Article
අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ චරිතාපදානයෙන් ජීවිතයට…
දැන් මගේ වයස අනුහත ඉවර වේගෙන යනවා. අගෝස්තු මාසය වන විට අනුඅට ලබනවා. මගේ ශරීර සෞඛ්‍යටත්, ආයුෂ දික්වීමටත් හේතුව පුදුමයක් නොවෙයි. (1993-04-08 වන දින) අල්පායුෂව ඉපදී නැත්නම් හැම අයකුටම තම ආයුෂ දික්කර ගන්න පුළුවන්, ඒ පිළිබඳව මනා පැවතීමෙන්. “වයසට ගියත් මහළු නොවෙන හාමුදුරුවෝ” කියල මා ගැන කිව්වේ මට තාමත් ශරීර ශක්තිය හොඳට තියෙන නිසා වෙන්නැති…
බහුපුත්තික තෙරණියගේ කතා වස්තුව
සැවැත්නුවර එක් පවුලක පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් සත්දෙනෙක්ද සිටියාහුය. ඒ දාහතරදෙනාම වැඩිවයසට පත්ව ගෙදරම නැවතී සිට සුවසේ තමන් කැමති පරිදි ජීවත්වූහ. කලකට පසු ඔවුන්ගේ පියා මිය ගියේය. මහා උපාසිකාව සැමියා මියගිය පසුත් ධනසම්පත් අත්නොහැර තමන් අතම රඳවාගෙන සිටියාය. ඉන්පසු දරුවෝ මව අමතා, මෑණියනි, අපේ පියා මියගිය පසු ඔබට මේ ධනයෙන් වැඩක් නැත. එය අප අතර බෙදා…
උතුම් නිකිණි පුනු පොහෝ දිනයේ, ශාසනික වැදගත් කම.
භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටු කරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂා වීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේ ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්තාවන් හි නිසි ලෙස ඉටු විය යුතු…
හොද ළමයෙක් වීමට වඩා අවබෝධාත්මක ළමයෙක් වීමයී වටින්නෙ.
පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක් නිසා බිරිඳ, ස්වාමිපුරුෂයා, දරුවා, දෙමාපියන්, ඥාතිවරයා, අසල්වැසියා නිසා නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. එක් පිංවතියක් භික්ෂුවට ප්‍රකාශකළේ ‘ස්වාමීන්වහන්ස, මට නිරතුරුවම කේන්තියනවා. මගේ තාත්තා වයස දහයේදී අපිව හැර ගොස් වෙනත් විවාහයක් කරගත්තා. දැන් මගේ තාත්තා සිහිපත් වන සෑම මොහොතකම මට දැඩි වෛරයක් ඇතිවෙනවා’ කියලා. මේ ද්වේශය දැන්…
හීරලු සොරා – අටුවා රස කතා.
කෝකානිජ කණ්ඩාගරි නමින් පර්වත විහාරයක් විය. එයට නුදුරින් එක් ආරණ්‍යයක ලෙනක ලද දෙයින් සතුටු වන ධුතාංග පුරන්නා වූ භික්ෂූන් වහන්සේනමක් වාසය කළේය. දිනක් එක් සොරෙක් පන්සියයක් පමණ සොරුන් සමඟ එම ස්ථානයට පැමිණ ඒ භික්ෂුනමගෙන් මෙසේ ඇසීය. “ස්වාමීනී, මේ ලෙනෙහි වාසය කරන ඔබවහන්සේ අවුරුදු කීයක් මෙහි ගත කළේදැයි දැනගැනීමට කැමැත්තෙමි.” “මිත්‍රය, මම හය අවුරුද්දක් තනිවම දෙවැන්නෙක්…
හිස් කරපු ජීවිතයක් – අපරාජිත චරිතයක්.
