ලොව පහළවූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා අතරින් අටවිසි බුදුරජාණන් වහන්සේලා පිලිබද විස්තර…

1)තණ්හංකර බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- රුක්අත්තන
• නුවර :- පුෂ්පවතී
• මව :- මනොනන්ද
• පියා :- සුනන්ද රජ
• පටන් වීර්යය :- දින 7 ක්
• ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි

2)මේධංකර බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- කෑල
• නුවර :- මේබලා
• මව :- යසෝධරා
• පියා :- සුදේව රජ
• පටන් වීර්යය :- අඩ මසක්
• ජීවිත කාලය අවුරුදු :- අනූ දහසකි

3)සරණංකර බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- පලොල්
• නුවර :- විපුල
• මව :- යසවතී
• පියා :- සුමංගල
• පටන් වීර්යය :- මසක්
• ජීවිත කාලය අවුරුදු :- අසූ දහසකි

4)දීපංකර බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- නෙරළු
• නුවර :- රම්‍යවතී
• මව :- සුමේධා
• පියා :- සුදේව රජ
• දේවිය :- පදුමා
• පුතා :- උසබක්ඛන්ධ
• පටන් වීර්යය :- මාස10ක්
• අග්‍ර උපස්තායකයින් :- තපස්සු-භල්ලික
• අග්‍ර උපාස්තායිකාවන් :- සිරිමා-සෝනා
• අග්‍ර ශ්‍රාවකයෝ :- සුමංගල-තිස්ස
• අග්‍ර ශ්‍රවිකාවෝ :- නන්දා-සුනන්දා
• උපස්තායක :- සාගත
• කිරි පිඩු පූජාකළ අය :- විසිද්ධි දේවි
• කුස තණ පූජාකළ අය :- සුනන්ද ආජීවක
• වාහනය :- ථෙරාවන ඇතා
• මංගල දම් දෙසුම පැවති තැන :- නන්දාරාමය
• ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි
• පිරිනිවන් පෑ තැන :- නන්දාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- සුමේධ තාපස.
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- ශරීරය ඒදණ්ඩක් කර බුදුන්ට පිදීම.

5)කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- සල්කළණ
• නුවර :- රමයවතී
• මව :- සුජාතා
• පියා :-සුනන්ද රජ
• දේවිය :- රුචී
• පුතා :- ජිනසේන
• පටන් වීර්යය :- මාස 10 ක් මාස 8ක්
• අග්‍ර උපස්තායකයින් :- සෝන-උපසෝන
• අග්‍ර උපාස්තායිකාවන් :- නන්දා-සිරිමා
• අග්‍ර ශ්‍රාවකයෝ :- භද්ද-සුභද්ද
• අග්‍ර ශ්‍රවිකාවෝ :- තිස්සා-උපතිස්සා
• උපස්තායක :- අනුරුද්ධ
• කිරි පිඩු පූජාකළ අය :- යසෝදරා සිටුදුව
• කුස තණ පූජාකළ අය :- සුවනනද අජීවකයා
• වාහනය :- රථය
• මංගල දම් දෙසුම පැවති තැන :- දෙව්ලොව
• ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි
• පිරිනිවන් පෑ තැන :- චන්ද්‍රාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :-සුජිතාවි රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- වස් සරා මස මහ දන් දීම

6)මංගල බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- නා
• නුවර :- උත්තර
• මව :- උත්තරා
• පියා :- උත්තර රජ
• දේවිය :- යසවතී
• පුතා :- සීවලී
• පටන් වීර්යය :- මාස10ක් මාස8ක්
• අග්‍ර උපස්තායකයින් :- නන්ද-විසාඛා
• අග්‍ර උපාස්තායිකාවන් :- අනුලා-සුතනා
• අග්‍ර ශ්‍රාවකයෝ :- සුදේ-ධර්මසේන
• අග්‍ර ශ්‍රවිකාවෝ :- සීවලී-අසෝකා
• උපස්තායක :-පාලිත
• කිරි පිඩු පූජාකළ අය :- උත්තරා සිටුදුව
• කුස තණ පූජාකළ අය :- උත්තර ආජීවක
• වාහනය :- වලාහක අස්
• මංගල දම් දෙසුම පැවති තැන :- ශෝභා වනය
• ජීවිත කාලය අවුරුදු :- අනූ දහසකී
• පිරිනිවන් පෑ තැන :- වෙස්සර උයන
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- සුරුවි බ්‍රහ්මණ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- සත් දිනක් පැන් නුමුසු කිරිබත් දන්දීම

