සම්මා සම්බුදු අසිරිය සැවැත්නුවර පුරා පැතිර තිබුණේය. උන්වහන්සේගේ මහා කරුණාවෙන් බොහෝ අයගේ සිත්වල තිබූ දුක්‌ගිනි දැල් නිවී ගියේය. ඒ තිලොවග මිනිඳු ගුණ අසිරිසිරි සරයෙන් සිත් සතන් සනස්‌වා ගත් මිනිසුන් ඒ සැවැත්නුවර ඡේතවනාරාමය වෙත පිය මැන්නේ සැඳෑ කාලයේය. ඉරමඬල හෙමි හෙමින් බැස යද්දී සැඳෑවෙහි අහස් කුස රන්වන් පැහැය හා මුසුවූ සුරත්
පැහැයෙන් බබළන්නට විය. මහා කරුණ නිධාන වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාතුන් සිවුරුවල පැහැයත් අනේ මෙවැනිම නොවේදැයි ඒ අහස දුටු ඇතැම් සැදැහැතියෝ සිතූහ.
සවස් කාලය ළංවෙත්ම වැඩිහිsටියෝ මේ හැම තැන්වලට පැමිණ මෙකී එක් එක් මල් ඇති තරම් නෙළා ගත්හ. ඔවුන් නෙළා දුන් ඕලු, නෙළුම් හා මනෙල් මල් පුංචි හුරතල් දරු දැරියෝ එක්‌ව
පරෙස්‌සමින් මිටි බැඳ කෑරටුවෙන් කළ කූඩවලට දමාගත්හ. එයින් ඉක්‌බිති ඔවුහු ඒ මල්ද ගෙන ඇඳිරි වැටෙන්නට පෙර ගෙවල්වලට පියමනිති. පසුව ඇඟ හා මුහුණ කට සෝදාගෙන සුදුවතින්
සැරසෙන ඔවුහු ඊළඟට වෙල් නියර දිගේ මල්ද රැගෙන පෙරහැරක් සේ
පියමනින්නේ සැවැත්නුවර ඒ අසිරිමත් මහ බණ ගෙදර වූ ඡේතවනාරාමයටය. එහි වැඩ වසන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට එක් මලක් හෝ පූජා කරගන්නට ලැබෙතොත් එය කොතෙක් නම් වූ භාග්‍යයක්‌ද? මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා එයින් ලැබෙන පිනෙන් අග්‍ර රූප සම්පත්තියක් ලබා ඉපදෙන්නට ද පිළිවන.
බුදුපියාණන් වහන්සේ ඡේතවනාරාමයෙහි වැඩ විසූ සේක. උන්වහන්සේගේ බුදු මුවින් වැගිර ගලා ගිය සදහම් අමා දිය දහර සැවැත් පුරවරයෙහි සෑම තැනක්‌ම තෙත් කරමින් ගලා ගියේය. ඒ සදහම් දිය දහරෙහි තෙමුණු පිනැතියෝ ජීවිතයේ ඇත්තම යථාර්ථය දුටුවෝය. ලෝකයේ ඇති ඇත්තම ඇත්ත කුමක්‌දැයි යන්නද වටහා ගත්තෝය. එහෙත් මිසදිටු සිතැඟිවලින් හා පාපයන්ගෙන් පමණක් සිතා වසා ගත්තෝ තව තවත් පුරවා ගත්තේ ජීවිතය හා බැඳුණු පව් පොතම පමණෙකි. බුදුපියාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ සම්බුද්ධ චීවරය ළඟ සිටියත් ඔවුන්ට පිනක හෝ කුසලයක බිංදු මාත්‍රයක්‌වත් රැස්‌කර ගැන්මට නම් සිත් නොදුණි. මේ පිරිසද එබඳු පිරිසක් වූහ. මිසදිටු සිතිවිලිවලින් ඔවුහු සදාකාලිකවම අන්ධවී සිටියහ. මළවුන් පිදීම හා ඔවුන් වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම ඔවුන්ගේ මූලික සිරිතක් විය. එමගින් මියගිය තම ඥතීන්ගේ ආත්ම සුවපත් වනු ඇතැයි ඔවුහු දැඩිලෙස විශ්වාස කළහ. ඒ සඳහා ඔවුහු දහස් ගණනින් සත්තු මැරූහ. එසේ මරා ගින්නට දැමූහ. මෙය ඡේතවනාරාමයෙහි වැඩ විසූ භික්‌ෂුන් වහන්සේලාටද දැනගැනීමට ලැබිණි. උන්වහන්සේලා ඒ පිළිබඳ බොහෝ සංවේගයට පත්වූහ. සංවේගයට පත්වූ උන්වහන්සේලා මේ ගැන බුදුරජාණන් වහන්සේ වෙතද කරුණු සැළකළහ.
