Article
ජිවිතය වර්තමානය තුළ නවතාගන්න.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට අවවාද කරනවා, ලද දෙයින් සතුටු වෙන්නය කියලා. නොලද දෙය ගැන පසුතැවෙන්න එපාය කියලා. භික්ෂූන් වහන්සේ වන අපි අපේ ලැබීමත්, අපේ නොලැබීමත් යන කාරණාවන් දෙකම උපයෝගීකොටගත යුත්තේ, විතර්කයන්ගෙන් තොර සමාධිමත් සිතක් උදෙසාම ය. ලැබීමෙන් මාන්නයට පත් වී, නොලැබීමෙන් හීනමානයට පත්වී, අපි අපේ ඵස්සය ඉදිරියේ ඇලීම් සහ ගැටීම් වැඩිකොට ගතහොත්, අපෙන් ඈතට…
ජිවිතය ගැන කතා කරද්දි දුක ඊට බැදිලා තියෙනවා…
අද උදේ පිණ්ඩපාතයේ වඩිනකොට හොඳටම වැහිරීගිය ශරීරයකින් යුත් එළදෙනක් මහ පාරට යාබදව ඇති වැව් පිටියේ බිම වැටී දඟලනවා. ඒ එළදෙනගේ අත් පා ගැහෙනවා. පෙබරවාරියේ කර්කශ ඉඩෝරයේ කටුකභාවය, වැහැරීගිය එළදෙනගේ ශරීරයේ ස්වභාවයෙන් ඉතා අර්ථවත්ව මතුකොට දෙනවා. සත්වයාගේ අකුසල් මෝදුකොට, විපාකයන් සලස්වන්න, මේ කටුක වියලි පරිසරය බොහෝම සමීපභාවයෙන් උපකාර කරනවා. තවම පෙරවරු 8.00 ට වත් නැහැ. හිරුගේ…
චෛත්‍ය එළිකිරීමේ අනුසස්.
• පහංකර තෙරුන් වහන්සේගේ කතා පුවතින්. බුදුරදුන් කල විසූ මහ රහතන් වහන්සේලාගෙන් කෙනෙකු වන පහංකර තෙරුන් වහන්සේ අතීතයේ එක් කපෙක මිනිස් ලොව ඉපිද වන කාර්මිකයෙක් වූහ. දිනක් ඒ වන කාර්මිකයා වනයෙහි ඇවිදිනුයේ කිසිවකුට ලංවිය නොහෙන තරමට වල් වලින් වැසුණු චෛත්‍යයක් දුටුවේය. එය පදුමුත්තර බුදුරදුන්ගේ චෛත්‍යයකි. එය දැක වන කාර්මිකයා “චෛත්‍යය කෙරෙහි ගරු සිත් උපදවා බුදුගුණ…
ගිනි ගෙන දැවෙන ප්‍රේත පිඹුරා.
අප කරන පින් පව් වල විපාකය ඒ මොහොතේදීම ඵල දෙන්නේ නැහැ. කිරි දොවපු ගමන් මිදෙන්නේ නැහැ වගේ. පාපය වැඩිපුර බර පහළට තල්ලු කරන්නයි. කළුකර්ම වලින් අප පහළට ඇද වැටෙනවා. දිනක් මුගලන් මහරහතන් වහන්සේත්, ලක්ඛන මහ රහතන් වහන්සේත් ගිජ්ඣකූඨ පර්වතයේ වඩිමින් සිටිද්දී මහා පිඹුරෙක්ව දුටුවා. ඒ පිඹුරාගේ හිසෙන් පටන්ගෙන වලිගය දක්වා ගිනිගෙන දැවෙනවා. නැවත වලිගයෙන් පැන…
කෝටියක් සක්වල අණ පැතිරූ මහා බලසම්පන්න ආරක්ෂක පිරිත.
මේ ඔබට කියවන්න ලැබෙන්නේ අපූරු පිරිත් ආරක්ෂාවක් ගැනයි. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුබ්බේකතහේතු වාදය නම්වූ ‘සියල්ල පෙර කර්මය අනුව සිදු වේ’ යන්න නොවදාළ දෙයකි. උපන් සත්වයා ජරාවටත්, ව්‍යාධියටත් පත්වේ. උපන් සත්වයා ජරා මරණය කරා යයි. ලෙඩ දුක් වුවත් කාරණා අටක් නිසා හටගනී. (වාත සමුට්ඨානා ආබාධා) වාතය…
කාමයේ වරදවා හැසිරීම,ස්ත්‍රී උපත් සහ දූෂණය.
බුදුන් වහන්සේගේ සමයේ දී එක්තරා රහතන් වහන්සේ නමක් රහත් වී සිංහනාද කර පවසන්නේ; උන්වහන්සේ බුදුන්ගෙන් කමටහන් ගෙන අමු සොහොනක,එදා මළ ස්ත්‍රියකගේ විරූපී වී ගිය ශරීරයක් දෙස බලා භාවනා කිරීමට උත්සාහ කරත් කාම සිතුවිලි එම මළ ස්ත්‍රිය කෙරෙහි ද සකස් වූ නිසා ඉන් ඉවත්ව ගොස් කාමයේ තුච්ඡ බව අරමුණු කිරීමෙන් උතුම් රහත් ඵලය ලැබූ බවයි. මින්…
කාමයේ අදීනවයන්.
ධර්ම දේශනාවක් අවසානයේදී පිංවත් තරුණයෙක් ප්‍රශ්නයක් විමසුවා. “හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්කොම අනිත්‍යයි…. මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ ” කියලා. මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක් ඇතිවෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම…
කාම මිථ්‍යාචාරය.
කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්රීන්ට…
කවදා මිදෙමු ද හඩන වැළපෙන ලොවින්?
අසීමිත දරු සෙනෙහසින් යුත් තුරුණු මවක් දරුවා ද කර පින්නාගෙන වීථියක් වීථියක් පාසා, ගමක් ගමක් පාසා අවසිහියෙන් මෙන් දුවන්නී ය. ඇය දුටුවන්ගේ නෙතට ලක් වන්නේ පිස්සියක මෙනි. හමු වන හමු වන අයගෙන් ඇය අසන පැනයකි: “අනේ! මගේ දරුවා සනීප කර දෙන්න පුළුවන් ද?” ඇයගේ අෙඳීනාවට කන් දෙන අය සිතන්නේ පිස්සු විකාරෙන් දොඩවන ගැහැනියක බව යි….
කල්පයක් ආයුෂ ලැබීමට.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ඔබට නිරෝගීභාවය ආයුෂ, වර්ණය, සැපය, බලය අවශ්‍ය නම් සතර සෘද්ධිපාද ධර්මයන් වඩන්නය කියලා. යම් පින්වතෙක් සතර සෘද්ධිපාද ධර්මයන් වැඩීමෙන් ඔහුට කල්පයක් ආයුෂ ජීවත්වෙන්න පුළුවන් ය කියලා. වර්තමානයේ කල්පයක් ආයුෂ කියන්නේ පරමායුෂ වන අවුරුදු 90ක් වැනි කාලයක්. සතර සෘද්ධිපාද ධර්මයන් යනු 01. ඡන්දය 02. වීර්යය 03. චිත්තය 04. විමංසා යන කාරණායි…