7)සුමන බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- නා
• නුවර :- මේඩල
• මව :- සිරිමා
• පියා :- සුදත්ත රජ
• දේවිය :- වයංසකී
• පුතා :- අනුපම
• පටන් වීර්යය :- මාස 7ක් මාස 10ක්
• අග්‍ර උපස්තායකයින් :- වරුණ-සරණ
• අග්‍ර උපාස්තායිකාවන් :- මාලා-උපමාලා
• අග්‍ර ශ්‍රාවකයෝ :- භරණ-භාවිතන්න
• අග්‍ර ශ්‍රවිකාවෝ :- සෝනා-උපසෝනා
• උපස්තායක :- උදේන
• කිරි පිඩු පූජාකළ අය :- අනුපමා සිටුදුව
• කුස තණ පූජාකළ අය :- අනුපද අජීවක
• වාහනය :- ඇතා
• මංගල දම් දෙසුම පැවති තැන :- මේබල නුවර
• ජීවිත කාලය අවුරුදු :- අනූ දහසකි
• පිරිනිවන් පෑ තැන :- අංගාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- අතුල නා රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- කෙළ ලක්ෂයක් පමණ සලු සගලු දන්දීම

8)රේවත බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- නා
• නුවර :- සුධම්මාවතී
• මව :- විපුලා
• පියා :- විපුල රජ
• දේවිය :- සුදර්ශනා
• පුතා :- වරුණ
• පටන් වීර්යය :- මාස10ක් මාස 7ක්
• අග්‍ර උපස්තායකයින් :- පදුම-කුකුජර
• අග්‍ර උපාස්තායිකාවන් :- සිරිමා-යසවතී
• අග්‍ර ශ්‍රාවකයෝ :- භරණ-බ්‍රහ්මදේව
• අග්‍ර ශ්‍රවිකාවෝ :- භද්‍රා-සුභද්‍රා
• උපස්තායක :- සම්භව
• කිරි පිඩු පූජාකළ අය :- යසෝදරා සිටුදුව
• කුස තණ පූජාකළ අය :- තරුනින්දර අජීවක
• වාහනය :- විජයත් රථය
• මංගල දම් දෙසුම පැවති තැන :- වරුණ ආරමය
• ජීවිත කාලය අවුරුදු :- හැට දහසකි
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- අතිදේව බ්‍රහ්මණ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- සාසනයේ ගුණ වනා උතුරුසලුවක් දන්දීම

9)සෝභිත බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- නා
• නුවර :- සුධර්ම
• මව :- සුධර්ම
• පියා :- සුධම්ම රජ
• දේවිය :- සමංගී
• පුතා :- සිහ
• පටන් වීර්යය :- සති 1ක්
• අග්‍ර උපස්තායකයින් :- රම්ම-සුනන්ත
• අග්‍ර උපාස්තායිකාවන් :- නකුලා-සුජාතා
• අග්‍ර ශ්‍රාවකයෝ :- අසම-සුනෙත්ත
• අග්‍ර ශ්‍රවිකාවෝ :- නකුලා-සුජාතා
• උපස්තායක :- අනෝම
• කිරි පිඩු පූජාකළ අය :- මඛිලා දේවි
• මංගල දම් දෙසුම පැවති තැන :- සුදම්මා උයන
• ජීවිත කාලය අවුරුදු :- අනූ දහසකි
• පිරිනිවන් පෑ තැන :- සිහාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- සුජාත බ්‍රහ්මණ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- බුදු පාමොක් සගනට තුන්මසක් දන්දීම