භික්ෂුව ඉපදුනේ 1962 දෙසැම්බර් මස 21 වැනි සිකුරාදා රාත්‍රී 10.07 ට. ලග්නය සිංහ. නවාංශකය මේෂ. භික්ෂුවට උපන්දිනයට අදාළ ඉහත දත්තයන් තවමත් මතකයේ තිබෙන්නේ, ගිහිකාලයේදී මනාලියන්ට හඳහන් පිටපත් ලියලයි. භික්ෂුවට උපන් වෙලාව, නැකත, දවස තවමත් මතකයේ තිබෙන්න තරම් ගිහිකාලයේ මනාලියන්ට හඳහන් පිටපත් ලියලත්, විවාහයක් සිදුනොවුණේ අතීත අකුසල් සංස්කාරයන්ගේ ඵලයක් නිසාමයි. නමුත් භික්ෂුව දක්ෂ වුණා එම අකුසල්…
හැල්මේ දුවන අපගේ එදිනෙදා ජීවිත දෙසට එක් මොහොතක් හෝ එබී බලා තිබේද?
උපන් දා පටන් කවර මොහොතක හෝ මේ ජීවිත කතාව නිමාවන තෙක්, අතරක් නෑර හටගනිමින් නැතිව යන සිතිවිලි සමුදායක නිමග්න වී සසර මං මුලාවකට පත්ව ඇති බවක් නොහැගුන බව නම් සත්‍යකි.මෙළොව එළිය දකින මොනයම් සත්වයකු හෝ වේවා, මෙළොවට පැමිණි මොහොතේ පටන් ආත්ම දෘෂ්ට්යෙන් යුතුව හිස් වූ ලෝකයක් ග්‍රහණය කරගන්නා අයුරු එයින් මිදුණා වූ උත්තමයකුට හැර පුහුදුන්…
හැකිතාක් කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත් කොට දමන්න.
භික්ෂුව හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක් ප්‍රකාශ කළේ තමන් තරුණ කාලයේ කර්මය, කර්මඵලය ගැන නොදැනීම නිසා, විවාහ වූ අලුත අනවශ්‍ය පිළිසිඳගැනීමක් යෑයි සිතා, දරුවෙක් ගබ්සා කෙරූ බවත්, එම සිද්ධිය දැන් නිරතුරුවම මතකයට නැගෙන බවත්ය. එවිට භික්ෂුව ප්‍රකාශ කළේ, එම සිද්ධිය ඔබලාගේ මනසට නිතර පැමිණෙනවා නම් එය භයානක බවයි. මොකද යම් දවසක තමන් මියයන මොහොතේ, එවැනි ප්‍රබල…
හදන්න බැරි ලෝකය හදන්න ගොස් මෙලොව, පරලොව දුකට වැටුණ මොන තරම් පිරිසක් ගිහි පැවිදි සමාජයේ සිටියා ද? සිටිනවා ද?
සත්ත්වයාගේ කුසල් අකුසල් සංස්කාරයන් හේතුවෙන්ම සකස්වෙන ස්වභාවික පරිසරය, සුන්දර ධර්මයේ අර්ථයනුත්, අසුන්දර අධර්මයේ අර්ථයනුත් ඔබට කියලා දෙනවා. කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්මහ බැලුම් බලලා බුදුරජාණන් වහන්සේනමක් පහළවන යුගය කුසල් ධර්මයන්ගේ ඵලයෙන් ගොඩනැගෙන සුන්දර පාරිසරික කතාවක් අපට කියලා දෙනවා. කුසල් ධර්මයන්ගේම ඵලයෙන් බිහිවුණා වූ සුන්දර පරිසරයක්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම විශාලා මහනුවර…
සෝවාන් වීම අතිශය අසීරු ද?
ප්රශ්නය : ගෞරවණීය ස්වාමීන් වහන්ස, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවාන් භාවයට පත්වීම අතිශය අසීරු කාරණයක් ද ස්වාමීන් වහන්ස…? පිළිතුර : අනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ විශාඛාව, අනේපිඬු සිටාණන්, නකුල මාතා, නකුල පියා ඔය වගේ දසදහස් ගණන්, ලක්ෂ ගණන් උපාසක උපාසිකාවන් හිටියා. ඒක අපහසුතාවයක් නැහැ. ඒක අපහසු වෙන්නේ අපි තුළ විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසුයි…