බුදුන් වහන්සේගේ සමයේ දී එක්තරා රහතන් වහන්සේ නමක් රහත් වී සිංහනාද කර පවසන්නේ;
උන්වහන්සේ බුදුන්ගෙන් කමටහන් ගෙන අමු සොහොනක,එදා මළ ස්ත්‍රියකගේ විරූපී වී ගිය ශරීරයක් දෙස බලා භාවනා කිරීමට උත්සාහ කරත් කාම සිතුවිලි එම මළ ස්ත්‍රිය කෙරෙහි ද සකස් වූ නිසා ඉන් ඉවත්ව ගොස් කාමයේ තුච්ඡ බව අරමුණු කිරීමෙන් උතුම් රහත් ඵලය ලැබූ බවයි.
මින් ගම්‍ය වන්නේ ස්ත්‍රියකගේ මළසිරුරක් වුවත් කාමයන් සකස් කරන මෙවලමක් බවයි.
මෙය තවදුරටත් ගම්‍ය වන්නේ වර්තමානයේ සමහර මල් ශාලා වල රුපියල්වලින්,සුළු මුදලට කාන්තා මළ සිරුරු ලිංගික ආශ්වාදය උදෙසා කාමාතුරයන්ට විකිණීම සුලබ වීම මගිනි.
එක්තරා ධනවත් පුද්ගලයෙකු ජීවත්ව සිටි කාලයේ මුල් තැන දුන්නේ රාගයට හා කාමයටයි.
දෙවන තැන දුන්නේ ව්‍යාපාරයටයි තුන්වෙනි තැන දුන්නේ පින්කම් වලටයි.
ඔහු සිල්පද බිඳිමින් පින්කම් කලා.නමුත් පින්කම් කලෙත් කාමච්ඡන්දයන් වැඩෙන ලෙසටයි.විවාහයන් පවා ගණනාවක් මේ කම් සැපයට ඇති ලොල් බව නිසාම කරගත්තා.
මොහු ඊළඟ භවයේ ස්ත්‍රිත්වයක් ලබා ගැහැණු දරුවෙක් වී උත්පත්තිය ලබා තිබෙනවා.
කාමයේ වරදවා හැසිරීම එතරම් ඉක්මනින් විපාක දීමට තරම් වූ බලවත් අකුසලයක්.
මෙහි භයානක බව ස්ත්‍රී උපත නොවේ.පෙර අකුසල්,විපාකයට පැමිණීම නිසා කුඩා කාලයේදීම දූෂණ හිරිහැරයට ලක්වීම,
විවාහ වුවත් එම විවාහ අසාර්ථක වීම හා මේ අයුරින් විවාහ කිහිපයක් කරගෙන අවසානයේ ගණිකාවක් බවට පත්වීමට එම ස්ත්‍රියට සිදුවේ.
තවදුරටත් කිව හොත්, ළමා ගණිකාවක් ලෙස කුඩා කාලයේදීම අස්වාභාවික ලිංගික අවශ්‍යතා මතුවේ.කාමයට අදාල ක්‍රියාවන්ට යොමු වන්නේද මෙවැනි පෙර භවයන් වල පුරුෂයන් බවට පත්වී කාමයට ලොල් වී කාමයේ වරදවා හැසිරෙන අයයි.
තුන් වන භවයේ එලෙස නිරයගාමී වී අනේක දුක් වේදනාවන්ට ගොදුරු වීමට ඔවුන්ට සිදුවේ.කාමය වරදවා හැසිරීම නිසා ඔවුන් අතින් අනෙක් සිල්පද බිඳීම ද සිදුවේ.
මෙයින් ඔවුන් සතර අපායට වැටී කල්ප ගණන් දුක් විඳීම කාටවත් නතර කළ නොහැක.
එය සංස්කාරයක ඵලයක්මයි.
කර්මය කර්ම ඵලය කැඩපතක් බඳුය.
ළමා කාලයේදීම දූෂණ වලට ලක්වී අනේක දුක් වේදනා විඳ මිය යාමට සිදු වන්නේත් මෙවැනිම අකුසල කර්මවල විපාක ලෙසටයි.එලෙසම එම දරුවා දූෂණයට ලක් කළ කාමාතුරයන්ද අලුතෙන් අකුසල් කර්ම රැස්කර ගැනීම හේතුවෙන් නිරයට පාර කපා ගනී.
එසේ නම් අප සිතට ගත යුත්තේ රජයවත් පුද්ගලයන් වත් විවේචනය කිරීම නොව,සිල් පද පහ තුළ සුරක්ෂිත භාවයට පත්වීමත් සංස්කාර වල කටුක බාවය දැක සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති කර ගැනීමත්ය.
සම්පාදනය:-මහ රහතුන් වැඩි මග ඔස්සේ ධර්මය දේශනා කරන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරෙන් දහම් මග අපි විසිනි.
තෙරුවන් සරණයි…!!!