10)අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- කුඹුක්
• නුවර :- චන්ද්‍රාවතී
• මව :- යසෝධරා
• පියා :- යසවත්තන රජ
• දේවිය :- සිරිමා
• පුතා :- උපවාරන
• පටන් වීර්යය :- මාස10ක්
• අග්‍ර උපස්තායකයින් :- නන්දිවඩ්ඪ-සිරිවඩ්ඪ
• අග්‍ර උපාස්තායිකාවන් :- උප්පලා-පදුමා
• අග්‍ර ශ්‍රාවකයෝ :- නිසභ-අනෝම
• අග්‍ර ශ්‍රවිකාවෝ :- සුන්දරී-සුමනා
• උපස්තායක :- වරුණ
• කිරි පිඩු පූජාකළ අය :- අනුපමා සිටුදුව
• කුස තණ පූජාකළ අය :- අනුපම අජීවක
• වාහනය :- රන්සිවිගේ
• මංගල දම් දෙසුම පැවති තැන :-සුදස්සන උයන
• ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි
• පිරිනිවන් පෑ තැන :- ධම්මාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- යක් සෙනෙවි
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- බුදු පාමොක් සගනට සතියක් දන්දීම

11)පදුම බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- මුරුත
• නුවර :- චම්පක
• මව :- අසමා
• පියා :- අසම රජ
• දේවිය :- උත්තරා
• පුතා :- රම්ම
• පටන් වීර්යය :-මාස 8 ක්
• අග්‍ර උපස්තායකයින් :- ගිය්‍ය-අසම
• අග්‍ර උපාස්තායිකාවන් :- රුචි-නන්දරාමා
• අග්‍ර ශ්‍රාවකයෝ :- සාල-උපසාල
• අග්‍ර ශ්‍රවිකාවෝ :- රාධා-සුරාධා
• උපස්තායක :- වරුණ
• කිරි පිඩු පූජාකළ අය :- ධඤ්ඤවතී
• කුස තණ පූජාකළ අය :- කන්ථක අජීවක
• මංගල දම් දෙසුම පැවති තැන :- ධනඤ්ජය උයන
• ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි
• පිරිනිවන් පෑ තැන :- ධම්මාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- සිංහරාජයෙක්
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- බුදුන්ට ජීවිතය පූජා කිරීම

12)නාරද බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- මුරුත
• නුවර :- ධඤ්ඤවතී
• මව :- අනෝමා
• පියා :- සුදේව රජ
• දේවිය :- විජතසේනා
• පුතා :- නන්දුත්තර
• පටන් වීර්යය :- සති 1ක්
• අග්‍ර උපස්තායකයින් :- උග්ගරින්ද-වසභ
• අග්‍ර උපාස්තායිකාවන් :-ඉන්දිවරී-ඉන්දී
• අග්‍ර ශ්‍රාවකයෝ :- භද්දසාල-ජිනම්ත්ත
• අග්‍ර ශ්‍රවිකාවෝ :- උත්තරා-එග්ගුණී
• උපස්තායක :- වාසෙට්ඨ
• කිරි පිඩු පූජාකළ අය :- විජිතසේනා බිසව
• කුස තණ පූජාකළ අය :- සුදර්ශන උයන්පල්ලා
• වාහනය :- පයින්ම
• මංගල දම් දෙසුම පැවති තැන :- ධනඤ්ජය උයන
• ජීවිත කාලය අවුරුදු :- අනූදහසක්
• පිරිනිවන් පෑ තැන :- සුදස්සන නුවර
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- තාපසයෙක්
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- මහ දන්දී බුදුන්ට රත් සදුන් පිදීම.

