Article
උපන් දිනය දවසේ මුලින්ම හිතන්න ඇයි මම ඉපදුණේ කියලා.
ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ කය තෘෂ්ණාවෙන් වැඩුණාය කියලා කියන්නේ පිංවත් ඔබ යම් දවසක උතුම් රහත්ඵල අවබෝධය ලැබුවොත් ඔබ සතර මහා ධාතුවෙන් සැදුන අධ්‍යාත්මික රූපයන්, බාහිර රූපයන්, අධ්‍යාත්මික රූපයට බැසගත්තා වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, අනිත්‍ය වූ ධර්මතාවන් බව අවබෝධකොටගන්නවා. ඒ නිසාම එම රහතන්වහන්සේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මන්ද එම රහතන්වහන්සේ තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩසිටින්නේ. ඒ නිසාම…
අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?
වර්තමාන සමාජය ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්‍ය සමාජය, මෘග සංඥාව කරා ගමන් කිරීමේ, බීජයම අවස්ථාව හැටියටයි, ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්‍යයා, ශීලයෙන් බැහැරව, මිථ්‍යා දෘෂ්ටිය කරපින්නාගෙන, තිරිසන් සතුන් සේ, හැසිරෙන, මෘග සංඥාව කරා ගමන් කරන, මෘග සංඥා කෝච්චිය, වර්තමානයේ ඉබි ගමනින්,…
අවිද්‍යාවේ හැඩය තේරුම් ගන්න.
පිංවත, අතීත, වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය, ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ පරාජයෙන් හෙම්බත්ව අපගේ ඵස්සයේ අවිද්‍යාව තව තවත් ජවසම්පන්න කරද්දී, සියල්ලම පරාජය වෙච්ච සමාජයක, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියන එකම ධර්මය පමණක්ම අපරාජිතව අපි ඉදිරියේ වැඩ සිටිනවා. පිංවත, හෙට දවසේ ඔබ කුමන නැවුම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වුව ද, ඒ…
අපේ හමුවීම බැඳීම් වැඩෙන හමුවීමක් නොවේ.
පිංවත, මේ සටහන ලියන්න පටන් ගන්න මොහොතේ, භික්ෂුවට මේ ලිපිය ධර්ම ගෞරවයෙන් කියවන පිංවත් ඔබව සිහිපත් වුණා. පිංවත් ඔබව සිහිපත් වූ එම සිතුවිල්ල අනිත්‍ය වූ රූපයක් හේතුවෙන් සකස්වුණ අනිත්‍ය වූ ඵස්සයක් යැයි දැක භික්ෂුව පිංවත් ඔබව අමතක කොට දැම්මා. පිංවත් ඔබව අමතක කළාය කියලා, ඔබ භික්ෂුව සමග අමනාප වෙන්න එපා. භික්ෂුව ඔබව අමතක කළේ පිංවත්…
අනුන්ව වට්ටන්නට බොරුකීම.
පිංවත, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ශීලය ගැන විමසා බලද්දී, බුදුරජාණන් වහන්සේ මුලින්ම පනවන්නේ, සම්මා වාචාවන්. ඒ කියන්නේ යහපත් සත්‍ය වචන සහ ප්‍රිය වචන. අපේ ජීවිත තුළින් සම්මා වාචාවන් දුර්වල කොටගත්තොත්, අපේ සමස්ත ශීලයම සෝදා පාළුවට ලක් වෙනවා. වර්තමාන සමාජයේ බොරු කරනවා ගොඩාක්ම වැඩි නිසා, එහි විපාකයන් හැටියට බොරු කියනවාත් ගොඩාක් වැඩිවෙලා. අනුනට චෝදනා කරන්නට, අනුනට…
අධ්‍යාත්මික සම්මා වායාමයකට සූදානම් වන්න.
පිංවත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත්වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ හද ගැහෙන රටයි. පිංවත, ඔබ වර්තමානයේ නොඅවදියෙන් සිටියොත්, පිංවත් අපේ විඳීම් මෝරා කාමච්ඡන්දයන් වැසි වසින මේ කෙලෙස් අනෝරා වැස්සේ අපි සියල්ලෝම ප්‍රමාදීභාවයට පත්වෙන්න පුළුවන්. පිංවත, මේ කෙලෙස් වැස්සේ අකුසල් වැසි දියෙන් බේරී සිටීමට පිනේ…
අකුසලයේ සහ පවේ උපත මිච්ඡා සතියයි.
පිංවත, අපිට සතුරන් හෝ මිතුරන් නැහැ. අපේ එකම සතුරා සහ මිතුරා, අපේම අතීත කුසල් සහ අකුසල් සංස්කාරයි. අපේම සතුරා සහ මිතුරා අපිම රැස්කොටගත් සංස්කාරයන්ගේ විවිධත්වය වෙද්දී, අපි වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අමනාපයෙන් එකිනෙකා දෙස බැලිය යුතු නැහැ. අපි, අපේ සතිය සහ සිහියේ අවි එසවිය යුත්තේ අනුනට නොව අපේම මිච්ඡා දෘෂ්ටියට, අපේම මිච්ඡා සංකප්පයන්ට සහ අපේම මිච්ඡා ශීලයටයි….
හිසකේ විකුණා දන් දුන් කාන්තාවක්.
මහාකච්චාන මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ සත් නමක් හා උජ්ජේනි නුවරට වඩනා සේක්, ‘තේලප්පනාළි’ නම් නියම් ගමකට පිඬු සිඟා වැඩි සේක. එගම සිටු දූවරු දෙදෙනෙක් වූහ. එකියක් පිරිහුණු සිටු පවුලක උපත ලබා මා පියන්ගේ ඇවෑමෙන් පසු කිරි මවකගේ උපකාරයෙන් ජිවත් වන දිළිඳු තරුණියකි. ඇගේ ශරිරය හොදින් වැඩි තිබිණ. ඇගේ හිසකේ අන්‍යයන්ගේ හිසකේ වලට වඩා දික්…
සුමේධ තාපසයාණෝ.
තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ ප්‍රාසාදයක කල් ගෙවීය. අන්‍ය කර්මාන්තයක් නොකොට බමුණු ශිල්පයම හැදෑරූ එතුමන්…
සිහි නුවණින් දැනීම් පරිහරණය කරන්න.
පිංවත, ආදරය කියෙන්නේ හරිම ලෙන්ගතු මාතෘකාවක්. ඒ මාතෘකාව තුළ සෙනෙහස, සතුට, ආදර බස්, තව කොච්චර නම් දේවල් තිබෙනවා ද? ඒත් මේ දවස්වල ආදරය ගැන කතා කරලා තේරුමක් නැහැ. පිංවත් මනුෂ්‍ය හදවත් තුළින් නැගෙන ව්‍යාපාදයේ උණුසුමට, මනුෂ්‍ය ජීවිත තුළින් ආදරය වාෂ්ප වෙලා ගිහිල්ලා. පිංවත් මනුෂ්‍ය ජීවිතවල මෛත්‍රියේ, නිරෝගී ලේ නහර හැකිළිලා ගිහිල්ලා. මහා උජාරුවට නිවන ගැන…