ප්‍රශ්නය :
ගෞරවණීය ස්වාමීන් වහන්ස, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවාන් භාවයට පත්වීම අතිශය අසීරු කාරණයක් ද ස්වාමීන් වහන්ස…?
පිළිතුර :
අනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ විශාඛාව, අනේපිඬු සිටාණන්, නකුල මාතා, නකුල පියා ඔය වගේ දසදහස් ගණන්, ලක්ෂ ගණන් උපාසක උපාසිකාවන් හිටියා. ඒක අපහසුතාවයක් නැහැ. ඒක අපහසු වෙන්නේ අපි තුළ විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසුයි කියන සැකය නිසා ම අපිට මේක අපහසුවක් බවට පත්වෙනවා. ඉතින් මේ අපහසුවක් නෑ කියන කාරණය සකස් කරලා දෙන්නේ කවුද…? ශ්‍රද්ධාව.
අපිට හිතෙනවා නම් සෝවාන් ඵලයට පත්වීම අපහසුයි කියලා, මොකක් ද ප්‍රශ්නෙ තියෙන්නේ..? ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක්. එහෙනම් ශ්‍රද්ධාව ඇතිකර ගන්නේ කොහොමද…? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්න ඕන. ඔන්න එතකොට ශ්‍රද්ධාව සකස් වෙනවා. තේරුණාද…?
ශ්‍රද්ධාව සකස් වුණාට පස්සේ මේ ජීවිතයේ සෝවාන් වෙන්න බැහැයි කියන විචිකිච්ඡාව තමන්ගෙන් බැහැරට යනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කාටහරි මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත්වෙන්න බැහැයි කියල කියනවා නම්, ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් එතන තියෙන්නේ. වෙන කිසි ම දේක ප්‍රශ්නයක් නෙවෙයි…!!!
තෙරුවන් සරණයි ….!!!
උපුටා ගැනීම :- සිරස ගුවන් විදුලියේ ප‍්‍රචාරය වූ ‘‘පන්සිල් මළුව’’ වැඩ සටහනේ දී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් විමසනු ලැබූ ප‍්‍රශ්නවලට අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම්, අන්තර්ජාලයෙන් උපුටාගෙන හසිත චන්දන වීරසිංහ මහතා විසින් සකස් කළ “පන්සිල් මළුව ධර්ම සාකච්ඡා 01” නම් දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා පිළිගන්වමු…!
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…