13)පදුමුත්තර බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- සලල
• නුවර :- හංසවතී
• මව :- සුජාතා
• පියා :- ආනන්ද රජ
• දේවිය :- වසුදන්තා
• පුතා :- උත්තර
• පටන් වීර්යය :- සති 1ක්
• අග්‍ර උපස්තායකයින් :- විතන්න-තිස්ස
• අග්‍ර උපාස්තායිකාවන් :- සත්ථා-විචින්තා
• අග්‍ර ශ්‍රාවකයෝ :- දේවල-සුජාත
• අග්‍ර ශ්‍රවිකාවෝ :- අමිතා-අසමා
• උපස්තායක :- සුමන
• කිරි පිඩු පූජාකළ අය :- රුචින්ද්‍ර සිටුදුව
• කුස තණ පූජාකළ අය :- සුචිත්ත ආජීවක
• වාහනය :- වසත් පහස
• මංගල දම් දෙසුම පැවති තැන :- මිථිලා උයන
• ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි
• පිරිනිවන් පෑ තැන :- නන්දාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- ජටිල ඍෂි වරයා
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- බුදු පාමොක් සගනට පිරිකර සහිත දන්දීම

14)සුමේධ බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- බක්මී
• නුවර :- සුදර්ශන
• මව :- සුදත්තා
• පියා :- සුදත්ත රජ
• දේවිය :-සුමනා
• පුතා :-සුමිත්ත
• පටන් වීර්යය :- මාස 8ක්
• අග්‍ර උපස්තායකයින් :- උරුවෙල-යසව
• අග්‍ර උපාස්තායිකාවන් :- යසෝදරා-සිරිමා
• අග්‍ර ශ්‍රාවකයෝ :- සරණ-සබ්බකාමි
• අග්‍ර ශ්‍රවිකාවෝ :- රාමා-සුරාමා
• උපස්තායක :-සාගර
• කිරි පිඩු පූජාකළ අය :- නකුලා සිටුදුව
• කුස තණ පූජාකළ අය :- සිරිවඩ්ඪන
• වාහනය :- ඇතා
• මංගල දම් දෙසුම පැවති තැන :- සුදස්සන උයන
• ජීවිත කාලය අවුරුදු :- අනූදහසකි
• පිරිනිවන් පෑ තැන :- මේධාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- උත්තර මානවක
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- අනූ කෙළක් ධන ඉසුරු දන්දීම

15)සුජාත බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- හුණ
• නුවර :- සුමංගල
• මව :- ප්‍රභාවතී
• පියා :- උද්ගත රජ
• දේවිය :- සිරිනන්දා
• පුතා :- උපසේන
• පටන් වීර්යය :- මාස10ක්
• අග්‍ර උපස්තායකයින් :- සුදත්ත-චිත්ත
• අග්‍ර උපාස්තායිකාවන් :-සුභද්දා-මදුමා
• අග්‍ර ශ්‍රාවකයෝ :- සුදස්සන-සුදේව
• අග්‍ර ශ්‍රවිකාවෝ :- නාගා-නාගාසමාලා
• උපස්තායක :- නරද
• කිරි පිඩු පූජාකළ අය :- සුරින්ද සිටුදුව
• කුස තණ පූජාකළ අය :- සුරින්ද ආජීවක
• වාහනය :- අශ්වයා
• මංගල දම් දෙසුම පැවති තැන :- සුමංගල උයන
• ජීවිත කාලය අවුරුදු :- අනූදහසකි
• පිරිනිවන් පෑ තැන :- සිල අරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- සක්විති රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- කොදෙව් සහිත සතර මහා දිවයින් පිදීම

