ඔබේ භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කරගන්න.
පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ කුසලය සහ පින කියන්නේ එකම කාරණයක්ද?’ කියලා. මෙය පිංවතුන්ලා නිතර ස්වාමීන්වහන්සේලාගෙන් විමසන ප්‍රශ්නයක්. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවා, කුසලය කියලා කියන්නේ කාරනා 10 කට කියලා. එම කාරනා දහය තමයි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන්, පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්පලාපා කීමෙන් වැළකීම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්මා දිට්ඨිය යනු…