තෘෂ්ණාවේ සළුපිලි වලින් වැසුණු අවිද්‍යාවේ නිරුවත.
කුටිය අවට කැලෑ පරිසරය හරිම නිහඬයි. සමාධිමත් සිතක් වගේ නොසෙල්වීම සිටිනවා. අකීකරු සුළඟ ආගිය අතක් නැහැ. වෙනදාට නාද කරන කුරුල්ලෝ කොහේ ගිහින් ද දන්නේ නැහැ. දොළ පාරේ හඬ නොවැස්ස නිසාම සිහින් කෙඳිරියක් වගෙයි ඇසෙන්නේ. මේ කවුරු නැති වුණත්, ගුප්ත නොවූ පරිසරය හරිම ආලෝකවත්. භික්ෂුව, සියළු සත්ත්වයෝ සුවපත් වේවා යැයි කියනවා ඇසිලා, අජීවී පරිසරයත් මෙත් වඩනවා…