16)පියදස්සී බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- කුඹුක්
• නුවර :- සුදම්ඤ්ඤ
• මව :- සුවන්ද්‍ර
• පියා :- සුදත්ත රජ
• දේවිය :- විමලා
• පුතා :- කඤ්චනවෙල
• පටන් වීර්යය :- මාස 6ක්
• අග්‍ර උපස්තායකයින් :- සන්ධක-ධම්මික
• අග්‍ර උපාස්තායිකාවන් :- විශාකා-ධම්මදින්නා
• අග්‍ර ශ්‍රාවකයෝ :- පාලිත-සබ්බදස්සි
• අග්‍ර ශ්‍රවිකාවෝ :- සුජාතා-ධම්මදින්නා
• උපස්තායක :- සෝභිත
• කිරි පිඩු පූජාකළ අය :- වසගු බමුණු දුව
• කුස තණ පූජාකළ අය :- සුජාත ආජීවක
• මංගල දම් දෙසුම පැවති තැන :- උස්සාවන උයන
• ජීවිත කාලය අවුරුදු :- අනූදහසක්
• පිරිනිවන් පෑ තැන :- අස්සත්ථ ආරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- කාශ්‍යප බ්‍රහ්මණ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- කෙල ලක්ෂයක වියදමින් විහරයක් බුදුන්ට පිදීම

17)අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- සපු
• නුවර :- සෝභන
• මව :- සුදර්ශනා
• පියා :- සාගර රජ
• දේවිය :-විශාඛා
• පුතා :- සෝන
• පටන් වීර්යය :- මාස 8ක්
• අග්‍ර උපස්තායකයින් :- නකුල-නිසභ
• අග්‍ර උපාස්තායිකාවන් :- මකිලා-සුනන්දා
• අග්‍ර ශ්‍රාවකයෝ :- සාන්ත-උපසාන්ත
• අග්‍ර ශ්‍රවිකාවෝ :- ධම්මා-සුධම්මා
• උපස්තායක :- අභය
• කිරි පිඩු පූජාකළ අය :- සුවින්දරා
• කුස තණ පූජාකළ අය :- මහරුචි නා රජ
• වාහනය :-අශ්වයා
• මංගල දම් දෙසුම පැවති තැන :- අනෝම උයන
• ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි
• පිරිනිවන් පෑ තැන :- අනෝමාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- සුසීම බ්‍රහ්මණ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :-මදාරා මලක් කුඩයක් කර බුදුන්ට පිදීම

18)ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- රත්කරව්
• නුවර :- සරණ
• මව :- සුනන්දා
• පියා :- සරණ රජ
• දේවිය :- විචිතෝලි
• පුතා :- පුඤ්ඤවඩ්ඩබ
• පටන් වීර්යය :- සති 1ක්
• අග්‍ර උපස්තායකයින් :- සුභද්ධ-කටීසභ
• අග්‍ර උපාස්තායිකාවන් :- සාලියා-චලියා
• අග්‍ර ශ්‍රාවකයෝ :- පදුම-ඵුස්සදේව
• අග්‍ර ශ්‍රවිකාවෝ :- ඛේමා-සබ්බකාමා
• උපස්තායක :- සුනෙත්ත
• කිරි පිඩු පූජාකළ අය :- විචීකෝලි බිසව
• කුස තණ පූජාකළ අය :- සිරිවඩ්ඪන උයන්පල්ලා
• වාහනය :- සුදසුන් පහස
• මංගල දම් දෙසුම පැවති තැන :- මිගදාය උයන
• ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි
• පිරිනිවන් පෑ තැන :- කේසාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :-සක්දෙව් රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- දිව්‍ය තූර්‍යය පූජා කිරීම

19)සිද්ධත්ත බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- කිණිහිරිය
• නුවර :- වේහාර
• මව :- සුඵස්සා
• පියා :- උදේන රජ
• දේවිය :- සුමනා
• පුතා :- අනුපම
• පටන් වීර්යය :- මාස10ක්
• අග්‍ර උපස්තායකයින් :- සුප්පිය-සුමුද්ධ
• අග්‍ර උපාස්තායිකාවන් :- රම්මා-සුරම්මා
• අග්‍ර ශ්‍රාවකයෝ :- සම්බල-සුමිත්ත
• අග්‍ර ශ්‍රවිකාවෝ :- සීවලා-සුරාමා
• උපස්තායක :- රේවත
• කිරි පිඩු පූජාකළ අය :-සුනික්කා බැමිණිය
• කුස තණ පූජාකළ අය :- වරුණ යවපල්ලා
• වාහනය :- රන්සිවි ගෙය
• මංගල දම් දෙසුම පැවති තැන :- මිගදාය උයන
• ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි
• පිරිනිවන් පෑ තැන :- අනෝමාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- මංගල බ්‍රහ්මණ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- බුදු පාමොක් සගනට දඹ වලදවීම