“ස්‌වාමීනි, භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්ස, සැවැත්නුවර සිටින මිසදිටු අන්‍යාගමිකයන් බොහෝ සතුන් මරා මියගිය ඥතීන් වෙනුවෙන් පූජා පවත්වනවා. අහිංසක සතුන්ට වධ වේදනා දී ඔවුන් ඝාතනය කර මේ පවත්වන පූජාවලින් කුසලයක් සිදුවෙනවාද? එසේත් නැතිනම් එහි තවත් කිසියම් බලයක් තිබෙනවාද? ස්‌වාමීනි, අපට පවසා වදාළ මැනවැයි භික්‌ෂුන් වහන්සේ ආයාචනා කළහ.
“පින්වත් මහණෙනි, මෙසේ සතුන් මරා සිදුකරන යාගයන්ගෙන් අනන්ත අප්‍රමාණ දුඃ�ත කර්ම විපාකම ලැබෙනවා. ඒ හැර ඒවා කරන්නන්ට හෝ කරවන්නන්ට එයින් ලැබෙන කිසිම ශාන්තියක් නැහැ” යි බුදුරජාණන් වහන්සේ පවසා වදාළහ. කර්ම විෂයය හා බැඳුණු මේ යථාර්ථය එදත්, අදත් හා අනාගතයටත් පොදුවූ සදාකාලික යථාර්ථය යෑයි පවසා වදාළ බුදුරජාණන් වහන්සේ ඊට අදාළ වූ අතීත කතාවක්‌ද දේශනා කළහ.
එය බරණැස්‌නුවර මහ බඹදත් රජතුමා රජකම් කළ කාලය වූවේය. එකල මුළු බරණැස් පුරවරය පුරාවෙහිම පැතිර තිබුණේ මිත්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණ ඇදහීම්ය. ඒ කාලයේද මියගිය අයගේ ආත්ම සුවපත් කිරීම සඳහා බොහෝ සතුන් මරා ගින්නට දමනු ලැබීය. එක් දිනෙක මෙසේ මරණයට පත් කිරීම සඳහා බ්‍රාහ්මණයෙක් එළුවකු ගෙන්වා ගත්තේය. ගෙන්වා ගත් එළුවා මුලින්ම නහවා සරසා ගං තෙරෙහි සිටවීය. ගුළු ගුළු හඬින් ගඟ දිය හෙමින් හෙමින් ගලා බැස්‌සේය. මුළු පරිසරයම මහා මූසල බවක වෙළිණි. වටපිටාවෙහි එතෙක් වූ එහෙත් දැන් නැවතුණු කුරුලු කූජනය සැඟවී ගියේ කොතැනකද? එය කිසිවකුත් නොදත්හ. ගංගා තීරයෙහි සිටගෙන සිටින එළුවාගේ සිතට පෙර කවරදාකවත් ඇති නොවූ විරූ
ආකාරයේ මහා ශෝකයක් හා දුකක් දැනිණ. ඌ තෙරක් නොපෙනෙන ගංගා තීරයෙන් ඈත ගල් කුළු දෙස බලා කල්පනා කරමින් සිටියේය. එලෙස ගැඹුරු කල්පනාවෙක යෙදී සිටින එළුවාට එක්‌වරම පෙර ආත්ම දක්‌නා නුවණ ලැබුණේය. එළුවා මේ සිදුවන්නට යන්නේ කුමක්‌දැයි විමසා බැලුවේය. එහිදී පෙනුණු දෙයින් ඌ තැති ගත්තේය. තව නොබෝ වේලාවකින් තමාට පල දෙන්නට යන්නේ පෙර කරන ලද මහා අකුසල කර්මයක විපාකයකි.
