මරණසතිය නිවනේ අමෘතයයි.

මරණානුස්සති භාවනාව ‘අමෘත’ නම් වූ නිවන් සුවය දක්වාම ගෙනයන භාවනා කමටහනකි. මරණ සතිය වැඩීමේ ඉතාම හොඳ ක්‍රමය නම්, එය අපේ ආශ්වාස – ප්‍රශ්වාස ක්‍රියාවලියේ රිද්මය අනුව පුරුදු පුහුණු කිරීම බව බුදුපියාණන් වහන්සේ වදාළහ. ‘ආශ්වාස – ප්‍රශ්වාස’ දෙකක් අතර මාගේ මරණය සිදුවිය හැකිය’ යනුවෙන් නිතර ගැඹුරින් මෙනෙහි කරන්නා අමා මහ නිවනට වහ වහා ළංවන බව බුදුපියාණෝ වදාළහ. ඒ මක්නිසාද?

අප සිහි කිරීමට ඉතාමත්ම අකැමති දෙය අපේ මරණයයි. එහෙත් අන්තිමේදී එය අපට සිහිවන වෙලාව වන විට අප ප්‍රමාදවුනා වැඩි බව හැඟෙයි. ‘මරණය’ දොරට තට්ටු කරන මොහොතේදී අප ඔහු පිළිගැනීමට කොහෙත්ම සුදානම් නැත. ඒ නිසා අපි අන්ද මන්දව බියට තැති ගැන්මට පත්වෙමු. කිසිම අස්වැසිල්ලක් නොමැතිව අප මෙලොව හැර යන්නේ සොවින් බර හදකිනි.

ඒ වෙනුවට අපි අපේ හුස්ම පමණටම මරණයත් දැන හැඳින ගන්නවා නම්, මරණයේ අනිවාර්‍ය ළංවීම අපේ ඔරලෝසුවේ ‘ටික් ටික්’ හඩ මෙන් ඇසෙන්නේ නම්, ඔහු පැමිණෙන විට පිළිගැනීමට අපි වඩාත් සුදානම්ව සිටින්නෙමු. එසේ වෙතොත් ලොව හැරයන මොහොත පැමිණි විට, අපට වඩාත් සැහැල්ලුවෙන්, සැහැල්ලු හදකින්, ඒ ගමන යාහැකි වනු ඇත.

අතිපූජනීය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.