20)තිස්ස බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- කොහොඹ(පියා)
• නුවර :- ඛේමක
• මව :- පදුමා
• පියා :- ජනසන්ධ රජ
• දේවිය :- සුභද්‍රා
• පුතා :- ආනන්ද
• පටන් වීර්යය :- මාස 8ක්
• අග්‍ර උපස්තායකයින් :- සම්බල-සිරි
• අග්‍ර උපාස්තායිකාවන් :- කිසාගෝතමී-උපසේනා
• අග්‍ර ශ්‍රාවකයෝ :- බ්‍රහ්මදේව-උදය
• අග්‍ර ශ්‍රවිකාවෝ :- ඵුස්සා-සුදත්තා
• උපස්තායක :- සුමංගල
• කිරි පිඩු පූජාකළ අය :- වීර සිටුගේ දුව
• කුස තණ පූජාකළ අය :- පිත සංගාම යවපල්ලා
• වාහනය :- අශ්වයා
• මංගල දම් දෙසුම පැවති තැන :- යසවතී වනය
• ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි
• පිරිනිවන් පෑ තැන :- නන්දාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- සුජාත රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- රුවන් කරඩුවක ලා දිව්‍ය පුෂ්පයෙන් පිදීම

21)ඵුස්ස බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- නෙල්ලි(ඈඹුල)
• නුවර :- කාසි
• මව :- සිරිමා
• පියා :- ජයසේන රජ
• දේවිය :- කිසාගෝතමී
• පුතා :- අනුපම
• පටන් වීර්යය :- මාස 6ක්
• අග්‍ර උපස්තායකයින් :- ධනඤ්ජය-විශාඛ
• අග්‍ර උපාස්තායිකාවන් :- පදුමා-නාගා
• අග්‍ර ශ්‍රාවකයෝ :- සුරක්ඛිත-ධර්මසේන
• අග්‍ර ශ්‍රවිකාවෝ :- සාලා-උපසාලා
• උපස්තායක :- සභිය
• කිරි පිඩු පූජාකළ අය :- සිරිවඩ්ඩන සිටුදුව
• කුස තණ පූජාකළ අය :- සිරිවඩ්ඪන තාපස
• වාහනය :- ඇතා
• මංගල දම් දෙසුම පැවති තැන :- මිගදාය
• ජීවිත කාලය අවුරුදු :-අනූදහසක්
• පිරිනිවන් පෑ තැන :- සේතාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- විජිතාවි රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- මහ දන්දී මහණ වීම

22)විපස්සී බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- පලොල්
• නුවර :- බන්දුමතී
• මව :- බන්දුමතී
• පියා :- බන්ධුමත්තු රජ
• දේවිය :- සුතනා
• පුතා :- සමවත්තඛන්ධ
• පටන් වීර්යය :- මාස 8ක්
• අග්‍ර උපස්තායකයින් :- පුසබ්බසුමිත්ත-නාග
• අග්‍ර උපාස්තායිකාවන් :- සිරිමා-උත්තරා
• අග්‍ර ශ්‍රාවකයෝ :- ඛණ්ඩ-තිස්ස
• අග්‍ර ශ්‍රවිකාවෝ :- චන්ද්‍රා-චන්ද්‍රමිත්තා
• උපස්තායක :- අශෝක
• කිරි පිඩු පූජාකළ අය :- සුර්ශනා සිටුදුව
• කුස තණ පූජාකළ අය :- සුජාත යවපල්ලා
• මංගල දම් දෙසුම පැවති තැන :- මිගදාය නගරය
• ජීවිත කාලය අවුරුදු :- අසූදහසකි
• පිරිනිවන් පෑ තැන :- සුමිත්තාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- අතුල නි රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- සතියක් දන්දී සත්රුවන් පුටුවක් පිදීම

