Chamela Aluthgedara

Software Engineer

නිර්වාණය.

බෞද්ධයන් විසින් නිර්වාණය යි කියා පතන්නා වූ ලැබීමට උත්සාහ කරන්නා වූ යමක් වේ නම් එද අනිකක් නො ව මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ම ය. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වනාහි ඇතමුන්, සිතන හැටියට කිසි වටිනාකමක් නැති සැපයකුත් නො වන, නො පැතිය යුතු, බිය විය යුතු හිස් බවක් නො ව අති ප්‍ර‍ණීත සැපයකි. වටිනාකම පමණ කළ…

Read More

නිර්වාණ සුඛයෙහි උසස් බව.

නිවනෙහි කාම සුඛය සම්පූර්ණයෙන් ම නැත. කිසි ම කාම වස්තුවකුදු එහි නැත. නිර්වාණය ම විමුක්ති සුඛය ය. එබැවින් එය කිසියම් ආකාරයකින් ප්‍ර‍මාණ කළ හැකි ද්‍ර‍ව්‍යයක් ද නො වේ. එය සත්ත්වයන්ට ආධාරස්ථානයක් වශයෙන් කථා කරනුයේ ව්‍යවහාර පහසුව පිණිස ය. නිර්වාණ සංඛ්‍යාත විමුක්ති සුඛයාගේ වටිනාකම කෙලෙසකින්වත් ප්‍ර‍මාණ කළ නො හේ. දින ගණනකින් ඒකාන්තයෙන් මරණයට පමුණුවන දරුණු රෝගයක්…

Read More

ධර්මාවබෝධයට කැමති වෙමු.

ධර්මය අවබෝධ කරගැනීමේ කැමැත්ත අපි ලඟ තියෙන්ට ඕනැ. ධර්මාවබෝධ කිරීමේ කැමැත්ත නැත්නම් අපේ හිත පිරිසිදු කරගන්ට අපිට කැමැත්තක් ඇතිවෙන්නෙ නෑ. එතකොට හිතේ තියෙන අපිරිසිදු දේවල් ම වැඩි වෙලා යන ආකාරයට කටයුතු කරනව. යමෙක් තුළ ධර්මාවබෝධය පිණිස උවමනාව නැත්නම් කැමැත්ත නැත්නම්, එයාට ධර්මාවබෝධය පිණිස උපකාර ලැබෙනකොට ඒ උපකාර සතුටු සිතින් පිළිගන්නවද? පිළිගන්නෙ නෑ. ධර්මාවබෝධය පිණිස කැමැත්ත…

Read More

ධර්මයට කීකරු ද? නැතිනම් අකීකරු ද?

පිංවත, ඔබ වයෝවෘද්ධ අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් ද? පිංවත් ඔබ දෙපළ ගොඩාක් සමගියෙන් නේද ජීවත් වෙන්නේ? කවුරුන් හෝ කිව්වොත් මම ඔබලාට ආයෙමත් තරුණකම ලබා දෙනවාය කියලා, ඔබලා එක පයින් ඊට කැමති වෙනවා නේ ද? තරුණකමට කවු ද අකමැති? සමහරක් පිංවත් වයෝවෘද්ධ සිත්, තවමත් හරිම තරුණයි. ලස්සනට ඇඳුම් පැළඳුම්, රන් ආභරණ පළඳින්න, විනෝද වෙන්න, සතුටු…

Read More

දානයේ ආනිසංශ බෞද්ධ අබෞද්ධ කාටත් පොදුයි.!

