භික්‍ෂුව ඉපදුනේ 1962 දෙසැම්බර් මස 21 වැනි සිකුරාදා රාත්‍රී 10.07 ට. ලග්නය සිංහ. නවාංශකය මේෂ. භික්‍ෂුවට උපන්දිනයට අදාළ ඉහත දත්තයන් තවමත් මතකයේ තිබෙන්නේ, ගිහිකාලයේදී මනාලියන්ට හඳහන් පිටපත් ලියලයි. භික්‍ෂුවට උපන් වෙලාව, නැකත, දවස තවමත් මතකයේ තිබෙන්න තරම් ගිහිකාලයේ මනාලියන්ට හඳහන් පිටපත් ලියලත්, විවාහයක් සිදුනොවුණේ අතීත අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක් නිසාමයි.
නමුත් භික්‍ෂුව දක්‍ෂ වුණා එම අකුසල් සංස්‌කාරය කුසල් සංස්‌කාරයක් බවට පත්කරගන්න. එය සැබැවින්ම භික්‍ෂුවගේ යම් අකුසල් සංස්‌කාරයක ඵලයක් වගේම මෙය කියවන ඔබගේ කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්.
භික්‍ෂුව මොහොතක් දෑස් පියාගෙන අතීතය මෙනෙහි කරනකොට, භික්‍ෂුවට මැවිලා පෙනෙනවා, පටිච්ඡසමුප්පන්නව සංස්‌කාර පච්චයා විඤ්ඤාණ හේතුවෙන් සකස්‌වුණ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් වයසැති මහත් සේ මුහුකුරා ගිය ගොරහැඩි මනුෂ්‍යයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් සතර අපාසත්වයෙක්‌ගේ එකතුවක්. සම්මුති ලෝකය තුළ බැසගෙන මේ සටහන තබන මොහොත වන විට භික්‍ෂුවගේ වයස අවුරුදු 54ක්(2016 වර්ෂයට) වුණාට, සංසාරයේ අවිද්‍යාව නිසා සකස්‌වුණු හේතුඵල ධර්මයන්ට, අවුරුදු කෝටි ගණනක අතීතයක් තිබෙනවා. ඉහත ගොරහැඬි වයසක ලෝකයේ, ඔබව තරුණ කරලා, නැවුම් කරලා දෙන්නේ සංස්‌කාර සහ සංස්‌කාරයන් හේතුවෙන් සකස්‌වෙන විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයයි.
🖋සංස්කාරක සටහන
කළ්‍යාණ මිත්‍රයන් වහන්ස, ඔබ වහන්සේට පුණ්‍යවන්ත ජන්ම දිනයක් වේවා!!!
උතුම් ශ්‍රී සද්ධර්මය අප හට දේශනා කිරීමට අවශ්‍ය සියලුම ශක්තියත්, නිදුක් නීරෝගී සුවපත් භාවයත්, දීර්ඝායුෂත් ලැබේවා!!!