23)සිඛී බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- ඇටඹ
• නුවර :- අරුණවතී
• මව :- ප්‍රභාවතී
• පියා :- අරුණවත්තු රජ
• දේවිය :- සබ්භකාමා
• පුතා :- අතුල
• පටන් වීර්යය :- මාස 8ක්
• අග්‍ර උපස්තායකයින් :- සිරිවඩ්ඪ-නන්ද
• අග්‍ර උපාස්තායිකාවන් :- චිත්තා-සුගුත්තා
• අග්‍ර ශ්‍රාවකයෝ :- අභිතු-සම්භව
• අග්‍ර ශ්‍රවිකාවෝ :- මඛිලා-පදුමා
• උපස්තායක :- ඛේමංකර
• කිරි පිඩු පූජාකළ අය :- ප්‍රියදර්ශනා සිටුදුව
• කුස තණ පූජාකළ අය :- අනෝමදස්සි තාපස
• වාහනය :- ඇතා
• මංගල දම් දෙසුම පැවති තැන :- මිගදාය
• ජීවිත කාලය අවුරුදු :- හැත්තෑ දහසකි
• පිරිනිවන් පෑ තැන :- දුස්ස ආරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- අරින්දම රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- බුදු පාමොක් මහ සගනට ඇතෙකු පිදීම

24)වෙස්සභූ බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- සල්
• නුවර :- අනුපම
• මව :- යසවතී
• පියා :- සුප්පකිත රජ
• දේවිය :- සුවින්තා
• පුතා :- සුප්පබුද්ධ
• පටන් වීර්යය :- මාස 6ක්
• අග්‍ර උපස්තායකයින් :- සෝත්ථිය-රම්ම
• අග්‍ර උපාස්තායිකාවන් :- ගෝතමී-සිරිමා
• අග්‍ර ශ්‍රාවකයෝ :- සෝණ-උත්තර
• අග්‍ර ශ්‍රවිකාවෝ :- දූමා-සාමාල
• උපස්තායක :- උපශාන්ත
• කිරි පිඩු පූජාකළ අය :- සිරිවඩ්ඩන නා දුව
• කුස තණ පූජාකළ අය :- නාරින්ද යවපල්ලා
• වාහනය :- රන්සිව්ගෙය
• මංගල දම් දෙසුම පැවති තැන :- අරුණ ආරාමය
• ජීවිත කාලය අවුරුදු :- හැට දහසකි
• පිරිනිවන් පෑ තැන :- ඛේමා ආරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- සුදර්ශන රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- මහ දන්දී ගද කිලියක් හා විහාර දහසක් කරවීම.

25)කකුසද බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- මාර
• නුවර :- ඛේම
• මව :- විසාඛා
• පියා :- බෙම රජ
• දේවිය :- විරෝවමාතා
• පුතා :- උත්තර
• පටන් වීර්යය :- මාස10ක්
• අග්‍ර උපස්තායකයින් :- අච්චුත-සුමන
• අග්‍ර උපාස්තායිකාවන් :- නන්දා-සුනන්දා
• අග්‍ර ශ්‍රාවකයෝ :- විදුර-සංජීව
• අග්‍ර ශ්‍රවිකාවෝ :- සාමා-චම්පා
• උපස්තායක :- බුඩජ
• කිරි පිඩු පූජාකළ අය :- වජිරින්ද බමණු දුව
• කුස තණ පූජාකළ අය :- සුභද්‍ර යවපල්ලා
• මංගල දම් දෙසුම පැවති තැන :- මිගදාය
• ජීවිත කාලය අවුරුදු :- හතලිස් දහසක්
• පිරිනිවන් පෑ තැන :- ඛේමා ආරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- ඛේම රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- සිවුරු පිරිකර පූජා කිරීම

