බැදීම් වලින් බැහැර වූ සමාධිගත සිත සොයන්න.
මේ රාත්‍රියේ සුළඟ හරියට සැරයි, සුළෙඟ් වේගයට කැලේ ගස් කොළන්වල අතු, ඇඹරෙන හඬින් පරිසරයම ඝෝෂාකාරී වෙලා, ඕනෑවට, එපාවට වැටෙන වැහි පොද, කුටියේ වහලය මතට වැටෙන ශබ්දය වරින් වර ඇසෙනවා. ස්වභාවධර්මය හරියට වේගවත් වෙලා, හරියට අකීකරු වෙලා. ස්භාවධර්මය මනුෂ්‍ය අපිට සැපවේදනාවන් සහ උපේක්ෂා වේදනාවන් ලබාදෙනවා හුඟාක්ම අඩුයි. අජීවී ස්වභාවධර්මය, සජීවී අපිට, දුක්වේදනාවන්ම වැඩිපුර ලබාදෙන්නේ, පිංවත් මනුෂ්‍ය…