ඔබ ඇසුණ, දැකුණ, දැනුණ තැන නැවතුණු බුදුපියාණන්ගෙම දරුවෙක්මය.
අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්සයක්ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්, ඔබේ දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් ‘මට අනාගතයේදී මෙවැනි දේ දකින්නට ලැබේවා, අසන්නට ලැබේවා, මට අනාගතයේ මෙවැනි මටසිලුටු දැනීම් ලැබේවා’ කියලා ඔබ යම් බලාපොරොත්තුවක් ඇතිකර ගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍ය වේද, අනිත්‍ය වෙයිද? අතීතයේ, වර්තමානයේ…