26)කෝණාගම බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- දිඹුල්
• නුවර :- සෝනවතී
• මව :- උත්තරා
• පියා :- යඤ්ඤදත්ත
• දේවිය :- රුචිගත්තා
• පුතා :- සත්ථවාහ
• පටන් වීර්යය :- මාස 6ක්
• අග්‍ර උපස්තායකයින් :- උග්ග-සෝමදේව
• අග්‍ර උපාස්තායිකාවන් :- සීවලා-සාමා
• අග්‍ර ශ්‍රාවකයෝ :- හිය්‍යස-උත්තර
• අග්‍ර ශ්‍රවිකාවෝ :- සමුද්‍රා-උත්තරා
• උපස්තායක :- සොත්තිජ
• කිරි පිඩු පූජාකළ අය :- අග්ගිසෙත බමුණු දුව
• කුස තණ පූජාකළ අය :- තීන්දුක යවපල්ලා
• වාහනය :- ඇතා
• මංගල දම් දෙසුම පැවති තැන :- මිගදාය
• ජීවිත කාලය අවුරුදු :- තිස් දහසකි
• පිරිනිවන් පෑ තැන :- පබ්බතාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- පබ්බත රජ
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- වස් තුන් මස දන්දීම

27)කාශ්‍යප බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- නුග
• නුවර :- බාරානසී
• මව :- ධනවතී
• පියා :- බ්‍රහ්මදත්ත රජ
• දේවිය :- සුනන්දා
• පුතා :- විජිතසේන
• පටන් වීර්යය :- සති 1ක්
• අග්‍ර උපස්තායකයින් :- සුමංගල-ඝටීකාර
• අග්‍ර උපාස්තායිකාවන් :- විජිතසේනා-භද්‍රා
• අග්‍ර ශ්‍රාවකයෝ :- තිස්ස-භාරද්වාජ
• අග්‍ර ශ්‍රවිකාවෝ :- අනුලා-උරුවෙලා
• උපස්තායක :- සබ්බචිත්‍ත
• කිරි පිඩු පූජාකළ අය :- සුනන්ද බැමිණිය
• කුස තණ පූජාකළ අය :- සෝම යවපල්ලා
• වාහනය :- මාලිගාව
• මංගල දම් දෙසුම පැවති තැන :- මිගදාය
• ජීවිත කාලය අවුරුදු :- විසි දහසකි
• පිරිනිවන් පෑ තැන :- සේවතවයාරාමය
• එකල ගෞතම බෝසතුන්ගේ නම :- ජෝතිපාල මානවක
• ගෞතම බෝසතුන් එකල කල ප්‍රධාන පිංකම :- බ්‍රහ්මණ වත් පිලිවෙත් කිරීම

28)ගෞතම බුදුරජාණන් වහන්සේ.

• බෝධිය :- ඇසතු
• නුවර :- කපිලවත්ථු
• මව :- මහමායා
• පියා :- සුද්ධෝධන රජ
• දේවිය :- යසෝදරා
• පුතා :- රාහුල
• පටන් වීර්යය :- වර්ෂ 6ක්
• අග්‍ර උපස්තායකයින් :- චිත්ත-හත්ථාලවක
• අග්‍ර උපාස්තායිකාවන් :- නන්දමාතා-උත්තරා
• අග්‍ර ශ්‍රාවකයෝ :- සැරියුත්-මුගලන්
• අග්‍ර ශ්‍රවිකාවෝ :- ඛේමා-උප්පලවන්නා
• උපස්තායක :- ආනන්ද
• කිරි පිඩු පූජාකළ අය :- සුජාතා සිටුදුව
• කුස තණ පූජාකළ අය :- සොත්තිය බමුණා
• වාහනය :- කන්ථක අශ්වයා
• මංගල දම් දෙසුම පැවති තැන :- මිගදාය
• ජීවිත කාලය අවුරුදු :- අසූවකි
• පිරිනිවන් පෑ තැන :- කුසිනාරා නුවර

මතුවට බුදුබව ලබන්නේ මතු පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේය.