සැබෑ මිතුරා හඳුනා ගැනීම.
පිංවත, වර්තමාන පංචඋපාදානස්කන්ධ ලෝකයේ ”ස්වභාව ධර්මය’’ හොඳටෝ ම කිපිලා. ස්වභාව ධර්මය කිපීමෙන් කැළඹුන ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ගංවතුරක් සේ පිංවත් මනුෂ්‍ය සන්තාන තුළින් දෝරෙ ගලාගෙන යනවා. මිච්චා සංකප්පයන්ගේ මහා වැසි දැන් දැන් අකාලයේත් වහිනවා. මිච්චා සංකප්පයන්ගේ මහා වැසිවලට හසු වී ශීලයේ සුදු සිල්රෙදි කිලිටි වී යන්නේ, හරිම අවාසනාවන්ත විදිහට. පිංවත් මනුෂ්‍ය ජීවිත තුළින් ශීලයේ සුදු…