මුලින් තැති ගැන්මක් හා දුකක් මෙන්ම බයක් දැනුණද ඊළඟ
මොහොතේ එළුවා එයින් සතුටට පත් විය. ඒ අනෙකක් නිසා නොවේ. පෙර තමා බරපතළ අකුසල කර්මයක් සිදුකර තිබෙන බව ඌට පෙනුණේය. එම අකුසල කර්මයේ දුකින් තමන් අද සදාකාලයටම අත මිදෙන්නේ යෑයි පෙනුණු බැවින් එළුවාට ඉමහත් සොම්නසක් ඇතිවිය. ඒ අප්‍රමාණ සොම්නස නිසාම ඌ කළයක් බිඳින ආකාරයෙන සතුටු සිත් ඇතිව සිනා පහළ කළේය.
එයින් පසුව එළුවාගේ හිතට ලොකු දුකක් දැනිණි. ඒ දුක වාවාගත නොහැකිවූ එළුවා කඳුළු සලා ඉකිබිඳ හැŽය. එළුවා ඝාතනය කිරීමට සැරසුණු සේවකයෝ මේ බව බමුණු පූජකයාට දැන්වූහ. එළුවා බමුණා වෙත ගෙන යන ලදී. බමුණා එළුවාගෙන් එයට හේතුව කුමක්‌දැයි ඇසුවේය.
zzබමුණානෙනි, මට අද මේ පළදෙන්නට යන්නේ මා දුර ඈත අතීත ආත්මභාවයකදී සිදුකළ ලොකු පාපකර්මයක ප්‍රතිවිපාකයක්. ඔබේ අණෙන් මා හට ලබාදෙන දුඃ�ත මරණය නිසා මා ඒ විපතින් අදින් පසු සදාකාලයටම අත මිදෙනවා. එයින් උපන් සංතුෂ්ටිය නිසා මා සිනා පහළ කළා. ඒත් ඔබ මා මරා දැමීමෙන් එවැනිම කර්ම විපාකයකට මංපෙත එළි පෙහෙළි කර ගන්නවා. එයින් ඔබ පිළිබඳ මගේ හිතට දුකක් දැනුණා. ඒ දුකින් මා හඬා වැටුණාZ යි එළුවා කීවේය. බමුණාට එළුවා කෙරෙහි මහත්වූ අනුකම්පාවක් මෙන්ම ආදරයක් ද ඇතිවීය. ඒ අනුව එළුවා වහා නිදහස් කරන ලෙසත්, එතැන් පටන් උගේ ජීවිතය ආරක්‌ෂා කරන ලෙසත්, බමුණා සේවකයන්ට උපදෙස් දුන්නේය. එහෙත් එයින් කිසිදු පලක් නොවීය. තමා පෙරදී කළ පාපකර්මයේ ප්‍රතිවිපාකය, කුමන අයුරකින් හෝ තමා වෙත මරණය උදාකරන්නට දත් විලිස්‌සාගෙන සූදානම්වී සිsටිනු එළුවා දුටුවේය. බමුණ ඔබ මට ජීවිතය ලබාදුන්නත් කිසි විටෙකත් මේ කර්ම විපාකයෙන් බේරී යැමට මා හට ඉඩ ලැබෙන්නේ නෑ. එය ඒකාන්තවූ මරණයක්ZZයි එළුවා කීවේය.
