බත් පත දෑතට ගත්විට පළමුව සිහිවන්නේ.

බත් පත දෑතට ගත් විට, පළමුව සිහියට නැගෙන්නේ,

ලොව වැඩ සිටින්නා වූ සියලු පූජනීය අප ස්වාමීන් වහන්සේලාගේ හා දස සිල් මෑණිවරුන් වහන්සේලාගේ කුසගිනි සන්සිඳී ඇත් ඇද්දැයි කියාය.

උතුම් සීවලී මහරහතාණන් වහන්සේ මේ උතුම් ගෞතම බුදු සසුන තුළ සිව්පසය ලාභීන්ගෙන් අග්‍ර වූහ.

එය සත්‍යයකි.

ඒ සත්‍යයානුභාව බලයෙන්, සියලු පූජනීය ස්වාමීන් වහන්සේලාට හා දස සිල් මෑණිවරුන් වහන්සේලාට සිව්පසයේ කිසිඳු අඩුවක් පාඩුවක් නොම වේවා..!

එසේම, මා ලද බත් පතින් මාගේ කුසගිනි නිවී ගියද, මෙලොව තව කීදෙනෙකු කුසට අහරක් නැතිව සා ගින්දරෙන් පීඩා විඳිනවා ඇතිද?

මාගේ කුසගිනි නිවෙනවා මෙන්ම, ඔවුන්ගේද කුසගිනි සන්සිඳේවා..!

මේ තරමක අසීරු කාලයේදී උත්තම සංඝරත්නය, දස සිල් මෑණිවරුන් වහන්සේලා උදෙසා දානය ලැබීමේ අඩුපාඩු ඇත්දැයි සොයා බලා අප අපට ඇති හැකි පමණින් පූජා කර අනන්ත වූ පින් සපුරා ගනිමු.

උන්වහන්සේලා මේ උතුම් ශ්‍රී සද්ධර්මය දරා මේ දෙරණ මත බොහෝ කල් අපටත් වඩා සුවසේම වැඩ සිටිය යුතුමය.

ඒවාගේම අපට තියෙන යමකින් මදක් හෝ අසරණව සිටිනා කාට හෝ දන් දෙමු.

ඔබ එය පාරිභෝජනය කිරීමෙන් ලබන දෙයට වඩා වැඩි ලාභයක්, සොම්නසක් ලැබේවි.

එය මේ කටුක සසර ගමනට මනා වූ මඟ වියදමක්ම වනු ඇත.

අනන්ත වූ දුක්, පීඩා, විඳවීම්, රුදුරු සංසාර මංපෙතෙන් සදහටම සමුගෙන, උතුම් වූ නිවනින් සැනසෙන්නට මෙය පාරමිතාවක් වේවා..!

තෙරැවන් සරණයි..!

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.