Article
හිස් කරපු ජීවිතයක් – අපරාජිත චරිතයක්.
භික්ෂුව ඉපදුනේ 1962 දෙසැම්බර් මස 21 වැනි සිකුරාදා රාත්රී 10.07 ට. ලග්නය සිංහ. නවාංශකය මේෂ. භික්ෂුවට උපන්දිනයට අදාළ ඉහත දත්තයන් තවමත් මතකයේ තිබෙන්නේ, ගිහිකාලයේදී මනාලියන්ට හඳහන් පිටපත් ලියලයි. භික්ෂුවට උපන් වෙලාව, නැකත, දවස තවමත් මතකයේ තිබෙන්න තරම් ගිහිකාලයේ මනාලියන්ට හඳහන් පිටපත් ලියලත්, විවාහයක් සිදුනොවුණේ අතීත අකුසල් සංස්කාරයන්ගේ ඵලයක් නිසාමයි. නමුත් භික්ෂුව දක්ෂ වුණා එම අකුසල්…
හැල්මේ දුවන අපගේ එදිනෙදා ජීවිත දෙසට එක් මොහොතක් හෝ එබී බලා තිබේද?
උපන් දා පටන් කවර මොහොතක හෝ මේ ජීවිත කතාව නිමාවන තෙක්, අතරක් නෑර හටගනිමින් නැතිව යන සිතිවිලි සමුදායක නිමග්න වී සසර මං මුලාවකට පත්ව ඇති බවක් නොහැගුන බව නම් සත්යකි.මෙළොව එළිය දකින මොනයම් සත්වයකු හෝ වේවා, මෙළොවට පැමිණි මොහොතේ පටන් ආත්ම දෘෂ්ට්යෙන් යුතුව හිස් වූ ලෝකයක් ග්රහණය කරගන්නා අයුරු එයින් මිදුණා වූ උත්තමයකුට හැර පුහුදුන්…
හැකිතාක් කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත් කොට දමන්න.
භික්ෂුව හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක් ප්රකාශ කළේ තමන් තරුණ කාලයේ කර්මය, කර්මඵලය ගැන නොදැනීම නිසා, විවාහ වූ අලුත අනවශ්ය පිළිසිඳගැනීමක් යෑයි සිතා, දරුවෙක් ගබ්සා කෙරූ බවත්, එම සිද්ධිය දැන් නිරතුරුවම මතකයට නැගෙන බවත්ය. එවිට භික්ෂුව ප්රකාශ කළේ, එම සිද්ධිය ඔබලාගේ මනසට නිතර පැමිණෙනවා නම් එය භයානක බවයි. මොකද යම් දවසක තමන් මියයන මොහොතේ, එවැනි ප්රබල…
හදන්න බැරි ලෝකය හදන්න ගොස් මෙලොව, පරලොව දුකට වැටුණ මොන තරම් පිරිසක් ගිහි පැවිදි සමාජයේ සිටියා ද? සිටිනවා ද?
සත්ත්වයාගේ කුසල් අකුසල් සංස්කාරයන් හේතුවෙන්ම සකස්වෙන ස්වභාවික පරිසරය, සුන්දර ධර්මයේ අර්ථයනුත්, අසුන්දර අධර්මයේ අර්ථයනුත් ඔබට කියලා දෙනවා. කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්මහ බැලුම් බලලා බුදුරජාණන් වහන්සේනමක් පහළවන යුගය කුසල් ධර්මයන්ගේ ඵලයෙන් ගොඩනැගෙන සුන්දර පාරිසරික කතාවක් අපට කියලා දෙනවා. කුසල් ධර්මයන්ගේම ඵලයෙන් බිහිවුණා වූ සුන්දර පරිසරයක්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම විශාලා මහනුවර…
සෝවාන් වීම අතිශය අසීරු ද?
