කල්ප තිහක් සැප විපාක ලැබෙන කඨින පිංකම්.
සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක් ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇති උත්තරීතර වචනයකි. එතරම් ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය වන්නට හේතුකාරණාවක් ඇත. කඨින චීවරයක් මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨින…