කළණ මිතුරන් හා පාප මිතුරන් නුවණින් විමසා හඳුනා ගන්න.
මිත්ර ප්රතිරූපකයෝ සතර දෙනා.. අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්ර ප්රතිරූපකයෝ (මිත්රයන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති. අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ *අඤ්ඤදත්ථුහර* නම් වූ මිත්ර්රප්රතිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය, තමාට බයක් පැමිණි කල්හි පමණක්…