දානපතියකු වන්නේ කෙසේ ද ?
——————————————-
‘දානපති’ යන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී බොහෝ විට යෙදෙන්නේ, මහා පරිමාණයෙන් දන් දෙන, ප්‍රසිද්ධ පුද්ගලයින් විෂයෙහිය. මේ නිසාම ධනවත් බව යන්න දානපතියකු වීමේ ප්‍රධාන මිනුමක් බවට ද පත්ව තිබේ.
නමුත් තථාගත ධර්මයෙහි මේ සම්බන්ධයෙන් යෙදෙන්නේ වෙනත් අර්ථකථනයකි.
දන් දෙන ක්‍රමය අනුව දායකයින් කොටස් තුනකට බෙදේ.
1. දාන දාස
2. දාන සහාය
3. දාන පති
යනුවෙනි.
දාන දාස
—————–
යමෙක් තමා ප්‍රණීත වූ, මධුර වූ, උසස් වූ දෙය පරිභෝජනය කරමින්, අනුනට දන් දෙන කල්හි හීන වූ අමධුර වූ දේ දෙන්නේ ද, හෙතෙම දානසංඛ්‍යාත වූ දෙය්‍යධර්මයට දාසයෙක් වී දෙයි. එවැනි අය දාන දාස නමි.
දාන සහාය
——————–
යමෙක් තමා පරිභෝග කරන ප්‍රණීත වූ හෝ හීන වූ හෝ දෙය ඒ ආකාරයෙන්ම දන් දෙන්නේ ද, හෙතෙම යහළුවකු මෙන් දෙන්නේ වෙයි, . එවැනි අය දාන සහාය නමි.
දාන පති
—————–
යමෙක් දන් දෙන කල්හි, තමා පරිභෝග කරනවාට වඩා උසස් අයුරින්, වඩා ප්‍රණීත වූ මධුර වූ අයුරින් දන් දෙන්නේ නම්, හෙතෙමෙ අධිපතියෙක්, ජ්‍යෙෂ්ඨයෙක්, ස්වාමියෙක් වී දෙන්නේ වෙයි. එවැනි අය සඳහා දානපතී යි කියන ලදි.
එනයින්, කෙනකු ලෞකිකව ධනවත් නොවූවද, ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් තිබේ නම් දානපතියකු ලෙසින් දන් දී පින් රැස් කල හැකිය.
– අඞ්‌ගුත්‌තර නිකාය අට්ඨකථාව සහ ටීකාව (පඤ්චක නිපාත, සුමනවග්‌ගො, සීහසෙනාපතිසුත්‌තවණ්‌ණනා) ඇසුරෙනි.
දානපතියකු වන්නේ කෙසේද?