ප්රශ්නය : ගෞරවණීය ස්වාමීන් වහන්ස, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවාන් භාවයට පත්වීම අතිශය අසීරු කාරණයක් ද ස්වාමීන් වහන්ස…? පිළිතුර : අනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ විශාඛාව, අනේපිඬු සිටාණන්, නකුල මාතා, නකුල පියා ඔය වගේ දසදහස් ගණන්, ලක්ෂ ගණන් උපාසක උපාසිකාවන් හිටියා. ඒක අපහසුතාවයක් නැහැ. ඒක අපහසු වෙන්නේ අපි තුළ විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසුයි…
සීමිත වූ පංචස්කන්ධයේ අගය
බොහෝ දේවල් වල වටිනාකම අපට දැනෙන්නේ ඒවා අහිමිව යද්දීය. නිරතුරුව පවතිද්දී අගය ආශාව නොදැණුන බොහෝමයක් දේවල් වලට අමුතු ආශාවක්, අගයක්, වටිනාකමක් ඒවා නැතිවී යන බව වැටහෙද්දී , නැතහොත් නැතිව ගිය පසු සිතට දැනෙයි. නිවැසියන් හා එක්ව සිටින තාක් කල් නොදැනුණු අගය, ආදරය , ඔවුන්ගෙන් ඈත්වද්දී දැනෙයි. ළඟ සිටින තාක් කල් අගයක් නොමැතිව තිබු පුද්ගල සබඳතා…
සිල්පද ආරක්ෂා කරගන්න.
මේ සටහන ලියන මොහොතේ භික්ෂුව වැඩසිටින කඳු මුඳුනේ කුටියට වැව් පිටිය හොඳට පෙනෙනවා. මේ වෙලාවේ මීහරක් 75 ක පමණ රංචුවක් තණ උලා කනවා. වැවේ සිටින කිඹුලා ජලයෙන් මතුවෙලා යටයන නිසා වැව් දියට බැසීමට බයෙන් වතුර එකතුවී ඇති කුඩා දිය කඩිති වල සමහර සතුන් විවේක ගන්නවා. මේ සත්තු රැළ භික්ෂුවට පෙනෙන්නේ මාරසේනාවක් හැටියට. නමුත් මේ මීහරක්…
සිල් රැකීමේ අනුසස්.
“පඤ්චිමේ භික්ඛවේ! ආනිසංසා සීලවතො සීල සම්පදාය. කතමේ පඤ්ච? ඉධ භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං භික්ඛවෙ පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවතො සීල සම්පදාය කල්යාණො කිත්ති සද්දො අබ්භූග්ගච්ඡති. අයං භික්ඛවෙ දුතියො ආනිසංසො සීලවතො සීල සම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තිය පරිසං වා යදි…
සිල් රැකිය යුතු ආකාරය.
ශීලය සමාදන් වී නො රැකිය හොත් එහි ඇති වටිනාකමක් නැත. සමාදන් වූ ශීලය එක් ඇසක් ඇති තැනැත්තා ඇස ආරක්ෂා කරන්නාක් මෙන් ද, එක් දරුවකු ඇති මව දරුවා රක්නාක් මෙන් ද ඉතා ආදරයෙන් රක්ෂා කළ යුතුය. ලාභයක් හෝ අලාභයක් නිසා හෝ කෙනකු සතුටු කිරීමට හෝ අඹු දරුවන් නිසා හෝ ශීලය නො බිඳිය යුතුය. නුවණැත්තෝ ජීවිතය නිසා…
සිතට එන නරක සිතුවිලි දුරු කරන ක්රම 5ක්.
මජ්ඣිම නිකායේ විතක්ක ඝණ්ඨාන සූත්රය භාවනාමය වශයෙන් සිත වඩන්නකු වෙත උපකාරී වන දේශනයකි. එය භාවනා යෝගියකුට පමණක් නොව සාමාන්ය ජීවිතයේදී වුවද පුද්ගලයා කෙරෙන් නිරන්තරයෙන් පැන නගින අකුසල සහගත සිතිවිලි මැඩ පවත්වා ගැනීමට කදිම අත්වැලක් සපයයි. සූත්ර නාමකරණයේ දැක්වෙන විතක්ක යන්නෙන් අදහස් වනුයේ සිතිවිලිය හෙවත් විතර්කයන්ය. අකුසල විතර්ක ප්රධාන වශයෙන් තුනකි. එනම් ලෝභ, ද්වේශ, මෝහ වශයෙනි….