ,ඉන්ද්රිය සංවර ශීලය ,ආජීව පාරිශුද්ධ ශීලය , ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය කියලා . අපි සමාදන් වෙන පන්සිල්,අටසිල් අයිති වෙන්නෙ ප්රාතිමෝක්ෂ සංවර ශීලය ට. එහෙනම් මේ ශීලයේ පිහිටලා ඉන්ද්රිය සංවර ශීලය ඇති කරගන්නත් ඕන. ඇහැ දෙකට බෙදාගන්න ඕන .කන දෙකට බෙදා ගන්න ඕන. නාසය ,දිව ,ශරීරය දෙකට…
ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය.
සසර දුකින් මිදී නිවනට පැමිණීම වනාහි පස්කම් සුව විඳිමින් ම පහසුවෙන් සිදු කළ හැකියක් නොව, මහෝත්සාහයෙන් දීර්ඝ කාලයක් පිළිවෙත් පුරා සිදුකර ගත යුත්තකි. නිවන් ලබනු කැමතියන්ට එය ලබනු සඳහා පිරිය යුතු ප්‍රතිපත්තියක් ඇත්තේ ය. එහි කරුණු අටක් ඇත්තේ ය. එ බැවින් ඒ ප්‍රතිපත්ති ක්‍රමයට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක්…
ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැමෝටම එකම කාලසටහනක් වෙන්න බැහැ.
ගිහි ජීවිතයේදී මා තුළ සැගව වැඞී තිබූ මමත්වයේ කුණු හැව මගේ ජීවිතයට බලවත් ප්‍රශ්න මතුකළ අවස්ථා ගොඩක් තිබුණා. මා තුළ තිබූ සක්කාය දිට්ඨියේ තීව්ර භාවයමයි, මාව සක්කාය දිට්ඨියේ නිරෝධය දෙසට යොමුකළේ. මට මතකයි මා රාජකාරි සිදුකළ ආයතනයක ප්‍රධානියා, මට කියනවා ලලිත් ඔයා ඔයාගේ කේන්තිය අඩුකර ගන්නේ නැතිනම් ඔයාට අනාගතයේ කිසිම දෙයක් හරියන්නේ නැහැය කියලා. ඒ…
ආනන්ද මහ රහතන් වහන්සේ
මිහිකත සනසා සනසා මගේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් සත්වයාගේ නිර්වාණය නැමති සඳ මඬල විවර කරනවා. උන් වහන්සේ නිසාම එක් අයෙක් සැනසේ නමි ඔහු සදහාම මගේ බුදුරජාණන් වහන්සේ පා ගමනින්ම ගමි නියමිගමි වඩිනවා. මගේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ මුල් කාලයේ ස්ථීරවම උපස්ථාන කරන්න අයෙක් සිටියේ නැහැ. නාගසාල,නාගිත,උපවන,චුන්ද,සමනුද්දේස,සාගත,රාධ,මෙිඝිය යන තෙරණුවන් කාලයෙන් කාලයට උපස්ථාන කළා.වරක් නාගසාල තෙරණුවන් යෝජනා කල මාර්ගයේ…
ආටානාටිය සූත්‍රයන් කියවෙන්නේ යකුන් එළවීමක් ගැනද ?
එදා මෙන්ම අදත් පිරිත් දේශනා අවස්ථාවලදී අටානාටිය සූත්‍රය දේශනා කරන අවස්ථාව කාගේත් විශේෂ අවධානයට භාජනය ලක් වේ. එයට හේතුව බොහෝ පිරිස් අතර මෙම සූත්‍රය දේශනා කරන විට නිවසේ සිටින අමනුෂ්‍ය කොටස් ගෙන්වා එළවනවා යැයි මතයක් පැවතීමයි. මේ නිසා කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා එම වෙලාවේදී එළියට පහළියට බසිනු දක්නට ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. සැබවින්ම මෙම…
ආචාර වෙඩිමුර නැති යුද වීරයා වන්න.
වර්තමානයේදී ඔබ සුඛෝපභෝගී නිවසක නවීන ගෘහ භාණ්ඩ තබාගෙන සුසිනිඳු ඇඳ ඇතිරිලි, සිනිඳු ඇඳුම් ආයිත්තම් පරිහණය කරගෙන ජීවත්වුණත්, ලක්ෂ ගණන් වටිනා වාහන, රන් රිදී පාවිච්චි කර ඔය කය කලඑළි කළත්, අතීතයේ දවසක අපි හැමෝම සැරව, රුධිරය, මේදය, අසූචි, මුත්‍ර, බොකු බඩවැල්, වමනය, දිරවූ, නොදිරවූ ආහාර වැනි ජරාගොඩක් මැද, බැලුම් බෝලයක් වැනි ආවරණයක් මැද වකුටුවී, අප්‍රසන්න අමිහිරි…