Article
රුවන්වැලි මහා සෑයට කෙරෙන ජීවිත පූජාව නිවැරදිව සිදු කරමු..
රුවන්වැලි මහා සෑයට … ජීවිතය පූජා කරමින් , බාර කරමින් … සිදුවූ සියලු වරදයනට සමාකරගෙන සියලු යහපත සැනසීම උදාකරගනු පිනිස මේ පිලිවෙත ඔබත් අනුගමනය කරන්න … මාගේ ජීවිතය බුදුරජාණන්වහන්සේට පූජා කරමි…! පූජා වේවා …! බාර කරමි…! බාර වේවා …! මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්මයට පූජා කරමි …!පූජා වේවා …! බාර කරම්…! බාර වේවා…! මාගේ ජීවිතය ශ්‍රාවක…
රහතන් වහන්සේලා කෙබඳුද?
සුඛිනෝ වත අරහන්තෝ ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනක යාමට මේ ලෝකයේ උපදින සත්වයාට සිදු වේ. එහෙත් මේ සංසාර ගමන කෙළවර කොට, උතුම් වූ අමා නිවන අවබෝධ කර ගැනීමට හැකි පුණ්‍යවන්තයන් මේ ලෝකයේ පහළ වේ. ඒ පුණ්‍යවන්තයන් තමන්ගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් නෑ හිත මිතුරන් අත්හරී. තමාට හිමි වතු පිටි, ගේ දොර, ඉඩකඩම් ඇතුළු සියලු වස්තූන් ද…
රහතන් වහන්සේ සතු බලය.
අප බෞද්ධයන් වශයෙන් නිරන්තරයෙන්ම සාධු කියා මහහඬින් ශබ්ද කරමින් ප්‍රාර්ථනා කරන්නේ රහත් බවට පත් වීමේ වාසනාව අපට උදාවේවා කියන උත්තරීතර පැතුම් යි. මේ තත්ත්වයට ඇත්තෙන්ම පත් වීමෙන් අප අපේක්ෂා කරන්නේ සංසාර ගමනේ කෙළවරක් දැකීමටයි. ඒ මොකද අප නිරන්තරයෙන් ම කාමභෝගී සත්වයන් ලෙස විවිධ ගැටලුවලින් නිරතුරුව ම පෙළෙමින් ඒ ගැටලුවලට මැදි වී සැනසීමක් නැතුව ජීවත් වන…
යෝනිසෝ මනසිකාරය.
කෙළවරක් නොපෙනෙන සසර පුරා අප පුරුදු පුහුණු කරමින් පැමිණියේ කෙලෙස් වලට යටවෙමින් තව තවත් සසර දිගු කර ගැනීමට කටයුතු කිරීමය. අවිද්‍යාව මෝහය මුල් බැස ගෙන ඇති සත්වයාගේ සිත් තුල මේ ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධයක් තිබුනේ නැත. මේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දැකීමට තරම් හැකියාවක් ඔවුනට නැත. වැඩිපුරම දුගති වල සැරිසරමින්, ඉඳහිට සුගතියකට යමින් ගමන්…
යෝනිසෝ මනසිකාර යනු කුමක් ද?
බුදුන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණ ඥාන මාර්ගයකි. සිතීමෙන් හා විමසීමෙන් තොරව හුදු විශ්වාසයෙන් පමණක් අනුගමනය කළ යුතු ඉගැන්වීමක් නොවන බුද්ධ දේශනාව සියලු තැන සියල්ලන්ටම (විවෘතව) පවතින සර්වව්‍යාපී ඉගැන්වීමකි. මිනිස් මනසට මුල් තැන දෙමින් අන්ධ විශ්වාසයනට මං අහුරා ඇති තථාගත දේශනය ,ප්‍රඥාව හා වීය¸ය පදනම් කරගත් මනා සිහියෙන් අනුගමනය කළ යුතු ඍජු ජීවන මාර්ගයක් සහ විමුක්ති…
යශෝදරා උත්තමාවිය සිදුකල මහා ආශ්චර්ය අද්භූත ඉරිදි ප්රාතිහාර්ය..
ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ජීවිතයේ අවසාන භාගයට මම මේ පැමිණ සිටින්නේ. මහ වීරයන් වහන්ස, “මම අද රාත්‍රියේ පිරිනිවන් පානවා. සංසාරය පුරාවටම මම ඔබ වහන්සේ සමඟ මේ ගමන ආවා. ඔබවහන්සේ ගැන මගේ සිත කය වචනය තුළින් යම් වරදක් වූවානම් ඒ සියලු වරදට මට සමාව ලැබේවායි” කියා ඉල්ලා සිටියා. එවිට තථාගතයන් වහන්සේ වදාළා යශෝධරා ඔබ තථාගත ශාසනයේ අනුශාසනා…
යම් පින්වතෙක් තම පවුල් ජිවිතයේ දී දුකට පත් වෙනවා නම්.
යම් පිංවතෙක් තම පවුල් ජිවිතයේදී දුකට පත්වෙනවානම්, එය තමා පෙර ජිවිතයේ කරගත් කාමයේ වරදවා හැසිරීමේ අකුසල් විපාකයක් බවම දකින්න. වෙන ක්‍රමයකින් මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ නැහැ. පිංවත් ඔබ රාත්‍රී නින්දට යනකොට දවස පුරාවටම ඔබට ස්වාමිපුරුෂයාගෙන්, දරුවන්ගෙන්, බිරියගෙන් ලැබුණු සිත්වේදනාවන් විදර්ශනා නුවණින් දකිමින් නින්දට යන්න. ස්වාමිපුරුෂයා කියන්නේ මෙවැනි දුකක් නම්, මේ භව ගමනේ තමා ලබනා…
මොකක්ද මේ වැසි සළු පූජාව?
උතුම් වස්සාන කාලය තව සතියකින් උදාවෙනවා. සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට මට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා. වස් කාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ගිහි අප විසින් මහා සංඝරත්නය උදෙසා පෙර වස් සමාදන්වීමට සිදුකරනා ආරාධනාවත් සමඟින්. මෙහිදී ගිහි අප විසින් මහා සංඝරත්නයට වැසි සළුවක් පූජා කිරීම සිදුකරමින් වස් සමාදන්ව අදාල ස්ථානයේ වස් තුන් මාසය වැඩ වසන…
මෛත්‍රී භාවනාව කියන්නේද අතහැරීමකි.
භාවනා කරන බොහෝ දෙනෙක් උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා. ඔබ පසළොස්වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්ෂ කීයක් පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද? විහාරස්ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්වා සිල් පවාරනය නොකොට විහාරස්ථානයේම නවතින්න. සවස හතර වනවිට…
මෛත්‍රියත් පරෙස්සමින්…
පිංවත් ඔබට ලෝකය සුන්දර ලෙස චමත්කාරජනක ලෙස පෙනුන ද ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය අති බහුලය. ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය බහුලයි යනු මනුෂ්‍යයා තුළ සකස්වන්නාවූ අවිද්‍යාසහගත සිත ක්‍රෝධය, ද්වේශය, ව්‍යපාදය තුළින් අපවිත්‍රයි යන්නය. ලෝකය යනු සිතයි. සිතක් යනු දුකයි. මේ දුක වැඩිවශයෙන් ඔබට සකස්කර දෙන්නේ ද්වේශයෙන් අපවිත්‍ර වූ ඔබගේ සිතමය. එහෙයින් ලෝකය තුළ ද්වේශය,…