බෞද්ධ වේවා, අබෞද්ධ වේවා, පින්වතුන්ලා දන් දෙන්න ගොඩක් කැමතියි. බෞද්ධ පින්වතුන් සම්මා දිට්ඨියේ අර්ථයෙන් පෝෂණය වූ සිතින්, දන් පූජාකරන අතර අබෞද්ධ පින්වතුන් දන් දෙන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් බැහැරවයි. දානයෙන් ලැබෙන ආනිසංශ බෞද්ධ අබෞද්ධ කියලා වෙනසක් නැහැ. සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ දානය පින්වත් ඔබට සම්මා දිට්ඨියට අදාළ දිව්‍ය මනුෂ්‍ය සැපයන්ට ඔබව ඔසවා තබන අතර සම්මා…

Read More

දහම දේශපාලනයෙන් හුදෙකලා විය යුතු ද? දේශපාලනය දහමෙන් පෝෂණය විය යුතු ද?

දිගින් දිගටම පැවති වැසි සහිත කාලගුණය නිසා, පරිසරයේ ගහකොළ සියල්ලක්ම රූපයේ ආශ්වාදයෙන් හොඳටෝම තිරිහන් වෙලා. ළපටි දලූ, ළපටි කොළ වලින් නැවුම් වූ පරිසරය, රූපයේ ආදීනවය ගැන පුංචි හෝ මතකයක්වත් අවධිකොට දෙන්නේ නැහැ. පලූ ගස්වල තරුණ කොළ බුදින වඳුරු රංචුව, මේ දිනවල ආහාර අහේනියක් නැති නිසාම, වෙනදාට වඩා අකීකරුභාවයෙන් කුටිය අවට කැලෑ පරිසරයේ හැසිරෙන්නේ කුටියේ වැලි…

Read More

තිරිසන් අපාය.

අපාය සතර අතුරෙන් තිරිසන් අපාය වනාහි අප ඇස හමුවෙහි ම තිබෙන දෙයකි. එහි දුක ඉතිරි අපායන්හි දුක පමණ මහත් නො වෙතත්, මනුෂ්‍ය ස්කන්ධයන් පිළිබඳ දුඃඛයට වඩා අතිශයින් මහත් ය. ඒ තිරිසන් සත්ත්වයන් හට ආහාර පාන සපයා ජීවත් වන්නට තරම් සිහි නුවණ නැත. ස්වභාව ධර්මයෙන් ඉබේ ම ආහාර පාන නො ලැබුණ හොත්, ඔවුනට සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන්නට…

Read More

ජරා දුක්ඛය.

උපන් සත්ත්වයාගේ ස්කන්ධ පරණවීම දිරීම ජරා නමි. ආත්මභාවය පරණ වූ කල්හි කෙස් ලොම් පැසෙන්නේය. දත් සැලෙන්නේය. ඇඟ රැලි වැටෙන්නේය. දුර්වර්ණ වන්නේය. තල කැලල් හට ගන්නේය. කොරල පිපෙන්නේය. ඇට නහර ඉල්පෙන්නේය. කුදු වන්නේය. ඇස් පෙනුම අඩු වන්නේය. අන්ධ හෝ වන්නේය. කන් බිහිරි වන්නේය. දිවට රස දැනීම මඳ වන්නේය. කළ දෑ කරන්නට තිබෙන දෑ නොයෙක් විට අමතක…

Read More

චූල සුඤ්ඤත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල මිගාරමාතු ප්‍රාසාද නම්ලත් පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය….

Read More

චතුරාර්‍ය සත්‍යය.

1. දුකය, 2. දුක් ලැබීමට කාරණය, 3. සැපය, 4. සැප ලැබිය හැකි ක්‍ර‍මය යන මේ කරුණු සතර මිනිසුනට තබා දෙවියන්ටවත්, තත්ත්වාකාරයෙන් නො දැනෙන රහස් සතරකි. මේ කරුණු සතර දන්නහුදැයි ලෝකයෙන් ඇසුවහොත් වැඩි දෙනකුගෙන් ලැබෙන පිළිතුර නම් දනිමුය යන්නය. එබඳු පිළිතුරක් ලැබෙන්නේ ලෝකයා විසින් මේ කරුණු සතර වැරදි ලෙස අසත්‍ය ලෙස දැන සිටීමෙනි. අසත්‍ය දැනීම යනු…

Read More