පළමුවන තථාගත බලය.
බුදු රජාණන් වහන්සේගේ දශබල ඥාන. ‘දස ඛෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති’ මෙසේ මහාසීහනාද සුත්‍රයෙහි වදාරා ඇති පරිදි තථාගතයන් වහන්සේ හට සෙස්සන්ට නැති ඥාන බල දශයක් ඇත්තේ ය. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උත්තම ස්ථානයට පැමිණි සිටින සේක. ක්ෂත්‍රිය පිරිස ය, බ්‍රාහ්මණ…