ගංගා තීරයෙන් මඳක් ඔබ්බට වන්නට පිහිටි මේ බිම් තීරය චමත්කාරජනක පාරිසරික නිමැවුමක් වූයේය. එහි බිම සෑම තැනෙකම තණපඳුරු සරු සාර ලෙස වැවී තිබිණි. ගං තෙර ආශ්‍රිත පරිසරයේ සීතලය පමණක් නොව එයට නිතර ඇද වැටෙන වැස්‌ද බෙහෙවින්ද බලපෑවේය. බමුණා විසින් අභය දානය දෙනු ලැබූ එළුවා සේවකයෝ ඒ තණ බිමට මුදා හළහ. එළුවා එහි සරුසාර ලෙස වැඩුණු තණකොළ කෑමට පටන් ගත්තේය. එය මද්දහනය නොවීය. දවස හෙමි හෙමින් ගෙවී ගොස් සැන්ඳෑ කාලය උදාවීමට පටන්ගෙන තිබිණි. හැමදාමත් ගං තෙරට වැසි වැටුණේ උදේ කාලයේ හෝ මද්දහනයේ නොවේ. රාස්‌සියේ අව්ව වැටී ගොම්මන් අඳුර ගලා හැලෙන්නට පටන් ගනිද්දීය.
එඅයුරින්ම මෙදිනද අහස කළු විය. මුළු පරිසරයම අඳුරු පැහැ ගැන්වුණේය. හෝ හෝ ගා සුළං හමන්නට පටන් ගත්තේය. ඊතල මෙන් මහ වැස්‌සක් පොළොවට වැටෙන්නට පටන් ගති. නිරන්තරයෙන් විදුලි එළිය පැතිරුණු අතර හෙණ හඬින් මුළු ලෝකයම කැළඹුණාක් මෙන් වීය. එක්‌වරම මහ හෙණයක් පිපුරුවේය. පිපුරුණු හෙණය ගොස් වැදුණේ තණ බිමෙහිවූ මහ ගල් කුළෙහිය. ගල් කුළෙහි කොටසක් හෙණ පහරින් සුනුවිසුණු විය. එයින් බිඳී විසිවී ආ තියුණු ගල් පතුරක් තණ කමින් සිටි එළුවාගේ ගෙළෙහි වැදුණේය. එයින් ගෙල කැපී වෙන්වුණු එළුවා තණබිම මතම වැටී අවසන් හුස්‌ම හෙළුවේය.
සංසාරය හා සංසාර ගමන සත්ත්වයින්ට කිසිසේත්ම සුදුසු තැනක් නොවේ. සත්වයාට සුදුසු තැන වන්නේ නිර්වාණයයි. ඒ අමා මහ නිවනෙන් මෙපිට වූ සංසාරය අතිශයින්ම භයානක වූ තාවකාලික නවාතැන්පලකි. එය කර්ම විපාකයන්ගෙන් පිරී ඉතිරී තිබේ. ඒවා කොයි මොහොතක හෝ සත්ත්වයා වෙත විපාක ලබාදීමට මාන බලමින් සිටී. අවස්‌ථාව ආ විගස වහා දුක් විපාක ලබාදේ. කොතෙක් කුසල කර්ම කළත් මෙබඳුවූ අකුසල විපාකයන් ජීවිතවලට ලැබෙන්නේමය. එය සම්මා සම්බුද්ධත්වයට පත්වූවත් වළක්‌වා ගැනීමට නොහැකිවූ යථාර්ථයකි. එහෙයින් ජීවිතයේ සෑම මොහොතකම කළ යුත්තේ සිහිකළ පමණින් සිනා මුසු මුහුණින් යුතුව විපාක විඳීමට හේතුවන යහපත් කුසල කර්මයන්ය.